ධීවර යාත‍්‍රාවක පිපිරීමක්.. 07ක් රෝහලට..

March 29, 2021 at 6:47 pm | lanka C news
ධීවර යාත‍්‍රාවක පිපිරීමක්.. 07ක් රෝහලට..

දික්ඕවිට ධීවර වරායේ තිබූ ට්‍රොලර් යාත‍්‍රාවක සිදුවූ පිපිරීමකින් හත් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

ඔවුන් දහවල් ආහාරය පිළියෙළ කරද්දී එහි ගෑස් ටැංකිය පිපිරීමෙන් මෙම ගින්න හටගෙන ඇතැයි ද සඳහන්ය.

රෝහල් ආරංචි මාර්ග පවසන්නේ තුවාල ලැබූවන් දෙදෙනකුගේ තත්ත්වය බරපතල බවයි.

ගින්න හේතුවෙන් යාත්‍රාවට දැඩි අලාභ හානි සිදුව ඇත.

5,870 views
Main News