ධුරයෙන් ඉල්ලා අස්වන බව මහ බැංකු අධිපති කියයි…

May 11, 2022 at 3:38 pm | lanka C news
ධුරයෙන් ඉල්ලා අස්වන බව මහ බැංකු අධිපති කියයි…

රට තුළ දේශපාලන ස්ථාවරත්වයක් ඇති නොවන්නේ නම් තමන් ධුරයෙන් ඉල්ලා අස්වන බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි.

අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියේය.

ආර්ථික අර්බුදවලින් ගොඩ ඒම සදහා රටේ නීතිය හා සාමය නිසි අයුරින් ක්‍රියාත්මක නොවීම අහිතකර ලෙස බලපාන බවත් හෙතෙම පැවසීය.

අද අගමැතිවරයෙක්, මුදල් ඇමතිවරයෙක් නැති, පාර්ලිමේන්තුව අක‍්‍රිය විධායක ජනාධිපතිවරයෙක් පමණක් සිටින අකර්මණ්‍ය වූ තත්ත්වයක් පවතින්නේ යයිද පැවසූ ඔහු හැකි ඉක්මණින් ස්ථාවර පාලන ක්‍රමයක් පත්කළ යුතු බවද සදහන් කලේය.

එවැනි ස්ථාවරත්වයක් කෙටි කලකින් ලබාගත නොහැකි නම් රට අරාජික වනු ඇති බවත් පැවසූ ඔහු තවත් දින කිහිපයක් මෙසේ පැවතියහොත් පැය 10ට වැඩි විදුලි කප්පාදුවක්, ඉන්ධන නොමැති වීමක් ඇතිවිය හැකි බවද කියා සිටියේය.

‘තව සතියක් දෙකක් මෙම අස්ථාවරභාවය තිබුණොත් මම මේ පුටුවේ ඉන්නේ නෑ’ යනුවෙන්ද ඔහු මෙහිදී පැවසීය.

66,211 views

31 Comments to “ධුරයෙන් ඉල්ලා අස්වන බව මහ බැංකු අධිපති කියයි…”

  1. NuwnJ says:

    හර්ෂ දාමු වැඩේ හරියට කරයි

  2. Banku Sudda says:

    Api aapahu Cabraal horawa pathkara gamu.

  3. Maxwe Mendis says:

    Adipathi thumani oba challenge baragattata vipakse inna sajithla anura kumarala me dawas Wala kiyanne Maxwell Mendis ge “Asaai bayayi e boatuwe namai” sinduwa

  4. චන්ද දායක says:

    කොහොමත් ආවෙ රාජපක්ෂ ආරාධනයකටනෙ. ප්ලෑන් වෙනස් වෙනවා. දාලා ගියත්, අපිට ඔය පුටුවට තව හොඳ අවංක දක්ෂ කට්ටිය ඉන්නවා ඔය වැඩේ ට.

    • සරෝජනී says:

      දෙපාරක් රාජපස්සලා මෙ මනුස්සයට ඕක දෙන්න දුන්නේ නෑ. එක පාරක් රනිල් ඒකම කරා. ඇයි ඒ ගැන මතක් උනේ නැත්ද. රෙද්දෙ රෙව්නට පස්සෙ තමා මේ මිනිහා මතක් උනේ. ඇවිල්ලා බාරගෙන ඔය ටිකක් හරි කරපු එක ග්ැැන සතුටුයි . කුහක සිතුවිලි

  5. කපෝතී ලංකා says:

    ලෝක දේශපාලනයේ අසූචි වල සිරි ලංකාවයි.
    අපරාදේ ඔබතුමන් ඕස්ට්‍රේලියානු සුරපුරයේ ඉදලා මෙහේ ආවේ. ආපහු යන්න
    දැන් ලංකාවේ අයට කරන්න ඉතිරි වෙලා තියෙන්නේ ලගම තියෙන කනත්තට ගිහින් වල කපා නිදාගෙන පස් දමා ගැනීම පමණයි

  6. කැපුවත් පොහොට්ටුවට says:

    තව අවුරුදු විසි පහකට පොහොට්ටුව ආන්ඩුව හොලවන්ඩ බෑ. හරියට මලබද්ධය හැදිලා වාගෙ. විසි හයකට බැරි ඇයි කියලා නං අහන්ඩ එපා මාත් දන්නෙ නෑ. සමහර විට එකපාරටම බඩ බුරුල් කරලා රෙද්දෙ රෙවෙන්ඩ පුලුවන් දැනුත් එහෙම උනාද ම්ංදා අප්පා….ඒත් පොහොට්ටුවට ජය නියතයි තව අවුරුදු සීයකට මහින්ද අගමැති. පුටානොට යි ලපයාටයි හුලං අරගල කාරයො ටෙන්ට් අස්සෙ බඩු ගහනවා. උන්ට පුලුවන් මගුලක් නෑ මහින්ද මහත්තයා ඉල්ල අස්වෙන්නෙ නෑ. පොහොට්ටුවට ජය නියතයි.

  7. D.Nimal says:

    It is quite impossible to be revitalization of ongoing crisis an Island Economy by CB Bank governor. Well crisis has gone so that far beyond limits of Free Fall of nation GDP by Neo-Liberalism has done so much damage to Island survival of our nation pressure by western economy hegemony

  8. Roshan says:

    සුභ පැතුම්, jvp ඔබ එය කර ඇත. නුදුරු අනාගතයේ දී ශ්‍රී ලංකාවේ මිලියන 22 ක ජනතාවට සෙලයින් අවශ්‍ය බැවින් මෑතකදී ආරම්භ කරන ලද සෙලයින් කර්මාන්තශාලාව නිෂ්පාදනය නතර නොකරන්න. එය නවත්වන්න එපා.

  9. D.Nimal says:

    It is quite impossible to be revitalization of ongoing crisis an Island Economy by CB Bank governor. Well crisis has gone so that far beyond limits of Free Fall of nation GDP by Neo-Liberalism has done so much damage to Island survival of our nation pressure by western economy hegemony .
    Indeed West other institutions and other economic of closed countries are working on day and night to new steps taken that WEAKEN system as much as possible. The small nation like us challenges are behind by UNP+SJB and JVP line of political anarchism by aim of destabilization of Island by name of so-called “human Rights “.

  10. Dear Mr. President says:

    Appoint former auditor general Gamini Wijesinghe as prime minister and Appoint Dr. Harsha De Silva as the Minister of Finance. Cause Sajith and Anura say they can’t support Gota. Mr. President, you can turn over a new leaf by revising constitution. Your name will be written in golden letters despite lapses which occurred in the past.

Main News