ධුරයෙන් ඉල්ලා අස්වෙන්න සූදානම්.. – නාවික හමුදාපති

December 13, 2016 at 9:20 am | lanka C news
ධුරයෙන් ඉල්ලා අස්වෙන්න සූදානම්.. – නාවික හමුදාපති

නෞකාව මුදා හැරීම නිසා ජාත්‍යන්තර සමුද්‍රීය නාවික සංවිධානයෙන් මට සහතිකයක් ලැබුණා
මෙරටට එන නැව් ගැන මට වගකීමක් තියෙනවා
මට දේශපාලනයක් නෑ: මම අණ පිළිපදින්නෙක්

හම්බන්තොට මාගම් රුහුණුපුර වරායේ පසුගිය සෙනසුරාදා ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් පවත්වන පරීක්‍ෂණ මණ්ඩලයේදී තමන් වැරදිකරු කරන්නේ නම් නාවික හමුදාපති ධුරයෙන් ඉල්ලා අස්වන බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සඳහන් කළේය.

මාධ්‍යවේදියාට පහර දුන් බව පවසමින් එම ස්ථානයේ ඇතිව තිබූ බියකරු තත්ත්වය වාර්තා නොකිරීම කනගාටුදායක බවත් විජේගුණරත්න මහතා පැවැසීය.

මාගම් රුහුණුපුර වරායේ විරෝධතාකරුවන් විසින් දින හතරක් තිස්සේ රඳවාගෙන තිබූ හයිපෙරියොන් හයිවේ නමැති ලොව තෙවැනි විශාලතම වාහන ප්‍රවාහන නෞකාව මුදා හැරීම හේතුවෙන් තමන්ට ජාත්‍යන්තර සමුද්‍රිය නාවුක සංවිධානය විසින් මේ වනවිට සහතිකයක් පවා ලබා දී ඇති බව හෙතෙම හෙළි කළේය. ඒ අනුව අදාළ නෞකාව ඊයේ වන විට ඩුබායි දක්වා දියත්වී තිබිණි.

ශ්‍රී ලංකාව කියන්නෙ නාවික කේන්ද්‍රස්ථානයක්, ශ්‍රී ලංකා රජයෙනුත් ජාත්‍යන්තර නාවික කටයුතු සම්බන්ධව වගකීමක් දරනවා. ඒ අනුව නාවික හමුදාපති ලෙස මෙරටට සේන්දුවන ජාත්‍යන්තර නෞකා සම්බන්ධයෙන් මට වගකීමක් තිබෙනවා. දවස් හතරක් තිස්සේ මේ හයිපෙරියොන් නෞකාවේ කාර්ය මණ්ඩලයට එහි ඊළඟ ගමනාන්තය දක්වා දියත්වීමට මෙම වර්ජනයේ නිරත පිරිස ඉඩ දී තිබුණේ නැහැ. නාවික හමුදාව මෙම සිද්ධියට එකවරම පැමිණියා නෙමෙයි. ඊට පෙර දිනයෙත් ඔවුන්ට වහාම නැව් දෙක නිදහස් කරන්නැයි ඉල්ලීමක් කළා. ඒවාට මේ වර්ජනයේ නිරත පිරිස් ඇහුම්කම් දුන්නෙ නැහැ. මාධ්‍ය වාර්තා පළවුණා ඉල්ලීම් ඉටු නොකර නැව් නිදහස් කරන්න ආවොත් මරාගෙන මැරෙනවා කියලා. එවැනි අවස්ථාවකයි නාවික හමුදාව මැදිහත් වුණේ. මෙතනදි මට දේශපාලනයක් තිබුණේ නැහැ. මම අණ පිළිපදින්නෙක්. එජාප ආණ්ඩු කාලේ මම එස්.බී.එස් එක හැදුවා. පහුගිය ආණ්ඩුව කාලේ යුද්දෙ ජයගන්න දායක වුණා. දැන් තවත් ආණ්ඩුවක්. හැබැයි මට තීරණ ගන්න වෙන්නෙ රට වෙනුවෙන් නාවික හමුදාව පැත්තෙන්. මුහුදු කොල්ලකෑමක් මැඬලීම, නෞකාවක් යම් කඩාකප්පල්කාරීන් හෝ කොල්ලකරුවන් පිරිසක් සිය අණසකට ගැනීමේ අවස්ථාවක නාවික හමුදාව හැසිරෙන ආකාරය වෙනස්. එදා මාධ්‍යවේදී මහත්තයා මම ගැහුවා කියලා නඩු මගට ගියොත් ඒ නඩුව වෙනුවෙනුත් මම පෙනී සිටිනවා. මගේ පැත්තෙනුත් ඉදිරිපත් කරන්න මෙතෙක් පළ නොවුණ, පෙන්නපු නැති ගොඩක් වීඩියෝ තියෙනවා. නාවික හමුදාපති විධියට මට මාධ්‍ය ප්‍රතිචාර දක්වන විධියට ක්‍ෂණික ප්‍රතිචාර දක්වන්න අවශ්‍යතාවක් නැහැ. පරීක්‍ෂණ මණ්ඩලයක් බදදා (හෙට) සිට පටන් ගන්නවා නම් එය දින තුනක කාලයක් විතර පවත්වාවි. ඒ සඳහා ආරක්‍ෂක ලේකම්තුමා දැනට වාර්තාවකුත් කැඳවලා තියෙනවා. අදාළ තොරතුරු මම ඔහුට ඉදිරිපත් කරනවා. ඉන් අනතුරුව අවශ්‍ය නම් අදාළ අනතුරේ ස්වභාවය හා විරෝධතාකරුවන් හැසිරුණු ආකාරය ගැන මාධ්‍යයට තොරතුරු දෙන්න පුළුවන් යැයි නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න පැවැසීය

– රිවිර

181 views

30 Comments to “ධුරයෙන් ඉල්ලා අස්වෙන්න සූදානම්.. – නාවික හමුදාපති”

  1. Buranpi says:

    Asweyan….nathnam thowa makanava.

    • Hansaya says:

      ජ්‍යේශ්ඨත්වය අනුව සුදුස්සො කීප දෙනෙක් පහු කරල උස්සල තියල, කටු කන්ඩ දීල බල්ලො හදන්නේ උසී කියපුවම පැනල හපා කන්ඩ තමා. ඇයි වැරදිද ?

    • පිස්සුපූසා says:

      නාවික හමුදාවෙ සමාන්ය සෙබලාට පසුව ඉන්න එකම උසස් නිලදාරියා හමුදාපතිද…ගෑහුවෙ එක නෙවෙය් මෙතනෙ තියන ප්‍රශ්නය..ඕකට හමිදාපතිම එන්න ඔනෙ කියන එකද..ඔය්ට වඩා ලොකු ප්‍රශ්නයක් ඈතිවුනාම මොකාද එන්නෙ. මට හිතෙන්න වෑඩේ දෙල් උනාට පස්සෙ ලොරි ටෝක් දෙන එකක් දෑන් වෙන්නෙ කියල.

    • Amda says:

      * Where were this commander when villagers hammered navy soldiers in east-coast ?
      * Where were this commander when a Navy captain was humiliated by a bloody chief minister?
      * Where were this commander when a Navy soldier was falsely accused and was kicked out from the job ?

      I will not say much coz I dont know about procedures in the Navy
      Just asked a few questions, that’s all.

      However, Now “in case” IF there will a military cue against the govt., the govt is sure that there wont be any support from the general public.

      I think this situation is purposely created by the govt to break the relationship between the forces and the general public.
      & I also think that such incidents will be created in the future.

  2. vimukthikami Sahajeevana says:

    He is a commander of Sri Lanka Navy..but he can’t control his shot temper ..not only that that it seems he is not controlling his mouth ( see his body..it is out of shape)

    • Amda says:

      ඒ කියන්නේ මේ පුද්ගලික පලිගැනීමක්ද?
      ඔබ කවුද, ඉන්නේ කා සමඟද කියාත් රටටම පෙන්නුවා. ඒකට ස්තුතියි.

      අද ලන්කාවෙ ඇති වී තිබෙන ඛේදවාචකය නම් ඉහලම සිට පහලටම තනතුරට නුසුදුසු පුද්ගලයින් නිසා තනතුරු හෑල්ලු වීමයි. අවසානයේ රටම හෑල්ලු වීමයි. මෙයද එහි එක ජවනිකාවක් පමනයි.

      සේවකයන් නැව් රඳවාගෙන සිටීමෙන් කලේ වරදක් බව අප තේරුම් ගත යුතුයි. එහෙත් ඔවුන් එසේ කලේ රජයේ අවධානය යොමු කර ගැනීමටය.
      දේශපාලනික හේතුන් මත මිනී මැරුවත් දේශපාලන සිරකරුවන් කියා විශේශ වරප්‍රසාද ලැබීමත්, මානුශික හේතුන් මත විරෝධය දක්වන අයට අපරාධකාරයන්ට මෙන් සැලකීමත් කෙතරම් අමානුශිකද?

      අනික් කාරනය, මේ සිද්ධිය බලා සිටි මට හැඟුන දෙයක් නම් සාමාන්‍ය මහජනතාව සහ හමුදාව අතර හොඳ හිත පලුදු වුනු ආකාරයයි.
      මේ අවස්ථාවේ එහි වාසිය සහ එවැනි දෙයක අවශ්‍යතාවය කාටද? රජයට.
      ඇයි? රටේ සිදුවෙන දේවල් අනුව යම්කිසි විදියකින් හමුදා කුමන්ත්‍රනයක් ඇති වුවහොත්….එයට සාමාන්‍ය ජනතාවගේ ආධාරය නොලැබේ.
      එම නිසා මෙවැනි හමුදාව-ජනතාව අතර ගැටුම්කාරී අවස්ථා ඉදිරියේ දීද නිර්මානය වනු ඇත.
      එමගින් හමුදාව සහ ජනතාව අතර 88-89 කාලයේ තිබුනා සේ දැඩි පරතරයක් ඇති වනු ඇත.

  3. Daham says:

    The navy commander has no right to use plain filth to yell at people and act as a Mariyakade thug to attack the journalists. He is lying about the international recognition that he has received for his unethical act. Even justice minister, Deal Dasa, said that it was unbecoming for the navy chief to act like that in a civilian dress.

    • Joe Antony says:

      Umbalata mokada mama kohoma hasirunama. Mama navika hamudawe lokka unata mata puluwanda mage demawpiyangen awa urumayata pain gahala janma purudda ataharinna. Oka ahapalla mawa pathkarapu mage swamiyo Maru Sira gennui Ponil genui.. Unta ona widiyata hasirennai unge niyoga pilipadiinai hodama eka mama tama kiyala un dannawa.

  4. සරත් says:

    කොහොම උනත් මේ නාවික හමුදාපති කරපු වැඩේ හොඳයි. විරෝධතා පවත්වනවානම් දැනගන්න ඕනේ මේ වගේ අලුඝ්ත්තේරු වැඩ නොකරන්න.කවුද වරායට වෙන පාඩුව ගෙවන්නේ.ඉස්සරත් ඔහොමයි 88-89 කාලේ ඇතිවෙනලක් ට්‍රාන්ස්ෆෝමර් විනාශ කළා ,,බස් ගිනිතිබ්බ .අලාභය ගෙවන්නේ කවුරුවත් නෙවි රටේ මිනිස්සුන්ගේ බදු සල්ලි.

    • JOY says:

      ඇත්තද ? ඉන්දියාවේ සිටින කල්ලතෝනි යාපනේට ගෙනවිත් අධිආරක්ෂයක කලාප බෙදලා දීලා නොමිලේ ගෙවල් හදලා දෙන්නේ අපේ මහජනතාවගේ බදු මුදල් වලින් ..වතු දෙමළුන්ට නොමිලේ සිංහල ඉඩම් ලබා දී ගෙවල් හදන්නේ මහජාතියේ බදු මුදල් වලින් ..ඒවා ගැන ඔබ දැනුවත්ද??
      88-89 කාලේ ගැන විතරක් ඇයි කතා කරන්නේ ?.ඒ අසරණයින් එයට ජිවිත වලින් වන්දි ගෙව්වා නේද ? අපේ සිංහලයින් මැරීම සාධාරණද?. දෙමල LTTE අපේ රටට කල විනාශය අමතකද ? දෙමල LTTE ඔවුන් දැන් මේ රටේ රජ වෙලා
      Sri Lanka 87/89 Demons of Batalanda Era (period of time)
      https://www.youtube.com/watch?v=V_eJ1gX_fuU

    • Joe Antony says:

      Mata hari santhosai mama wagema tawa ekek Magana adambarawenawa. Oyath loku badak tiyana mole nathi mama wage kenekda. NAthnam demawpiyangen ena areta kiyanawada.

  5. RESIGN & LEAVE THE SL NAVY IMMEDIATELY…….asweyan wahama umba……yamapalana balu kakka……

  6. sarath says:

    He should understand that he is the Navy commander and not an ordinary sailor. He must command and not to indulge in altercations or any other confrontation. No army chief or navy chief or air force chief went to the battle fielf. this is an extra ordinary of his behavior to which he is answerable. also whether the victim is a media man or ordinary man he shall not treat him in that manner.

  7. Alapaluwa says:

    බොහොම හොඳ තීරණයක් ඇත්තටම නාවික හමුදාවේ හෝ ත්‍රිවිද හමුදාවේම විනයනුකුලව කාටත් පොදුවේ සදාර්ණ තීරණාත්මකව තීරණ ගතයුතුයි එය සුළු සෙබලගෙන් පටන් නාවික හමුදාපතිටත් එයම වියයුතුයි.වැදගත් විදියට අස්විය යුතුමය.හැබැයි මෙය අර කුජිතයටත් අනිවාර්යෙන්ම මේයම වියයුතුයි.

  8. Mahinda says:

    නාවික හමුදාපති ඉල්ලා අස්විය යුතු තවත් කාරණයක් ඇත . එයනම් ඔහුගේ තඩි බඩගෙඩිය නාවික සෙබලෙකුටවත් නොසුදුසුකමකි . හමුදාවට පොලිසියට ඇතුළුවීමට හොඳ ඇඟක් තිබියයුතු නැද්ද අද දවසේ . He looks very Odd and has no personality with a very high BMI(body mass index)(may be about 75. normal is 20 for people in the subcontinent).

  9. singha01 says:

    නඩුත් හාමුදුරුවන්ගෙ ! බඩුත් හාමුදුරුවන්ගෙ ! ඉතින් මේ ගැන තියන පරීක්ෂනයෙ ප්‍රතිඵලය ගැන දැන්ම උනත් කියන්න අමාරු නැහැනෙ.

  10. Champa says:

    Don’t be silly. Why should you resign?

    As the Navy Commander, you only carried out the oder given to you. Therefore, nobody have the right to question you for doing that. If you were failed to do so, then you will be fired. If there were obstacles and barriers in doing so, it was your responsibility to overcome them. And you did that. The manner in which you overcame them is irrelevant as there was a chaotic situation. If you have to remove someone by force in order to carry out your duty, I don’t see any reason for not doing so.

    I don’t understand the reason you are talking about resigning. If you failed your duty, then you should resign. But when you carried out your duty and made the vessels leave the harbour, you protected the good name of the country and the Navy. The protesters and the media people who were there, were NOT your responsibility. You were entrusted to take care of the foreign vessels. That was your responsibility, nothing else. I am glad you came in civil attire. That I think was something very sensible.

    If you have given a ‘Naval high five on the face or the ear” of the media man or pushed him to clear the area, don’t worry about it. For nearly two years, I wanted to give a “high five with a chair” on the face of the Prime Minister.

    • singha01 says:

      Champa, I really scratch my head on that post of yours. Is this really you ? Hmm !

      • Champa says:

        Yes, it is me, singha01.

        I have three priorities and I defend them at all times.
        1. My country
        2. NFF Leader Wimal Weerawansa.
        3. Our Tri Forces.

      • swarna says:

        ‘only carried out the order given to you’??? champa are you saying that given the orders to him was to attack journalists and to say filthy words.? dont be absurd. he’s fallen into gov’t plot or he is a member of it. what happened was people are no more talking about constitution, vat, regional council election, sale off the ports including colombo harbour. most scary one the parliament paper about super power minister

        • Champa says:

          Swarna

          What do you expect the Navy Commander to do? Defy the order and go home like a coward? On the other hand, the incident was unexpected, it was not his doing.

          Why bother so much about him using filth, when government Ministers themselves use filth in the “August Assembly” where people expect them to display the highest decorum?

          The Navy Commander didn’t “attack journalists”. That is an unfair exaggeration. He used force to remove the obstacle in order to carry out his duties. What’s wrong with that?

          The Police always manhandle people, always, I repeat, always, on daily basis, at every protest. Nobody bothers to voice their protest at such instances, yet everybody raise their voice against the Navy Commander in one isolated incident.

          I feel sorry about the journalist. Whatever the media institution he is working for, he was sent to cover the incident and he was compelled to do so even by disregarding the request made by the Navy to leave the place. I always give my unwavering support to the media. But not here. The consequences due to the adamancy of the journalist was his own doing. You can’t hold Navy Commander responsible for that.

          • singha01 says:

            Champa; I value your patriotism very much. I too respect our tri-forces. I agree the Navy commander has to carry out orders but did he have to stoop down to the level of a street thug to do so? These officers have to behave in a way that they maintain the respect we have to those high positions at all times. We expect these officers to be calm, collective, decisive and brave. He did not have to personally man handle the reporter. He had a whole lot of armed troops with him to remove the reporter. I doubt he even needed to come to that location. He could have done all that remotely. Even though you deny he attacked the journalist, he indeed did. If someone wants to remove you from where you are and comes and slaps you across the face instead of taking you by the arm and removing you, is that not an attack? You also mentioned that lots of folks in the parliament use filthy language. Are you suggesting therefore that it is OK as a navy commander also to do too ? I am pretty sure you know “Two wrongs will not make one right” saying. Nuff said ! I still respect you and I am grateful to you for what you do ‘here’ for our country but let’s call a Spade a Spade. Shall we ? That’s the only way we can correct a bad precedent and not by whitewashing it.

          • Champa says:

            Singha01

            In a chaotic situation, people behave differently. You can’t expect him to behave calm, collected and composed at a situation like that. The circumstances are different.

            In the first news item of this incident, I clearly mentioned that the government was trying to create an animosity between the troops and the public. Our people easily fell for that trap.

            About the incident at the Parliament, my criticism was aimed at people who were not prompt to condemn such behaviour of a Minister although they took pains to repeatedly attacked the Navy Commander. Is there a reason for this double standard?

            While I appreciate your reply, I stand by what I said.

Main News