Exclusive : ධුරයෙන් ඉල්ලා අස්වෙනු.. නැතොත් 04 වැනිදායින් සම්මුතිය අවසන්..- ශ‍්‍රීලනිපය අගමැතිට නිල වශයෙන් කියයි…[Video]

March 30, 2018 at 9:39 pm | lanka C news
Exclusive : ධුරයෙන් ඉල්ලා අස්වෙනු.. නැතොත් 04 වැනිදායින් සම්මුතිය අවසන්..- ශ‍්‍රීලනිපය අගමැතිට නිල වශයෙන් කියයි…[Video]

පාර්ලිමේන්තුවේදී විශ්වාස බංග යෝජනාව විවාදයට ගනු ලබන අප්‍රෙල් 04 වැනිදාට පෙර අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ධුරයෙන් ඉල්ලා අස්විය යුතු යයි ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය පවසයි.

එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ඇති සම්මුතිවාදී ආණ්ඩුව රැක ගැනීමටනම් අගමැති රනිල් වික්‍රමසිංහ විශ්වාසභංග යෝජනාවට පෙර ඉල්ලා අස්විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.

රාජය ඇමති ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතා කොළඹ ශ‍්‍රීලනිප මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ අගමැතිවරයා එසේ ධුරයෙන් ඉල්ලා අස්වුවහොත් පමණක් එජාප හා ශ‍්‍රීලනිප අතර සම්මුතිවාදී ආණ්ඩුව තව දුරටත් රැුකෙනු ඇති බවයි.

අප්‍රෙල් 04 වැනිදා විවාදයට ගන්නා විශ්වාස භංගයේදී කිසිසේත්ම ශ‍්‍රීලනිපය අගමැතිවරයාට සහාය නොදෙන්නේ යයිද කී ඔහු ආණ්ඩුව රැකගැනීමට උවමනා නම් අගමැතිවරයාට ඉල්ලා අස්වීම හැර කිසිදු විකල්පයක් නැතැයිද පැවසීය.

ජනතාව වෙනුවෙන් සිතා අගමැතිවරයා ධුරයෙන් ඉවත් විය යුතු බවත් එසේ නොකරන්නේ නම් 04 වැනිදා රාත‍්‍රි 09.00න් පස සම්මුතිවාදී ආණ්ඩුවක් නොපවතින බවද ඔහු කීය.

තව දුරටත් අදහස් පල කරමින් ඔහු කියා සිටියේ අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාස භංග යෝජනාවේ කරුණුවලට පක්‍ෂයක් ලෙස කිසි ලෙසකින් විරුද්ද විය නොහැකි බවයි.

16 views

13 Comments to “Exclusive : ධුරයෙන් ඉල්ලා අස්වෙනු.. නැතොත් 04 වැනිදායින් සම්මුතිය අවසන්..- ශ‍්‍රීලනිපය අගමැතිට නිල වශයෙන් කියයි…[Video]”

  1. ishan says:

    මේවා වෙනකම් විස්වාස කරන්න නම් බැරියෝ.. අපිට අපේ වැඩ තියනාවෝ..

    • නැවුම් මාවත says:

      මුළුමහත් බටහිර ප්‍රජාවම විශ්වාස කරන ඇමෙරිකාවේ හිටපු ජනපතිවරු මෙන්ම වර්තමාන ජනපති පවා විශ්වාස කරන රනිල් වික්‍රමසිංහ මහතා එජාපයෙන් ඉවත් කරනවා කියන්නේ විහිළුවක් .ඔහු එජාපයේ ශක්තියයි ඔහු නැති එජාපය ගඩාෆි නැති ලිබියාව මෙන් කෑලි කෑලි වලට කැඩි යාවි .
      එසේම මේ මොන කතා කිවත් ලබන 4 වනදායින් පසුවත් රනිල් වික්‍රමසිංහ මහතා නොමැති එජාපයක් ඇතිවන්නේ නැති බව ඉතාමත් විශ්වාසයෙන් කියන්න පුළුවන් .ඔහු වෙනුවන් පෙනී සිටීමට වෙනත් කෙනෙක් පත්වුවත් පසුබිමේ සිට සියලු තීරණ ගැනීම වික්රමසින්හමහතා කරනු දැකීම රටේ දේශප්‍රේමී එජාප පාක්ෂිකයන්ගේ එකම පැතුමයි

      • Wikramabahu says:

        lankawa ayithi mulumahath batahira janathawatada? american janadhipathiwaru thamange rata janathawa wenuwen pamanai peni hitinne. kohe giyath owun kathakaranne american interest eka gena pamanai. e sandaha anik jaatheen million ganan maranawa. thama mewa danne nedda? ranil kiyanne awanka wage pennagena inne apathayek bawa oba nodanneda?

      • ඇත්ත says:

        ලංකාවේ උන් රනිල්ට කැමති නැති වුණාට රනිල්ගේ බටහිර ගැති ප්‍රතිපත්තිවලට මාර කෑදරයි…තමන්ගේ රටේ නිශ්පාදනවලට වඩා පිටරට සුද්දන්ගෙ දේවලට වාර ආසයි..එහෙව් එකේ රනිල් නැති රටක් ගැන හිතන්නවත් ලංකාවෙ වුන්ට බෑ….

  2. YAMA DUTHA says:

    THOPI KALA APARADAWALATA PATISANDENADINAYA ITHS LAGAI

  3. Open mind says:

    ආං…..බං. අර ජේමිස් ද පැකර් ද මොකාද එකා මඟ බලා ඉන්නවා. ….හිටං…….

  4. සාධාරණ මිනිසා says:

    SLFP එකේ මුන්ගෙ සාදාරනේ තියෙන්නෙ මුන්ගෙ වාසියට විතරයි.එතකොට සම්මුතිය නැති ආණ්ඩුවක් තිබුනොත් ජනතාවට අතිශයින් යහපත් යෝජනාවක් ආවත් උබල ආණ්ඩුවත් එක්ක පක්ශව චන්දෙ දෙන්නෙ නැද්ද ? උබලගෙ ඔය සද්දෙ තියන කටවල් MR ගෙ කාලෙ වැඩ කලාද ?

  5. UNP කාරයා says:

    ඔතන දෙන්නෙක් පිං මන්ත්‍රි/ඇමති බව ඉතාම පැහැදිලියිනෙ.අගමැති කොහොමද පිං වෙන්නෙ.එතුමා ඉතාම විශාල චන්ද ප්‍රමාණයක් ලබාගත් /තමන් නායකත්වය දුන් පක්ශයට ආසන 106 ක් ලබාගත් නායකයෙක්. මුන් තුන්දෙනාට පිස්සු!

  6. Suba Anagathayak says:

    මේ කාලකන්ණි මෙච්චර දවසක් රනිල් එක්ක ඇමති කටු සූප්පු කරලා, කෙලවේගන යනකොට අපේ රෙද්ද අස්සේ රිංගන්න එනවා. ගහල පන්නන්න ඕනෑ ගස් බල්ලන්ව!!

  7. Nim says:

    ME KANU KATALA
    KOHETHMA WESWASA KARANNA BAHA
    APPAYA WAGEEMY

  8. sarath says:

    THE ASIA’S BEST FINANCE MINISTER WAS SACKED BY SRI KANKA. NOW THE WORLD’S MOST ACCEPTED P M OF SRI LNAKA IS GOING TO BE IMPEACHED.

    THIS IS WHAT WE SAY
    “LOKETA PARKASE
    GEDARATA MARGATHE’

  9. daminda says:

    janatha hadwathinn illaaswee kalakk goss athaa………..

  10. David Milli-banda says:

    Ranil was elected as a MP with a large vote. However he became a “Ping” prime Minister not by choice.

Main News