ධුරයෙන් විශ‍්‍රාම යන්නැයි පොලිස්පතිට දැනුම් දේ.. නැතොත් විනය පියවර..

October 7, 2018 at 10:40 am | lanka C news
ධුරයෙන් විශ‍්‍රාම යන්නැයි පොලිස්පතිට දැනුම් දේ.. නැතොත් විනය පියවර..

කැමැත්තෙන්ම සිය ධුරයෙන් විශ‍්‍රාම ගන්නැයි පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට දන්වා ඇති බව සති අන්ත පුවත්පත් වාර්තා කරයි.

විනය පියවර ගැනීමට පෙර මෙසේ ධුරයෙන් විශ‍්‍රාම යන්නැයි රජයේ ඉහල නිලධරියෙක් මගින් දන්වා ඇති බවද වාර්තාවේ දැක්වෙයි.

කෙසේ වෙතත් පොලිස්පතිවරයා මෙතෙක් මේ ගැන ප්‍රතිචාරයක් නැති බවද වැඩි දුරටත් සදහන්ය.

69 views