ධුර කාලය ගැන ජනපති ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසන්න යයි..? ජනාධිපතිවරණයට අතුරු තහනමක්..?? සියළු ලේඛණ සකසා අවසන්…

September 19, 2019 at 10:00 am | lanka C news
ධුර කාලය ගැන ජනපති ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසන්න යයි..? ජනාධිපතිවරණයට අතුරු තහනමක්..?? සියළු ලේඛණ සකසා අවසන්…

තම ජනාධිපති ධුරයේ කාල සීමාව අවසන් වන්නේ කවදාදැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම සදහා ජනාධිපතිවරයා කඩිනමින් කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි.

මේ සදහා වූ අවසන් ලේඛණ ඊයේ දිනයේදී ප‍්‍රධාන පෙලේ නීතීඥයන් කිහිප දෙනෙකු විසින් සකස් කර බාර දී ඇතැයිද සදහන්ය.

මෙම මතය විමසීම අවසන් වන තුරු ජනාධිපතිවරණයේ නාම යෝජනා කැදවීම අත්එිටුවමින් අතුරු තහනමක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටීමටද සූදානමක් ඇති බව ආරංචි මාර්ග කියා සිටී.

ජනාධිපතිවරයාගේ පාර්ශවයේ මතය වී ඇත්තේ ජනාධිපතිගේ ධුර කාලය ආරම්භ වන්නේ කතානායකවරයා 19 සංශෝධනයට අත්සන් තැබූ සිට වසර 05ක් එනම් 2020 මැයි මස 15 වන දින දක්වා බවයි.

කෙසේ නමුත් විපක්‍ෂය ප‍්‍රශ්ණ කරන්නේ කතානායකවරයා ඊට අත්සන් තැබුවේ මෙම 2019 වසරේ නම් ජනාධිපතිවරයාට 2024 දක්වා ධුරයේ රැදී සිටිය හැකිද යන්නයි.

77,958 Viewers

36 Comments to “ධුර කාලය ගැන ජනපති ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසන්න යයි..? ජනාධිපතිවරණයට අතුරු තහනමක්..?? සියළු ලේඛණ සකසා අවසන්…”

  1. Asoka Liyanage says:

    බිලියන දෙකේ මඩ ගසන්නාට තවත් ගොඩ ඒමට නොහැකි ලනුවක් ගිල්වා තිබෙන හැඩයි . මොහුගේ තිබෙන බල තන්හාව නිසා ඕනෑම දහ ජරා වැඩක් කිසිම හිරිකිතයක් නොමැතිව කරයි.

    • සහන says:

      පලයන් යකෝ යන්න තවත් මේ රට විනාශ කරන්නේ නැතිව අපිට මේ රට හදාගන්න දීලා තොගේ සහෝදරයෝ හම්බකරගත්තු ඒවත් අරගෙන පල මකබවිලා තොට මේ රට වෙනුවෙන් කොරන්න පුළුවන් කෙන්ගෙඩියක් නෑ

      • සුනන්ද says:

        ලෝක සම්මතය අවම සදාචාරය සත්‍ය යන දේවල් වලට ගරුකරන වැදගත්කමක් ගෑවිලා හරිතිබෙන වැදගත් පවුලකින් පවත එන කෙනෙක් තමුන්ට ට සම්මත නිවැරදි කාලයෙන් පිට එකදවසක්වත් බලයේ ඉන්නේ නෑ ගවුර්වනිය විදියට අස්වෙලා මහත්මයෙක් වගේ ගෙදර යනවා .එදා මහින්ද චන්දය ඉවරවෙන්නත් පෙර පෙන්වුයේ අන්න ඒ වැදගත්කමයි .අවුරුදු පහට ආවනම් අත්සන් කල දවස් බලබලා රවට්ටන්නේ කාවද ?ලජජා නැද්ද යන්න යන්න ලජ්ජා නැද්ද

    • වරදට දඬුවම නියතයි says:

      සිරිසේනගේ ජඩ ගතිය මහින්ද මහතා දැනන් හිටිය නිසා තමයි මේ ජඩයට අගමැති කම නොදුන්නේ. ඒ තීරණය හරියටම හරි.

    • Boo says:

      මේ නිවුස් එක බොරැ වෙන්න ඕනෙ. මොකද පඹයා 2015 දි බිම හැපි හැපී කිවුවෙ බල තන්හාව තියෙන්නෙ මහින්දට කියල.
      රනිලට වුනත් බල තන්හාව නෑ, නායකත්වය දාලා යන්න හදනවා, ඒත් යන්න දෙන්නෙ නෑ.

    • Kuveni says:

      President Sirisena’s greatest asset is his shamelessness and stupidity.

      He does not know that he has become a laughingstock!

      A man without social sensitivity.

  2. chandapala says:

    අනේ මෙහෙම තණ්හාවක්! අනේ මෙහෙම ආසාවක්! , අම්මප ලැබේද මින් සැනසීමක් ???.

    • Rata Wenuwen says:

      ඉවසුවා ඇති ! මේ අසමත්ජාති නරන්පොලුවේ කුහක පඹයට කතාකලයුත්තේ වැල්ලේ බාශාවෙනි. තොගේ අ….. ට කියල ආමන්ත්‍රනය කිරීම ට කාලය හරි. ලඟදීම කුහක පරයට ඇඩ්ඩ්‍රස් නැතිවෙයි ඔහෙම ගියොත්

  3. පොරමෝලා says:

    ජන බලයක් නැති කල තුට්ටු දෙකේ උප්පරවැට්ටි ජිල් මාට් දාල බලයේ රැඳෙන්න යන්නේ ලැජ්ජා නැති කම මහ මුදලි කමටත් වඩා ලොකු නිසාද?

  4. රන්බණ්ඩා says:

    අහෝ දුකකි, කරුමෙකි… ගතවෙන තත්පරයක් තත්පරයක් පාසා ජනතාව කල් මරමින් ඉන්නේ මූත් එක්කම යහපාලන ගෙරි හැත්ත හැඳි ගා දමන්නේ කවදාද කියලයි.
    2015 දී මේ ගෙරියන්ට කතිරෙ ගහපු උන්ටයි නොගහපු උන්ටයි පොදුවේ තවත් මාස 6ක්ම සුපිරියටම යහපාලන රසය භුක්ති විඳතෑකි බොලව්.

  5. ප්ලේටෝ says:

    ව්‍යවස්තාවේ සිදුරකින් තමාට ලැබෙන වාසිය ජනාධිපතිවරයාට හිමි විය යුතුය යන තර්කය පිලිගත යුතුය.
    ඉන් පසු කල යුත්තේ “කතානායකවරයා ඊට අත්සන් තැබුවේ මෙම 2019 වසරේ නම් ජනාධිපතිවරයාට 2024 දක්වා ධුරයේ රැදී සිටිය හැකිද යන්න” සලකා බලා එම හිදැස හෝ අඩුපාඩුව සංශෝධනයකින් මතුවට වලකා ලීමයි.
    මෙවන් අර්බූදයකදි ඒ සදහා ගන්නා සම්මත ක්‍රියා මාර්ගය එයයි.

  6. UNP-GALIBBA says:

    මේ ගොයියාට දැන් දමලා යන්න ලෝබ ඇති තවකාලයක් උඳා හිටියොත් ඉතුරු ටිකටත් කෙලවෙලා තමයි නතර වෙන්නේ????

  7. බිල්ල says:

    ගෙවලයකා ගෙයක් අස්සට රිංගා ගත්තාම එලවගන්න බොහොම අමාරුයි.

  8. SL s says:

    රට ඔලුවෙන් හිටවල විනාශ කරලා දැන් තව අවුරුද්දක් ඉන්න ඉල්ලනවද .මේවට යටින් ඉන්නේ රිලාසිරි

  9. වැඩ්ඩා says:

    පිස්සු තද වෙනකොට ඔහොම තමා. විශේෂයෙන් පොළවෙන් මතුවෙන අයට.

  10. sw says:

    අවු. 4 න් යනවා කියන් ආපු එකා .ගහලා පන්නන්න වෙන හැඩයි .

  11. පොරමෝලා says:

    හොරකම දුරීභූත කරන්නෙමි කියා බැංකු බින්දා, විධායක ජනාධිපති ධූරය අහෝසි කලා, පොලිතීන් නැත්තටම නැති කලා, ඇස්බස්ටස් තහනම් කලා, බදුරුඩීන්ගෙ කැලෑ කැපීම නැවැත්

  12. පොරමෝලා says:

    හොරකම දුරීභූත කිරීමට බැංකු බින්දා ,විධායක ජනාධිපති ධූරය අහෝසි කලා . පොලිතීන් නැත්තටම නැති කලා .ඇස්බස්ටස් තහනම් කලා, බදුරුඩීන්ගෙ කැලෑ කැපීම නැවැත්වීමට වඩු මඩු තහනම් කලා . කුඩු කාරයන්ට මරණ දඬුවම දුන්නා . ……. තව ගොඩක් කරන්න තියෙනවා

  13. විද්වත් ජන ප්‍රසාදිනී එම්. සිරිසේන says:

    දින 100ක් පොලොන්නරුව ගෙදරටම වී රජකම් කර ඉන්පසු ඉල්ලා අස්වන බව කියූ, බෝල් පොයින්ට් පෑනෙන්ම අත්සන්කර දිවුරුම් දුන් සරල මිනිසා…

  14. Gayantha says:

    දිවුරුම් දුන්න පලමු දිනේ සිට තමයි අවුරුදු පහ වෙන්නේ. එකා එකා අත්සන් කරපු ලියවිලි අදාල නෑ.
    හොදම උදාහරණය චනද්‍රිකාගේ සිද්ධිය. මූට උපදෙස් දෙන්නේ අමුම අමු මෝඩ ලෝයර්ලා. අර විජේදාස කියන මෝඩයා තමා ලොකුම හරකා..

  15. Ariyathilaka says:

    “තම ජනාධිපති ධුරයේ කාල සීමාව අවසන් වන්නේ කවදාදැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම සදහා ජනාධිපතිවරයා කඩිනමින් කටයුතු කරමින් සිටින බව වාර්තා වෙ”

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 32(1) ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපති ධූරයට තෝරාපත් කර ගනු ලැබූ පුද්ගලයා දිවුරුම් දීමෙන් හා අත්සන් තැබීමෙන් එකී ධූරය ක්‍රියාත්මක වන බැවින් ජනාධිපතිවරයාගේ ධූර කාලය එතැන් සිට සිට ක්‍රියාත්මක වූ සේ සැලකිය යුතු බව පැහැදිලිය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට, ජනාධිපතිවරයාගේ ධූර කාලය දීර්ඝ කිරීමට හෝ අඩු කිරීමට, සංශෝධනයක් පාර්ලිමේන්තුවේ සම්මත කළ විට එකී සම්මත වූ සංශෝධනයට කතානායකවරයාගේ අත්සන් තැබූ දිනය සිට ජනාධිපතිවරයාගේ ධූර කාලය තීන්දු කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව පිහිටනවා ඇත. ජනාධිපතිවරයාගේ ධූරය ආරම්භ වන්නේ දිවුරුම් දුන් දින සිටය. එකී ආරම්භ වූ දිනයට දැනට බලපවත්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 19 වන සංශෝධනයෙන් කිසිදු බලපෑමක් ඇති කර නැත. සිදුවී ඇත්තේ ජනාධිපතිවරයාගේ අවුරුදු හයක් ලෙස තිබූ කාලය අවුරුදු පහට සීමා කිරීම ය. එලෙස සීමා කරන ලද්දේ 2015. 01.09 දිවුරුම් දීමෙන් ආරම්භ වූ ජනාධිපතිධූරයේ කාලය බැවින් කතානායකවරයා විසින් 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මතයට අත්සන් තබා එකී සම්මත ව්‍යවස්ථා සංශෝධනය නීතිමය වශයෙන් බලගැන්වූ දිනය අදාල නොවනු ඇති බව ඉතා පැහැදිලිය.

  16. සිංහල බන්ඩා says:

    අගමැටියය් ජඩපතියය් දෙන්නගෙන් එකෙක් වත් බලය අතහරින්න ලැහැස්ති නැහැ.

    • Rata Wenuwen says:

      දෙන්නා මාරුවෙන් මාරුවට පුක් ගහන්න පටන් අරන්,මූසල අසමද්ජාති කුහකයෝ දෙන්නෙක්

  17. පොඩි එකා says:

    අවුරුදු හයකට තිබ්බ බලය තමන්ගේම කැමැත්තෙන් පහකට අඩු කරගෙන ඒ ගැන බොහොම උඡාරුවෙන් රටට කතා කරලා දැන් අහවල් ලබ්බකටද මට හයක් තියෙනවද කියලා අහන්නේ..

  18. Ananda says:

    අනේ ඔබ තුමා තව ටික කලක් ඔය දුරයේ ඉන්න. නැතිනම් රටට අන්දරේ කෙනෙක් නැති වෙනවා. අපි ඉදලා හිටලා හිණා වෙන්නෙ ඔබ තුමාගේ මේ වගේ කතා වලට. දැන් ඊලගට ගෝටා ආවාම ඉතින් කතා කරන්නෙ ආර්තික සැලැස්ම, ජාතික ආරක්ශාව, මේ වගේ අපිව හිනා සාගරේ ගිල්ලවන්නේ නැහැනේ.

  19. puncha says:

    Ane yako lajjawak gewilawath nethi JAnapathi, Agamathi depala. Thawa rata kannada inne. Meyata JVP bath balayo, UNP un saha NGO kukko wagakiwa yuthui.

  20. Saradiel says:

    දොරටු පාලකයා රජ කිරීමේ විපාක

  21. Love nature says:

    ආප්ප කන්න දීමෙන් විපාක

    යසලාලක තිස්ස රජුගේ මාලිගයේ සුබ නැමති දොරටු පාලකයෙක් විය. මෙම දොරටු පාලකයා හැඩහුරුකමින් බොහෝ සෙයින් රජතුමාගේ හැඩරුවට සමාන විය. මෙම දොරටු පාලකයාද සහභාගී කරගනිමින් කිසියම් කවටකමක් කළ යුතු බවට රජුට අදහසක් පල විය. ඒ අනුව දිනක් රජු සහ සුභ නම් වූ එම දොරටු පාලකයා අතර රහසින් සාකච්ජාවක් සිදු විය. ඒ අනුව පසුදින රාජසභාව රැස්වන මොහොතේ කවටකම සිදු විය. රජතුමාගේ සියලු රාජ අභරණ පලන්දා සුභ නම් දොරටුපාලකයා සිංහාසනයේ වාඩි කොට සිටියේය. දොරටුපාලකයා ලෙස සැරසුණු සැබෑ යසලාලක තිස්ස රජතුමා එම ඇඳුමෙන් සැරසි හෙල්ලයක් ද ඇතැතිව පසෙක මුරට සිටියේය. රාජ සභාවට පැමිණෙන ඇමතිවරු ” අවසර රජතුමනි” යැයි පවසා නමස්කාර කරනු බලා සිටීම රජුට ඉමහත් සතුට දනවන්නක් විය. ඇමතිවරුන් මෙසේ ” වෙස්වලාගෙන රජුට ” රැවටී වැඳ වැටෙන දෙස බලා සිටි ” සැබෑ රජු” එක්වරම මහා හයියෙන් සිනාසෙන්නට විය. සැබෑවටම ඔහු “රජු ” නිසා රාජ සභාවේ සිත් සේ හැසිරීමට ඔහුට කිසිදු බියක් නොවීය.එම නිසා ඈත වූ හෙල්ලයද හතර අතර වනමින් නොයෙක් කවට වදන් කියමින් මහා හඬින් සිනාසෙන්නට විය. එහෙත් ගත වුයේ මොහොතකි. සිදු වුයේ කිසිවෙකු අපේක්ෂා නොකළ දෙයකි. වහා රාජ සභාව ඇමතු රජු ලෙස සිංහාසනයේ සිටි සුභ දොරටු පාලකයා මේසේ කිවේය.

    ” මේ දොරටු පාලකයා ලෙස සිටින්නේ සැබෑ රජු යැයි නොදත් ඇමතිවරු, නිලධාරීන් කැඳවා යසලාලක තිස්ස රජුගේ හිස ගසා දැමීය. පණ්ඩුකාභය රජුගෙන් ආරම්භ වූ ශ්‍රී ලංකාවේ පළමු මෞර්ය රජ පෙළපත ඒ අනුව යසලාලක තිස්ස රජුගෙන් අවසන් විය. යසලාලක තිස්ස රජු මරා රජ වූ පසු සුභ රජු වසර හයක් පමණ රජ කල බව ඉතිහාසයේ සඳහන් වේ .

  22. jg says:

    එහෙනම් මහින්දට, චන්ද්‍රිකාට නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැක.

  23. Saman says:

    මුට කරන්න තියෙන ර්කම දේ දෙශබියොගයක් ගෙන්න..

  24. Gone gota says:

    He is cracked and others follow him.

  25. Manik says:

    එලවන්න මඩු වලිගේ ගන්න වෙවිද දන්නෙ නැහැ

  26. Dasa Nayaka says:

    ශ්‍රී ලංකාවේ නීති විශාරදයින් තම පක්ෂයට අවශ්‍ය ලෙස නීතිය අර්ථකථනය කරන නිසා, හැකි හැම විටම ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම සුදුසුයි සහ නීත්‍යනුකුලයි. 2018 ඔක්තෝබර් විප්ලවය මතකද?

  27. Kadiya says:

    කතානායකගේ අත්සන වැදගත් වුනාට වඩා වැදගත් වන්නේ පාර්ලිමේන්තුවේ චන්දෙ විමසා සම්මත කල දිනයයි. කතානායකගේ අත්සන යම් ප්‍රමාද වුනේ කතානායකගේ පුද්ගලික අතපසුවීමක් හෝ දෝෂයක් නිසාය. මීට කලින් පනත්වලටත් කතානායක අත්සන් කල දිනේ ඉඳල නොවේ බලාත්මක වුනේ, පාර්ලිමේන්තුවේ සම්මත වුන දිනේ ඉඳල. ඒ අනුව සිරිසේනට මැයි වෙනකම් ජනාධිපති විධියට වාචාල කතා කිය කියා ඉන්න බැහැ.

Main News