ධුර කාලය ගැන ජනපති ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසන්න යයි..? ජනාධිපතිවරණයට අතුරු තහනමක්..?? සියළු ලේඛණ සකසා අවසන්…

September 19, 2019 at 10:00 am | lanka C news
ධුර කාලය ගැන ජනපති ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසන්න යයි..? ජනාධිපතිවරණයට අතුරු තහනමක්..?? සියළු ලේඛණ සකසා අවසන්…

තම ජනාධිපති ධුරයේ කාල සීමාව අවසන් වන්නේ කවදාදැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම සදහා ජනාධිපතිවරයා කඩිනමින් කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි.

මේ සදහා වූ අවසන් ලේඛණ ඊයේ දිනයේදී ප‍්‍රධාන පෙලේ නීතීඥයන් කිහිප දෙනෙකු විසින් සකස් කර බාර දී ඇතැයිද සදහන්ය.

මෙම මතය විමසීම අවසන් වන තුරු ජනාධිපතිවරණයේ නාම යෝජනා කැදවීම අත්එිටුවමින් අතුරු තහනමක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටීමටද සූදානමක් ඇති බව ආරංචි මාර්ග කියා සිටී.

ජනාධිපතිවරයාගේ පාර්ශවයේ මතය වී ඇත්තේ ජනාධිපතිගේ ධුර කාලය ආරම්භ වන්නේ කතානායකවරයා 19 සංශෝධනයට අත්සන් තැබූ සිට වසර 05ක් එනම් 2020 මැයි මස 15 වන දින දක්වා බවයි.

කෙසේ නමුත් විපක්‍ෂය ප‍්‍රශ්ණ කරන්නේ කතානායකවරයා ඊට අත්සන් තැබුවේ මෙම 2019 වසරේ නම් ජනාධිපතිවරයාට 2024 දක්වා ධුරයේ රැදී සිටිය හැකිද යන්නයි.

87 views

36 Comments to “ධුර කාලය ගැන ජනපති ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසන්න යයි..? ජනාධිපතිවරණයට අතුරු තහනමක්..?? සියළු ලේඛණ සකසා අවසන්…”

  1. sw says:

    අවු. 4 න් යනවා කියන් ආපු එකා .ගහලා පන්නන්න වෙන හැඩයි .

  2. පොරමෝලා says:

    හොරකම දුරීභූත කරන්නෙමි කියා බැංකු බින්දා, විධායක ජනාධිපති ධූරය අහෝසි කලා, පොලිතීන් නැත්තටම නැති කලා, ඇස්බස්ටස් තහනම් කලා, බදුරුඩීන්ගෙ කැලෑ කැපීම නැවැත්

  3. පොරමෝලා says:

    හොරකම දුරීභූත කිරීමට බැංකු බින්දා ,විධායක ජනාධිපති ධූරය අහෝසි කලා . පොලිතීන් නැත්තටම නැති කලා .ඇස්බස්ටස් තහනම් කලා, බදුරුඩීන්ගෙ කැලෑ කැපීම නැවැත්වීමට වඩු මඩු තහනම් කලා . කුඩු කාරයන්ට මරණ දඬුවම දුන්නා . ……. තව ගොඩක් කරන්න තියෙනවා

  4. විද්වත් ජන ප්‍රසාදිනී එම්. සිරිසේන says:

    දින 100ක් පොලොන්නරුව ගෙදරටම වී රජකම් කර ඉන්පසු ඉල්ලා අස්වන බව කියූ, බෝල් පොයින්ට් පෑනෙන්ම අත්සන්කර දිවුරුම් දුන් සරල මිනිසා…

  5. Gayantha says:

    දිවුරුම් දුන්න පලමු දිනේ සිට තමයි අවුරුදු පහ වෙන්නේ. එකා එකා අත්සන් කරපු ලියවිලි අදාල නෑ.
    හොදම උදාහරණය චනද්‍රිකාගේ සිද්ධිය. මූට උපදෙස් දෙන්නේ අමුම අමු මෝඩ ලෝයර්ලා. අර විජේදාස කියන මෝඩයා තමා ලොකුම හරකා..

  6. Ariyathilaka says:

    “තම ජනාධිපති ධුරයේ කාල සීමාව අවසන් වන්නේ කවදාදැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම සදහා ජනාධිපතිවරයා කඩිනමින් කටයුතු කරමින් සිටින බව වාර්තා වෙ”

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 32(1) ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපති ධූරයට තෝරාපත් කර ගනු ලැබූ පුද්ගලයා දිවුරුම් දීමෙන් හා අත්සන් තැබීමෙන් එකී ධූරය ක්‍රියාත්මක වන බැවින් ජනාධිපතිවරයාගේ ධූර කාලය එතැන් සිට සිට ක්‍රියාත්මක වූ සේ සැලකිය යුතු බව පැහැදිලිය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට, ජනාධිපතිවරයාගේ ධූර කාලය දීර්ඝ කිරීමට හෝ අඩු කිරීමට, සංශෝධනයක් පාර්ලිමේන්තුවේ සම්මත කළ විට එකී සම්මත වූ සංශෝධනයට කතානායකවරයාගේ අත්සන් තැබූ දිනය සිට ජනාධිපතිවරයාගේ ධූර කාලය තීන්දු කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව පිහිටනවා ඇත. ජනාධිපතිවරයාගේ ධූරය ආරම්භ වන්නේ දිවුරුම් දුන් දින සිටය. එකී ආරම්භ වූ දිනයට දැනට බලපවත්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 19 වන සංශෝධනයෙන් කිසිදු බලපෑමක් ඇති කර නැත. සිදුවී ඇත්තේ ජනාධිපතිවරයාගේ අවුරුදු හයක් ලෙස තිබූ කාලය අවුරුදු පහට සීමා කිරීම ය. එලෙස සීමා කරන ලද්දේ 2015. 01.09 දිවුරුම් දීමෙන් ආරම්භ වූ ජනාධිපතිධූරයේ කාලය බැවින් කතානායකවරයා විසින් 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මතයට අත්සන් තබා එකී සම්මත ව්‍යවස්ථා සංශෝධනය නීතිමය වශයෙන් බලගැන්වූ දිනය අදාල නොවනු ඇති බව ඉතා පැහැදිලිය.

  7. සිංහල බන්ඩා says:

    අගමැටියය් ජඩපතියය් දෙන්නගෙන් එකෙක් වත් බලය අතහරින්න ලැහැස්ති නැහැ.

    • Rata Wenuwen says:

      දෙන්නා මාරුවෙන් මාරුවට පුක් ගහන්න පටන් අරන්,මූසල අසමද්ජාති කුහකයෝ දෙන්නෙක්

  8. පොඩි එකා says:

    අවුරුදු හයකට තිබ්බ බලය තමන්ගේම කැමැත්තෙන් පහකට අඩු කරගෙන ඒ ගැන බොහොම උඡාරුවෙන් රටට කතා කරලා දැන් අහවල් ලබ්බකටද මට හයක් තියෙනවද කියලා අහන්නේ..

  9. Ananda says:

    අනේ ඔබ තුමා තව ටික කලක් ඔය දුරයේ ඉන්න. නැතිනම් රටට අන්දරේ කෙනෙක් නැති වෙනවා. අපි ඉදලා හිටලා හිණා වෙන්නෙ ඔබ තුමාගේ මේ වගේ කතා වලට. දැන් ඊලගට ගෝටා ආවාම ඉතින් කතා කරන්නෙ ආර්තික සැලැස්ම, ජාතික ආරක්ශාව, මේ වගේ අපිව හිනා සාගරේ ගිල්ලවන්නේ නැහැනේ.

  10. puncha says:

    Ane yako lajjawak gewilawath nethi JAnapathi, Agamathi depala. Thawa rata kannada inne. Meyata JVP bath balayo, UNP un saha NGO kukko wagakiwa yuthui.

Main News