ධුර කාලය ගැන ජනපති ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසන්න යයි..? ජනාධිපතිවරණයට අතුරු තහනමක්..?? සියළු ලේඛණ සකසා අවසන්…
September 19, 2019 at 10:00 am | lanka C news
තම ජනාධිපති ධුරයේ කාල සීමාව අවසන් වන්නේ කවදාදැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම සදහා ජනාධිපතිවරයා කඩිනමින් කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි.
මේ සදහා වූ අවසන් ලේඛණ ඊයේ දිනයේදී ප්‍රධාන පෙලේ නීතීඥයන් කිහිප දෙනෙකු විසින් සකස් කර බාර දී ඇතැයිද සදහන්ය.
මෙම මතය විමසීම අවසන් වන තුරු ජනාධිපතිවරණයේ නාම යෝජනා කැදවීම අත්එිටුවමින් අතුරු තහනමක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටීමටද සූදානමක් ඇති බව ආරංචි මාර්ග කියා සිටී.
ජනාධිපතිවරයාගේ පාර්ශවයේ මතය වී ඇත්තේ ජනාධිපතිගේ ධුර කාලය ආරම්භ වන්නේ කතානායකවරයා 19 සංශෝධනයට අත්සන් තැබූ සිට වසර 05ක් එනම් 2020 මැයි මස 15 වන දින දක්වා බවයි.
කෙසේ නමුත් විපක්ෂය ප්‍රශ්ණ කරන්නේ කතානායකවරයා ඊට අත්සන් තැබුවේ මෙම 2019 වසරේ නම් ජනාධිපතිවරයාට 2024 දක්වා ධුරයේ රැදී සිටිය හැකිද යන්නයි.
දොරටු පාලකයා රජ කිරීමේ විපාක
ආප්ප කන්න දීමෙන් විපාක
යසලාලක තිස්ස රජුගේ මාලිගයේ සුබ නැමති දොරටු පාලකයෙක් විය. මෙම දොරටු පාලකයා හැඩහුරුකමින් බොහෝ සෙයින් රජතුමාගේ හැඩරුවට සමාන විය. මෙම දොරටු පාලකයාද සහභාගී කරගනිමින් කිසියම් කවටකමක් කළ යුතු බවට රජුට අදහසක් පල විය. ඒ අනුව දිනක් රජු සහ සුභ නම් වූ එම දොරටු පාලකයා අතර රහසින් සාකච්ජාවක් සිදු විය. ඒ අනුව පසුදින රාජසභාව රැස්වන මොහොතේ කවටකම සිදු විය. රජතුමාගේ සියලු රාජ අභරණ පලන්දා සුභ නම් දොරටුපාලකයා සිංහාසනයේ වාඩි කොට සිටියේය. දොරටුපාලකයා ලෙස සැරසුණු සැබෑ යසලාලක තිස්ස රජතුමා එම ඇඳුමෙන් සැරසි හෙල්ලයක් ද ඇතැතිව පසෙක මුරට සිටියේය. රාජ සභාවට පැමිණෙන ඇමතිවරු ” අවසර රජතුමනි” යැයි පවසා නමස්කාර කරනු බලා සිටීම රජුට ඉමහත් සතුට දනවන්නක් විය. ඇමතිවරුන් මෙසේ ” වෙස්වලාගෙන රජුට ” රැවටී වැඳ වැටෙන දෙස බලා සිටි ” සැබෑ රජු” එක්වරම මහා හයියෙන් සිනාසෙන්නට විය. සැබෑවටම ඔහු “රජු ” නිසා රාජ සභාවේ සිත් සේ හැසිරීමට ඔහුට කිසිදු බියක් නොවීය.එම නිසා ඈත වූ හෙල්ලයද හතර අතර වනමින් නොයෙක් කවට වදන් කියමින් මහා හඬින් සිනාසෙන්නට විය. එහෙත් ගත වුයේ මොහොතකි. සිදු වුයේ කිසිවෙකු අපේක්ෂා නොකළ දෙයකි. වහා රාජ සභාව ඇමතු රජු ලෙස සිංහාසනයේ සිටි සුභ දොරටු පාලකයා මේසේ කිවේය.
” මේ දොරටු පාලකයා ලෙස සිටින්නේ සැබෑ රජු යැයි නොදත් ඇමතිවරු, නිලධාරීන් කැඳවා යසලාලක තිස්ස රජුගේ හිස ගසා දැමීය. පණ්ඩුකාභය රජුගෙන් ආරම්භ වූ ශ්‍රී ලංකාවේ පළමු මෞර්ය රජ පෙළපත ඒ අනුව යසලාලක තිස්ස රජුගෙන් අවසන් විය. යසලාලක තිස්ස රජු මරා රජ වූ පසු සුභ රජු වසර හයක් පමණ රජ කල බව ඉතිහාසයේ සඳහන් වේ .
එහෙනම් මහින්දට, චන්ද්‍රිකාට නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැක.
ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසන්න
මුට කරන්න තියෙන ර්කම දේ දෙශබියොගයක් ගෙන්න..
He is cracked and others follow him.
එලවන්න මඩු වලිගේ ගන්න වෙවිද දන්නෙ නැහැ
ශ්‍රී ලංකාවේ නීති විශාරදයින් තම පක්ෂයට අවශ්‍ය ලෙස නීතිය අර්ථකථනය කරන නිසා, හැකි හැම විටම ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම සුදුසුයි සහ නීත්යනුකුලයි. 2018 ඔක්තෝබර් විප්ලවය මතකද?
කතානායකගේ අත්සන වැදගත් වුනාට වඩා වැදගත් වන්නේ පාර්ලිමේන්තුවේ චන්දෙ විමසා සම්මත කල දිනයයි. කතානායකගේ අත්සන යම් ප්‍රමාද වුනේ කතානායකගේ පුද්ගලික අතපසුවීමක් හෝ දෝෂයක් නිසාය. මීට කලින් පනත්වලටත් කතානායක අත්සන් කල දිනේ ඉඳල නොවේ බලාත්මක වුනේ, පාර්ලිමේන්තුවේ සම්මත වුන දිනේ ඉඳල. ඒ අනුව සිරිසේනට මැයි වෙනකම් ජනාධිපති විධියට වාචාල කතා කිය කියා ඉන්න බැහැ.