නකල්ස් ඉඩම් කොල්ලයක් නෑ.. ජනතාවට බෙදනවා පමණයි..- නියෝජ්‍ය ඇමති

June 17, 2018 at 6:48 pm | lanka C news
නකල්ස් ඉඩම් කොල්ලයක් නෑ.. ජනතාවට බෙදනවා පමණයි..- නියෝජ්‍ය ඇමති

‘නකල්ස් කදුපන්ති ආශි‍්‍රතව කිසිදු පරිසර හානියක් සිදුවන්නේ නැහැ. ඇතැුමුන් දේශපාලන වාසි ලබාගැනිමේ අරමුණින් මෙවැනි අසත්‍ය ප‍්‍රචාර සිදුකරනවා’ යයි සංචාරක හා ක‍්‍රිස්තියානි කටයුතු නියෝජ්‍ය අමාත්‍ය රංජිත් අඑවිහාරේ මහතා පවසයි.

ඔහු මෙම අදහස් පලකලේ අදදින අස්ගිරි මහා විහාරයට පැමිණ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපුජ්‍ය වරකාගොඩ ශි‍්‍ර ඤාණරතන මහානායක හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගැනිමෙන් අනතුරුව මාධ්‍යවේදින් නැගු ප‍්‍රශ්නවලට පිලිතුරු ලබාදෙමිනි.

‘නකල්ස් කදුපන්ති ආශි‍්‍රතව පරිසර හානියක් සිදුවනවා කියන කතා සම්පුර්ණ බොරුවක්. මේ හදන්නේ දේශපාලන වාසි ලබාගන්න. ඇතැුමුන් දේශපාලන වාසි ලබාගැනිමේ අරමුණින් මෙවැනි අසත්‍ය ප‍්‍රචාර සිදුකරනවා.

වතුකරයේ සිටින කම්කරු ජනතාවට නිවාස සෑදිමට අප රජයෙන් පර්චස් 07 ක ඉඩම් කොටසක් ලබාදෙනවා. ඒ ඒ කොට්ඨාශවල වතු ආශ‍්‍රිතව තමයි එම ඉඩම් ලබාදෙන්නේ. නකල්ස් ක`දුපන්තිය ඒ කොට්ඨාශ වලට අහුවන්නේ නැහැ.

මේක සම්පුර්ණ බොරු ප‍්‍රචාරයක්. ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයාට මඩ ගැසිමේ අරමුණින් තමයි මෙවැනි ප‍්‍රචාර සිදුවන්නේ.

මම නියෝජනය කරන්නේ මාතලේ දිස්ති‍්‍රක්කය. මාතලේ දිස්ති‍්‍රක්කයෙන් තමයි ඒ ඒ කම්කරුවන්ට පර්චස් 07 බැගින් ඉඩම් බෙදන්නේ. ඔය කියන විදිහේ කිසිම පරිසර හානියක් සිදුවන්නේ නැහැ ඒක සම්පුරණ බොරුවක්.

– රජිත සමරසූරිය

89 views

17 Comments to “නකල්ස් ඉඩම් කොල්ලයක් නෑ.. ජනතාවට බෙදනවා පමණයි..- නියෝජ්‍ය ඇමති”

  1. FREE says:

    නකල්ස් කඳු පන්තියට අත නොතබා වතුකම්කරුවනට නිවාස සාදා දෙන්නට හැකියාවක් නැද්දැයි මේ නියෝජ්‍ය ඇමතිවරයා රටට හෙලි කල යුතුය​.විජිතපුරය ඩෝසර් කල උදවිය මෙන්ම කිරිඇල්ල ඇමතිවරයාගේ ප්‍රයත්නයද රටට හෙලිවී හමාරය​.අන්ත දූෂිත ඇමතිවරුන් වෙනුවෙන් කඩේ යන විට තම නිරුවත ඉබේම ප්‍රදර්ශණය වන බව මේ නියෝජ්‍ය ඇමතිවරුන් දැන ගන්නා තුරු මේ විනාශ සිදු වනු ඇත​.

    • Love nature says:

      වතුකරයේ සිටින කම්කරු ජනතාවට නිවාස සෑදිමට අප රජයෙන් පර්චස් 07 ක ඉඩම් කොටසක් ලබාදෙනවා
      අපේ රටේ ඉඩම් වතුකරයේ දෙමල ජනතාවට බෙදා දෙන්නේ මන්ද ? ඉඩම් පර්චස්1 වත් නැති රටේ සිංහල මහජාතිය කොතරම් සිටිනවාද ?
      මුස්ලිම් ඇමැතිලාගේ නැදෑ හිතවතුන්ට දෙමල ජාතිකයන්ට නකල්ස් කදුපන්ති ආශි‍්‍රතව ඇති වන උද්‍යාන විනාශකරමින් ඉඩම් බෙදන්න ඉඩ දෙන්නේ මන්ද ?
      මෙය වහාම නතර කල යුතුයි .ජාතික සම්පත් විනාශකිරීම සම්බන්දව .කිරිඇල්ල වහාම අත්අඩංගුවට ගතයුතුයි ..
      රටේ සෑම වන පද්දතියක්ම විනාශකරමින් සුළුජාතික කොලනි සාදන්නේ කුමකටද ? .ඒ ඉඩම් යහපාලනයේ බුදලය නොවේ
      නකල්ස් කදුපන්ති ආශි‍්‍රතව ඇති ඉඩම් කිරිඇල්ලගේ අම්මගේ අප්පාගේ බුදලය නොවේ

    • "ක්‍රිස්තු පරුස" says:

      සෙම්බුවත්ත මාතලේ ඔබ ඉපදුන ගමය
      මුස්ලිම් දෙවියො නෑව ගම අල්ලාගෙනය
      බොරු ගොතා නකල්ස් අල්ලා ගන්නේය
      සිහල මානයම අහිමිය අල්ලා දෙවි හිමිය

  2. Kalan says:

    හම්බ රටක් කරන්න කාලකන්නි සිංහල දේශපාලුවෝ පොරේ, මහින්ද විල්පත්තුව බෙදුව, මුන් දැන් නකල්ස් බෙදනවා චන්ද බලාගෙන. රට විනාස කරලා දාන අමුනුස්සයන්.

  3. සීගිරි says:

    දේශපාළුවන් උන් එක එකාගෙන් වෙනස් වන්නේ නම් වලින් පාටෙන් හා පක්ෂවලින් පමනයි.
    වැඩ වලින් මුන් කොයි එකත් එකයි…

  4. buddhagamkaaraya says:

    Christiyani katayuthe pilimbadawa bauddha amathi. Yahapaalanayata saha sanhindiyaawata hondata galapenawa!

  5. සුදුපරවියා says:

    ක‍්‍රිස්තියානි කටයුතු නියෝජ්‍ය ඇමතිතුමෝ කුමකටද වතුකරයේ සිටින කම්කරු ජනතාවට නිවාස සෑදිමට රජයෙන් පර්චස් 07 ක ඉඩම් කොටසක් ලබා දෙන්නේ ? වතු දෙමලුන්ගේ ජන්දෙට කප්පන්ද ? රටේ සිටින සිංහල ජනතාව රවටමින් අපේ ජාතික වන පද්ධති විනාශකිරීමේ අරමුණින් නේද මේවා සිදුකරන්නේ ? වතු දෙමළ ජාතිවාදී දේශපාලකයන් සැනසිමටද? ජන්දෙටද ?
    මුදලටද ?ලැජ්ජයි
    අපේම සිංහලයා තමන්ගේ රටේ උරුමය සුලුජාතින් ට බෙදලා දෙන්නේ ඔවුන්ගේ අම්මගේ අප්පාගේ බුදල කියලා හිතාගෙනද ? මේවගේ වංචාකර දේශද්‍රෝහී ආණ්ඩුවක් ලක් ඉතිහාසේම නැහැ .සිංහලයට ඉඩම් නොමිලේ නොදී දෙමලජාතින්ට පමණක් රජයේ ඉඩම් බෙදාදෙන්නේ කුමන හේතුවක් සදහාද ?කන්ද උඩරට දෙමළ ඊළමට පාර කැපිමටද ?
    ගනේෂන්ගේ ඉල්ලීමක්ද ?

  6. Raawana says:

    chhewaraya idiriye pacha kelinna epaa unnehe.

  7. බෙර හඬ says:

    ජනතාවගෙ නමින් වෙනත් අය ප්‍රයෝජණ ගැණීමට සූදානම් වනු නියතය, මේ රටේ වෙනත් ස්ථාන ඉඩම් බෙදාදීමට ඇත්තේම නැත්ද? සියළුම රක්ෂිත වනසා දමා වැසි වනාන්තර හමාර කොට මේ රට මුඩු බිමක් කර ඔවුන්ද වැනසී අපද වනසා දැමීමට මේ නූගත් පාලකයන් කල දුටුකල වල ඉහගන්නා න්‍යාය ක්‍රියාත්මක කරන්නෝය. මේ විද්‍යාත්මක ඇමති මණ්ඩලයයි.

  8. Atik says:

    මා හිතවත් සිංහල හෝ බෞද්ධ යයි පවසා ගන්න පක්ෂ ගැන සිතන මිතුරන් වෙතයි. රට ජාතිය ඒ සියල්ලටමට වඩා උතුම්. ඔබලා නොදැනුවත්ව විශාල කුමන්ත්රණයක් වෙමින් පවතිනවා. දැනටමත් පරක්කුයි. Senanayke යුගයක් නැවත කවදාවත් එන්නේ නැහැ. ඉන්නේ තනිකරම රට පාවා දෙන්නන්. CONSIDER.

  9. ‍ජ‍හ‍ම‍න‍ය says:

    දැන් ලංකාවෙ තේ වලට මිලක් ඇත්තෙත් නැහැ.තේ පළදාවත් හොඳටම අඩුයි.තියෙන ටිකටත් කුරුමිනියෙක් හෝ දාල ප්‍රස්නයක් ඇතිකරගන්නව.ඒ නිසා තේ ආශ්‍රිත රෑකියාවන් අපේ රටේ බොහොම අඩුයි.නමුත් ඉන්දියාවෙ එහෙම නොවෙයි.ඒ අයට හොඳ ස්ථාවරයක් තියෙනව. ඒ නිසා අපේ අතිරික්ත වතු කම්කරුවන්ට හොඳ මුදලක් දීල ඉන්දියාවට යැව්වොත් නරකද?ඒ අය කොහොමත් ඉන්දියානුවන්.ඒනිසා රටට ඇතුල්වීමේ ප්‍රස්නයකුත් නැහැ.රෑකියා පුහුනුවත් තියෙනව.අතේ සල්ලිත් තියෙනව.ඒ නිසා ඒ අයට එහෙ හොඳින් ජීවත්වෙන්න පුළුවන්.අපි කරගන්නෙත්පිනක්!

    • Janathawa says:

      They try to get the minority votes by giving bribes of that nature while millions of majority nation are landless and their landless problems being overlooked by this opportunistic government. Are lands needed only for minorities but not for poor majority race? The people in this country gave power (in fact it they maintain the majority with power crazy SLFPers)only for 5or 6 years , but they try to destroy the forest reserves and mountain reserves like those were their fathers properties. Future generations would have to face for disastrous weather and climate effects,as a result of these deforestations.

  10. පන්සලට වැදලා කෙලපන් මල්ලි කැලේටම. says:

    පන්සලට වැදලා කෙලපන් මල්ලි කැලේටම.

Main News