නකල්ස් ඉඩම් කොල්ලයක් නෑ.. ජනතාවට බෙදනවා පමණයි..- නියෝජ්‍ය ඇමති
June 17, 2018 at 6:48 pm | lanka C news
‘නකල්ස් කදුපන්ති ආශි‍්‍රතව කිසිදු පරිසර හානියක් සිදුවන්නේ නැහැ. ඇතැුමුන් දේශපාලන වාසි ලබාගැනිමේ අරමුණින් මෙවැනි අසත්‍ය ප්‍රචාර සිදුකරනවා’ යයි සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු නියෝජ්‍ය අමාත්‍ය රංජිත් අඑවිහාරේ මහතා පවසයි.
ඔහු මෙම අදහස් පලකලේ අදදින අස්ගිරි මහා විහාරයට පැමිණ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපුජ්‍ය වරකාගොඩ ශි‍්‍ර ඤාණරතන මහානායක හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගැනිමෙන් අනතුරුව මාධ්‍යවේදින් නැගු ප්‍රශ්නවලට පිලිතුරු ලබාදෙමිනි.
‘නකල්ස් කදුපන්ති ආශි‍්‍රතව පරිසර හානියක් සිදුවනවා කියන කතා සම්පුර්ණ බොරුවක්. මේ හදන්නේ දේශපාලන වාසි ලබාගන්න. ඇතැුමුන් දේශපාලන වාසි ලබාගැනිමේ අරමුණින් මෙවැනි අසත්‍ය ප්‍රචාර සිදුකරනවා.
වතුකරයේ සිටින කම්කරු ජනතාවට නිවාස සෑදිමට අප රජයෙන් පර්චස් 07 ක ඉඩම් කොටසක් ලබාදෙනවා. ඒ ඒ කොට්ඨාශවල වතු ආශ්‍රිතව තමයි එම ඉඩම් ලබාදෙන්නේ. නකල්ස් ක`දුපන්තිය ඒ කොට්ඨාශ වලට අහුවන්නේ නැහැ.
මේක සම්පුර්ණ බොරු ප්‍රචාරයක්. ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයාට මඩ ගැසිමේ අරමුණින් තමයි මෙවැනි ප්‍රචාර සිදුවන්නේ.
මම නියෝජනය කරන්නේ මාතලේ දිස්ති‍්‍රක්කය. මාතලේ දිස්ති‍්‍රක්කයෙන් තමයි ඒ ඒ කම්කරුවන්ට පර්චස් 07 බැගින් ඉඩම් බෙදන්නේ. ඔය කියන විදිහේ කිසිම පරිසර හානියක් සිදුවන්නේ නැහැ ඒක සම්පුරණ බොරුවක්.
– රජිත සමරසූරිය
නකල්ස් ඉඩම් කොල්ලයක් නොව මංකොල්ලයකි.ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයාට මඩ ගැසීමේ උවමනාවක් කිසිවෙකුට නැතිවාක් මෙන්ම කිසිවෙකුටත් ඒ වෙනුවෙන් වෙහෙසිය යුතුද නැත.ඔහු විසින්ම සිය දෝතින්ම ගත් මඩ දැනටත් හත් පොලේම ගා ගෙන ඇත.ලෝක උරුමයක් ලබා ගැන්ම අතීශය දුෂ්කරය.එය නැති කර ගැන්ම අතීශය පහසුය.ලෝක උරුමයේ වෙසෙන අවසන් වන අලි දෙදෙනා රිමාන්ඩ් බාරයට ගන්නා තුරු වන ජීවි ඇමතිට හා ඔහුගේ සහායකයාට නින්ද යන්නේ නැත.ඔවුනට අනුව ඊට එරෙහිව හඬ නගන්නෝ ලිං ගෙම්බෝය.රට වෙනුවෙන් හඬ නගන බුදු පුතුන් චීවර ධාරියෝය. එසේ කියනා ඔව්හු සිලින්ඩරාකාර ලිංවල වාසය කරනා ලිං ගෙම්බෝ නොව කේතුධර ආකාරයේ ලිංවල වසනා ගෙම්බෝ විය යුතුය.එවන් ලිඳක ඉන්නා ගෙම්බනට අහසක් පෙනෙන්නේම නැත.එහෙව් එකෙකුට ලෝකයක් ඇත්තේම නැත.වනජීවී ඇමතිගේ මේ කේතුධර ලිං මැඩි මෙහෙයුම ක්‍රියාත්මක වනවා යනු කිරිඇල්ලලාට නකල්ස් විකිනීමට පාර කපා දීමකි.සම්මුතියෙන් සාකච්චාවෙන් පාලනය ගෙන යමින් ලෝක උරුමයන්ට කරුමයක් වීම ලිච්ඡවී ක්‍රමය කියා මොවුන් සිතන්නේදැයි අපි නොදනිමු.අක්කර දහස් ගනනක් ව්‍යාජ ඔප්පු වලින් දැනටමත් භුක්ති විඳිනා ප්‍රභූ යැයි කියාගන්නා උත්තමයින්ම රටේ පමණක් නොව ලෝකයේම උරුමයන් බවට පත්වූ බිම් කඩවල් අයිති කර ගන්නට දත කන්නේ මතු ආත්මයේ ප්‍රභූ මලපෙරේතයින් වන්නටදැයි අපි නොදනිමු.
අපේ හාමුදුරුවනේ මාත් දැක්කේ පත්තරෙන් තමයි. ඔබ වහන්සේට කව්ද කිවේ? පත්තරේ බැලුවද?
ඉදිරියේදී ඇසෙනවායයි සිතන වදන් වැල් 1. නකල්ස් විනාශ කරන්නේ නෑ, කෑලි කඩා මිනිසුන්ට බෙදා දෙනවා පමනයි.( ඇසුනා) 2. සින්හරාජෙ විනාශ කරනවාන් නොවේ, අලි එලවලා මිනිසුන්ට ගහක් දෙකක් කපාගන්න දෙනවා පමනයි. 3. රටෙ සම්පත් විකුනනවා නොවේ, චීනයට සහ ඉන්දියාවට දීලා අපි නිදහස් වෙනවා පමනයි. 4. රට බෙදනවා නොවේ , උතුරේ ජනතාව ඉල්ලන බලය දෙනවා පමනයි.
ඔල මොට්ටල දෙෂපාලුවන් ලංකාවේ තියෙන කැලැ ටික මහජනයාට පැවරීම ඉදිරි අනාගතය ලංකාව කාන්තාරයක් වන බව නොඅනුමානය.
ඔය නිවාස අවෂයනම් මහල් නිවාස තනා මහජනයාට දීපල්ලා අද චීනයේ මහල් නිවාස හැර මහජනයාට තනිකර ඉඩම් පවරන්නේ නැත ලංකා බිම් ප්‍රමාණයට වඩා ජනගහනය වර්දනයවී ඇත රටේ තිඅයන පචනොකෙලා මහල් නිවාස ව්යාක්රුරුතියක් යෝජනා කරපල්ලා ගම් සහ නගර බද ???