නකල්ස්, පිටවල පතන ස්වභාවික පරිසර පද්ධතිය වනසයි..

September 2, 2017 at 2:34 am | lanka C news
නකල්ස්, පිටවල පතන ස්වභාවික පරිසර පද්ධතිය වනසයි..

නකල්ස් කදු පංතියට අයත් පිටවල පතන ප‍්‍රදේශයේ ඉපැරණි ස්වභාවික ගස් කිසියම් පිරිසක් විනාශ කර ඇතැයි මාතලේ දිස්ත‍්‍රික් රාජ්‍ය නොවන පාරිසරික එකමුතුව කියයි.

පිටවල පතන ආසන්නයේ ඇති තොරතුරු මධ්‍යස්ථානය ආසන්නයේ මෙම හෙළි පෙහෙළි කිරීම් සිදුවන බව ද ඔවුහු පවසති.

වසර ගනනාවක් පැරණි ජෛව විවිධත්වයෙන් අනුන පරිසර පද්ධතියක් වන පිටවල පතන ප‍්‍රදේශය අධි සංවේදී කළාපයක් බව පරිසර එකමුතුව සදහන් කරයි.

පසුගිය රජය සමයේ පිටවල පතන සමීපයේ ඉදිකෙරුණු තොරතුරු මධ්‍යස්ථානයට ප‍්‍රදේශයේ විවිධ සංවිධාන රැසක විරෝධය එල්ල වූ අතර ඒ හේතුවෙන් මෙම සංචාරක තොරතුරු මධ්‍යස්ථානයේ වැඩ අතර මග නැවතී තිබිනි.

කෙසේ වෙතත් මෙම පරිසර පද්ධතියට ආවේනික සත්ව විශේෂ මෙන්ම ශාක රැසක් පවතින බැවින් අවිධිමත් අයුරින් සිදුකරන ලබන එළි කිරීම් හේතුවෙන් පාරිසරික ගැටළු රැසක් පැන නගින බව ද මාතලේ දිස්ත‍්‍රික් රාජ්‍ය නොවන පාරිසරික එකමුතුව අප කළ විමසීමක දී ස`දහන් කළේය.

කෙසේ වෙතත් පිටවල පතන හෙළි කිරීම සම්බන්ධයෙන් වන සංරක්ෂණ දෙපාර්ථමේන්තුවේ ඉළුක්කුඹුර තොරතුරු මධ්‍යස්ථානයෙන් ද විමසීමක් කළෙමු. එහිදි එහි බීට්ටු වන නිලධාරිවරයෙකු කියා සිටියේ පතන ප‍්‍රදේශයේ වන විනාශයක් සිදු නොවන බවයි. කෙසේ වෙතත් සිය සාමාජීකයින් පිටවල පතන ප‍්‍රදේශයේ පිහිටි තොරතුරු මධ්‍යස්ථානය අවට සුද්ද පවිත‍්‍ර කිරීමක් සිදුකල බවත් හෙතෙම සදහන් කළේය.

ලබන මස විවෘත්ත කිරීමට නියමිත තොරතුරු මධ්‍යස්ථානය අවට පිරිසිදු කිරීම එහි අරමුණ බව ද හෙතෙම සදහන් කළේය.

පිටවල පතන ප‍්‍රදේශයේ පවතින ඉපැරණි ශාක විනාශ නොකරන බවත් එම ස්ථානයේ නව පැලෑටි සිටුවීමේ කටයුතු සිදුකරන බවත් එම නිලධාරීවරයා වැඩිදුරටත් සදහන් කළේය.

– ඉන්දික අරුණ කුමාර

668 views
Main News