නකල්ස් රක්ෂිතයේ පරිවාර රජයේ ඉඩම් කට්ටි කර විකුණයි.. නකල්ස් අනතුරේ…
March 19, 2017 at 7:07 am | lanka C news
නකල්ස් රක්ෂිත වනාන්තරයට පවරා ගැනීමට නියමිතව තිබූ ඒ ආසන්න රජයේ ඉඩම් කොටස් කර විකුණා දමමින් සිටින බවට දේශීය වනාන්තර සුරැකීමේ සංගමය චෝදනා කරයි.
මේ හේතුවෙන් නකල්ස් ලෝක උරුම රක්ෂිත වනාන්තරය අනතුරට ලක්වෙමින් ඇතැයිදසංගමය කියයි.
සංගමයේ සභාපති අතික් නසීර් පෙන්වා දෙන්නේ රාජ්ය වැවිලි සංස්ථාවට හා ඇල්කඩුව වතු සමාගම්වලට අයත් ඉඩම් පැවතීම නිසා නකල්ස් රක්ෂිතයට ආරක්ෂාව සැලසුණු බවයි.
අදාල ඉඩම් රක්ෂිතයට පවරාගැනීමට තිබුනද මේ වන විට එම ඉඩම් කොටස් කර විකුණා දමමින් සිටින බවද කී ඔහු සංචාරක හෝටල් හා ව්යාපාරික ස්ථාන මෙම ඉඩම්වල ඉදිකිරීමට සැලසුම් කර ඇති නිසා ඉන් රක්ෂිතයට දැඩි අනතුරක් සිදුවන බවද කියා සිටී.