නගරයට එන කිරිදෙන මව්වරුන්ට මව්කිරි දෙන්න වෙනම ස්ථානයක්….
February 18, 2020 at 2:02 am | lanka C news
කිලිනොච්චිය නගරයට එන කිරිදෙන මව්වරුන්ට විඩාව සන්සිදුව සිය දරුවන්ට මව්කිරි දීමට නගරයේ පොදු ස්ථානයක වෙනම මව්කිරි දීමේ ස්ථානයක් ඉදිකිරීමට කිලිනොච්චිය කරච්චිය ප්‍රාදේශීය සභාව විසින් පියවර ගෙන ඇත.
කිලිනොච්චිය පොදු වෙළඳ සංකීරණය, කරච්චි ප්‍රාදේශීය සභාවේ සහ කිලිනොච්චිය බස්නැවතුම්පල ඉදිරිපිට මෙම මව්කිරී දීමේ ස්ථානය ඉදිකොට ඇති අතර මව්කිරී දීමේ ස්ථානය විවෘත කිරීම කිලිනොච්චිය දිසාපති රූපවතී කේදීස්වරන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවත්විණි.
නගර මධ්‍යට පැමිණෙන ජනතාවගෙන් ගැබිනි බව්වරුන්ට හා කිරිදෙන මව්වරුන්ට නැවතී සිය ගිමන් සංසිඳුවා ගැනීමට ස්ථානයක් නොමැතිකම නිසාවෙන් එම මව්වරුන් පීඩා විඳිමට විසඳුමක් වශයෙන් මෙසේ මව්කිරී දීමේ ස්ථානයන් විවෘත කිරීමට පියවර ගත් බවට කරච්චි ප්රාදදේශීය සභාවේ නිලධාරීන් වැඩි දුරටත් පැවසූහ.
– වන්නි රොමේෂ් මධුෂංඛ
Excellent idea. Other towns and cities must copy this example and provide similar facilities.
බැස්ටියන් මාවත බස් නැවතුමිපලෙහි ෙමෙවැනිිි තැනක් 2018 වල ස්ථාපනය කලා.
is the place sanitized and clean ???? If not, there is no point having such a place.
PHIs must be directed to inspect such a place twice daily.
Mongalayath okata ringa ganiida danne nehe.
Okkomatama issella chu karanna thanak hadalaa dennako