නගරය මැද පොලිස් රියකට පහර දෙයි…

August 10, 2022 at 3:15 am | lanka C news
නගරය මැද පොලිස් රියකට පහර දෙයි…

බේරුවල නගරයේ ඔරලෝසු කණුව අසල දි බේරුවල පොලිසියේ රාත්‍රීජංගම මුර සංචාරක ත්‍රීවිල් රථයේ ඉදිරිපස ප්‍රධාන වීදුරුවට පහරදී එහි ගමන් පොලිස් නිලධාරියෙකුට සාපරාධී බලහත්කාරය පා රාජකාරියට බාධා කළ 29 හැවිරිදි විවාහක පුද්ගලයෙකු බේරුවල පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බව කියයි .

බේරුවල අඹේපිටිය ප්‍රදේශයේ පදිංචි සැකකරු අධික ලෙස මිතුරන් කණ්ඩායමක් සමග මත්පැන් පානය කර නිවසට යන අතරතුර ඔහු ගමන් ගත් රථයෙන් බලහත්කාරයෙන් බැස බේරුවල නගරයේ පිරිසක් සමග කලා කාරීව හැසිරෙන බවට බේරුවල පොලීසියට ලද දුරකථන ඇමතුමක් අනුව ක්‍රියාත්මකවූ පොලිසිය එම අවස්ථාවේ එම ස්ථානයට පැමිණිබව කියයී.

එලෙස පොලිස් නිලධාරීන් පැමිණිජංගම පොලිස් මුර සංචාරක ත්‍රීරෝද රථයටත් ත්‍රිරෝද රියෙන් පැමිණි පොලිස් නිලධාරියෙකුගේ නිල ඇඳුමෙන් ඇද බීමත්ව අශෝභන ලෙස හැසිරුණු එම සැකකරු මෙල්ල කර බව කියයි.

එම අවස්ථාවේ පැමිණි බේරුවල පොලිස් ස්ථානාධිපතිවරයා තවත් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට කැඳවා ධීවර කාර්මිකයකු බව කියන සැකකරුව අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුව වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කර අධික බීමතින් පසුවන අයකු බව සනාථ කරගත් පොලිස් කණ්ඩායම එම සැකකාර පුද්ගලයා ව රෑ පහන් වනතුරු පොලිස් සිර මැදිරියේ තැබීමට කටයුතු කළ බවත් කියයි .

– අලුත්ගම තුසිත කුමාර ද සිල්වා

26,154 views

4 Comments to “නගරය මැද පොලිස් රියකට පහර දෙයි…”

  1. ගල් ආරි says:

    ඌට සලකන්න ඇති මදි නොකියන්න…

  2. Boo says:

    අපොයි කන්න කෑම ගන්න සල්ලි නැතුව, බෝට්ටුවට තෙල් ගන්න සල්ලි නැතුව, උයන්න ගෑස් ගන්න සල්ලි නැතුව අතේ මෙලෝ දේකට තඹයක් නැතුව හිටපු එකා ඒ වෙනුවෙන් තමයි ඒ අරගල කරලා තියෙන්නේ. (බොන්න පමනක් මුදල් තිබූ බව කරැනාවෙන් සලකන්න).

    • MD says:

      මිනිහා බීලා වෙරිවුනාම අපි ඇඳුම් ගලවගන්න ඕන කියලද ගොබ්බ අරගලකරුවන් කියන්නේ Boo.

  3. Don says:

    පොලිසිය කියන කතා ඇත්තම ඇත්ත. ආයුධ පෙන්වන්න අරන් යනවා. ආයුධ පෙන්වන්න අරගෙන යද්දී හෙලෙන් පහලට වැටිලා මැරෙනව. ඇත්තටම ඇත්ත.

Main News