නගරාධිපතිට කම්කරුවෙකු පහර දෙයි..

December 3, 2021 at 3:50 pm | lanka C news
නගරාධිපතිට කම්කරුවෙකු පහර දෙයි..

බේරුවල ප්‍රාදේශීය සභාවේ සභාපති මෙනක විමලරත්න මහතා හා දර්ගා නගරය ප්‍රාදේශීය සභා උප කාර්යාලයේ සේවය කරන ආදේශක කම්කරුවකු අතර ඇතිවූ ආරවුලක් පිළිබඳ සිද්ධියක් සම්බන්ධයෙන් (2) දර්ගා නගරය ප්‍රාදේශීය සභා උප කාර්‍යාලයට ගොස් කල විමර්ශනයෙන් පසුව එම ආදේශක සේවකයාගේ රාජකාරි වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කළ බව බේරුවල ප්‍රාදේශීය සභාවේ ලේකම් අශෝක රණසිංහ මහතා පැවසීය .

රාජකාරි කටයුත්තක් පිළිබඳ සභාපතිවරයා හා එම කම්කරුවා අතර ඇති වූ කතාබහ දුරදිග යාමෙන් එය කලහාකාරී තත්ත්වයකින් අවසන් වී ඇති අතර සභාපති වරයා එම සේවකයාටත් ආදේශක සේවකයා සභාපතිවරයාට ත් පහරදීම් සිදුකර ඇත.

එම ප්‍රාදේශීය සභා සේවකයා බේරුවල ප්‍රදේශය නියෝජනය කරන රාජ්‍ය අමාත්‍යවරයා ගේ නිවසේ කාර්යාලයේ සේවය කරන අයෙකුගේගේ පුත්‍රයකු බවත් සිද්ධියට සම්බන්ධ සියලු දෙනා පොහොට්ටුව නියෝජනය කරන අය බවත් බේරුවල ප්‍රාදේශීය සභා සභා සේවකයෝ පවසති.

සභාපතිවරයාට පහරදුන් සේවකයාගේ විනය පිරිහීම හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති අතර බේරුවල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා මීට මාස කිහිපයකට පෙර ද මෙවන් තත්වයකට මුහුණ දී සේවක පහරදීමටකට ලක්ව ඇති බවත් ඒ පිළිබඳව පොලිස් පැමිණිලි ක්‍රියාත්මක වන බවත් ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය .

ඒ හේතුවෙන් විනය කඩ කළ බවට චෝදනා ලැබ සිටින බේරුවල ප්‍රාදේශීය සභාවේ තවත් සේවකයන් කිහිප දෙනෙකුගේ සේවා මේ වන විටතහනම් කර ඇතැයි ද බේරුවල ප්‍රාදේශීය සභාවේ ලේකම් අශෝක රණසිංහ මහතා සඳහන් කළහ .

දර්ගා නගරයේ ප්‍රාදේශිය සභා උප කාර්යාලයේ සිද්ධියට සම්බන්ධ සේවකයාට විනය පරීක්ෂණ ක්‍රියා කරනවාද යන්න බේරුවල ප්‍රාදේශීය සභාවේ ලේකම් අශෝක රණසිංහ මහතාගෙන් තවදුරටත් කළ විමසීමේ දී ඒ මහතා කියා සිටියේ එම සේවකයා ආ දේශකයෙක කම්කරුවකු බැවින් විනය පරීක්ෂණයකින් තොරව සේවය අත්හිටුවීමට කටයුතු කළ බවය..

මේ පිළිබඳව අලුත්ගම පොලිස් ජනාධිපති වරයාගෙන් කළ විමසීමේ දී ඔහු සඳහන් කළේ මෙතෙක් ඒ පිළිබඳ පොලිසියට පැමිණිල්ලක් ලැබී නොමැති බවයි.

– තුසිතද සිල්වා

26,799 views

8 Comments to “නගරාධිපතිට කම්කරුවෙකු පහර දෙයි..”

  1. යෝනක says:

    නගරාධිපති විතරක් නෙමෙයි ඇමතිවරුත් ගුටි කන දවස වැඩි ඈතක නොවේ

  2. Gunda says:

    සබාපතිට එරෙහිව මොකුත් නෑ. එයා අහිංසක සුළු සේවයින්ට තග දාගෙන ලොකුකම් පෙන්නනව ඇති.
    මුලින්ම සබාපතිට එරෙහිව පරීක්ෂණයක් පවත්වා ඔහුගේ උද්ධච්ච භාවය නිසා සිදුවෙන බලපෑමෙන් සුළු සේවකයන් මුදා ගත යුතු බව යි ජනතා අදහස.

  3. Sampath says:

    හාහ් හඃ හාහ් ස ෆේල්

    • Gunda says:

      021 at 10:43 pm

      ස කියන්නෙ සජිත්…… ඔව් මල්ලි…. සජිත් සදා ෆේල්… හා..හාහහ…හෝ…හෝ

  4. Maha sinhale says:

    මොකක්ද මේ දර්ගා නගරය අපේ රට අරාබියද වහාම මේ නම් වෙනස්කල යුතුය.

    • wimalasena H.D. says:

      arabi nam demme neththam thota kanda nethuwa merendawei yako moosala maha sinhale. arabi nam nodaa thoge pinbath gilina gnaanasaara vage thattayange namda yako daanna kiyanne? suruttu sinhala jaatheenta
      thope myanmaaraya vage bauddha ratawaluth udavkoranne nehe, muslim ratawal erenna.

  5. පස්දුන්කෝරළේ රාළහාමි says:

    අනිවාර්යයෙන්ම ඔය සේවකයා අර පියල් නිශාන්ත කියන ඔලමොට්ටල රාජ්‍ය ඇමතිගෙ ඌෂ්ණය ඇඟට ගහපු එකෙක් වෙන්නැති. මොන පරීක්ෂණද, තලල එලවලා දාන්නෙ නැතුව.

  6. Guti Kana Moona says:

    Nagaraadipathiyata thibenne gutikana moonak wenna athi. Ekawenna athi, hamadaama guti kanne.

Main News