නගරාධිපතිට කේක් කපන්නැයි ආරාධනා කලේ මමයි…- කුරුණෑගල ASP
June 2, 2021 at 2:10 pm | lanka C news
කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව මහතාට ඔහුගේ උපන් දිනය වෙනුවෙන් කේක් කැපීමට ආරාධනා කළේ තමන් විසින් බව කුරුණෑගල සහකාර පොලිස් අධිකාරි සමන් දිසානායක මහතා සඳහන් කරයි.
තමාට ඒ නිසා ස්ථාන මාරුවීමක් ලැබුණ ද තමන් මෙරට ඕනෑම පොලිස් ස්ථානයක රාජකාරි කිරීමට සූදානම් බවද ඔහු පවසයි.
එදින කේක් ගෙඩිය කැපීමේ අවස්ථාව සඳහා සහභාගී වූයේ නගරාධිපතිවරයා, ඔහුගේ බිරිඳ සහ ව්‍යාපාරිකයෙකු පමණක් බවද පැවසූ සහකාර පොලිස් අධිකාරීවරයා එම අවස්ථාව ආවරණය කිරීමට මාධ්‍යයට ආරාධනා කළ බවද කියා සිටියේය.
නගරාධිපතිවරයාට මෙම මේ සඳහා ආරාධනා කළේ හදිසියේම බවත් එහිදී කේක් කැපීමක් සිදු වන බව ඔහු දැන නොසිටි බවත් පැවසූ සහකාර පොලිස් අධිකාරිවරයා තමන් පොලිස් නිලධාරියෙකු ලෙස ඕනෑම ප්‍රදේශයක රාජකාරි කිරීමට සූදානම් බව ද තවදුරටත් කියා සිටියේය.
හරි චංඩි ASP
කතාව king වගේ කිසිදු වරදක් නොකල.
මරුකරන්න නොව පොලිස් සේවයෙන් නෙරපා දැමිය යුතු චරිතයක්. නැත්නම් එහෙත් ගිහින් පොර කතා දිදී කේක් වලට වඩා ඒව කපයි
නිලය ලැබුනට මොළය නැති එක ජානවල දුර්වල කම.නිළ ඇදුමේ තරැත්වය,දේශපාලනයට බාල්දු කිරීම සමන් දිසානායක පමණක් කරපු දෙයක් නම් පුදුම වියයුතුයි. කශේරුකාවක් කෙලින් නැතිවීමත් මේවට හේතුවක්..අපොයි අපට වෙච්ච දෙයක්.
නගරාධිපතිට අත් තියන්න බයද? එයා නිරෝධායනය කරන්න..
ඔහොම කිව්වම මේ ආණ්ඩුවෙන් වරප්‍රසාද හම්බවෙන බව මේ ඇම්බැට්ටයා දන්නවා. ඒකයි මේ