නගරාධිපති නිල රථයෙන් බල්ලන් බෙහෙත් ගේන්න යයි..

December 1, 2021 at 12:02 am | lanka C news
නගරාධිපති  නිල රථයෙන් බල්ලන් බෙහෙත් ගේන්න යයි..

දඹුල්ල මහ නගර සභාවේ නගරාධිපති වෙනුවෙන් වෙන්කර ඇති WP-PF 3340 නගරාධිපති බොඩ් එකද සහිතව 29 දිනයේ දඹුල්ල නගරයේ ගමන් කරණ අයුරු දැක ගත හැකිවිය.

රජයෙන් වැටුප් ලබන රියදුරෙකු ධවනය කල කැබ් රථය නගරයට පැමිණ නැවැත රජයේ පශුවෛද්‍ය කාර්යාල ය වෙතද නැවැත ගොස් ඇත.

මෙම නිල රථය බාවිතයෙන් බල්ලන්ට බෙහෙත් ගන්න යෑම, රියදුරකු යෙදවිම කෙතරම් සාධාර්ණද ? යන්න නවැත නැවැත විමසිය යුතුය.

2020 වර්ෂයට බලු බදු යොජනාව ගෙනා දඹුල්ල මහනගර සභාව අධික සේවක නඩත්තුව නිසාවෙන් අධික මුල්‍ය අර්බුදයකට කලක්ව ඇත්තේය.

එනිසාම නාගරික සංවර්ධන අධිකාරි ගොඩ නැගිල්ලේ 2011 වසරේ දඹුල්ල මහ නගර සභාව ආරම්භයේ සිටම පවත්වාගෙන ගිය ගොඩ නැගිල්ලෙන් ඉවත්ව බස් නැවැතුම් පොල උඩු මහලට නගර සභාව ගෙන යන්න තීර්ණයක් ගෙන ඇති බවද වාර්තා වේ.

එවැන් සමයක මේ අන්දමින් නගරාධිපතිවරයාගේ හෝ රියදුරුගේ බල්ලාට බෙහෙත් ගන්න නගර සභාවේ වාහනයක් යෙදවීම ජනපති ගොඨාභය ජනපති වරයාගේ දේශපාලන ප්‍රතිරුපයට මෙන්ම සංකල්පයටද විරුද්ධ බවව දඹුල්ල ජනතාව පවසති.

– මහින්ද උදයසිරි රත්නායක

41,679 views

15 Comments to “නගරාධිපති නිල රථයෙන් බල්ලන් බෙහෙත් ගේන්න යයි..”

  1. බලු වැඩ says:

    රියදුරා සමග ඒ වාහනයේ සිටියේ නගරාධිපති බව කාටවත් තේරෙන්නේ නැත්තේ ඇයි?

  2. Kingsley says:

    මෙි රටෙි රඡයේ වාහන වලින් කරන දේවල්වල හැටියට අසරන බල්ලෙක්ට බේත්ටකක් ගෙනාවහම මොකද.

  3. Janaka says:

    යකෝ මේවා නිවුස්ද? හිටපු ජනාධිපති මස්සිනාල බොයිං ජෙට් යනා අරගෙන පුද්ගලික සංචාර ගිය රටේ අබුදරු මුනුපුරෝ පිරිවරා මහජන2මුදලින් වැටිකන් වන්දනාවේ යන රටේ ඕව මොනවද?

  4. Neela says:

    මේ බල්ලාගේ රාජකාරිය මොකක්ද? නගර සභාවේ දේපොල හා නගරාධිපතිව ආරක්ෂා කිරීම. ඒකට මූ පඩියක් ගන්නේ නෑ. අනෙක් නගරාධිපතිල කරන වැරදි එක්ක මෙයාට කියන්න දෙයක් නැති නිසා බොරු වරැද්දක් හොයනවා.

  5. Damith dilshan says:

    හිනාවෙන්න හදපු ප්‍රවෘත්තියක්ද.යකෝ රජයේ දේවල් වෙන උන් කොච්චර අවභාවිතා කරනවද. එහෙම එකේ මෙ ලංකාවෙ හැම බල්ලෙක්ටම රජයේ දේව්ල් යොදාගෙන සැලකුවත් පාඩුවක් නෑ යකෝ..

Main News