නඩුත් නෑ.. හොරුත් නෑ.. බැදුම්කර කොමිසම ලගදීම ඉවරයි..- එජාපය කියයි…
September 16, 2017 at 4:40 pm | lanka C news
ප්රශ්ණගත මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කර ඇති ජනාධිපති කොමිසයේ විමර්ශන විසඳමක් නැතිව අවසන් වනු ඇති බවට රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා විශ්වාසය පල කරයි.
එල්ල වන චෝදනා අධිකරණයක් ඉදිරියේ ඔප්පු කිරීමට හැකියාවක් නැති බව පෙන්වා දෙන ඔහු නඩුවක් ගොනු නොකර හා වරදකරුවෙක් හෙලි නොවී මෙම සිදුවීමට නිමාවට පත් වනු ඇතැයිද සදහන් කරයි.
ඒ මහතා මේ බව කියා සිටියේ ආනමඩුව ප්‍රදේශයේදී පැවති උත්සව සභාවක් අමතමිනි.