නඩුවක් දිනවා දෙන්න පොලිස් නිලධාරියෙක් අධිකරණයේදීම අල්ලස් ගනී…

August 19, 2022 at 8:02 am | lanka C news
නඩුවක් දිනවා දෙන්න පොලිස් නිලධාරියෙක් අධිකරණයේදීම අල්ලස් ගනී…

හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවකට සහයෝගය දැක්විම පිණිස පැමිණිලි පාර්ශවයෙන් රු 20000 අල්ලස් මුදලක් ලබාගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම අධිකරණයේ රාජකාරි කරන පොලිස් සැරයන්වරයෙකුව අල්ලස් සහ දුෂණ විමර්ෂණ අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

හැටන් ප්‍රදේශයේ පදිංචිකරුවෙකුගේ අස්ථානගත වු ණය කාඩ් පතක් සම්බන්ධයෙන් හැටන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබු සැකකරුවෙකුට නිතිය තදින් ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය කටයුතු කරන බව පවසා පැමිණි පාර්ශවයෙන් රු 50000 මුදලක් අල්ලස් වශයෙන් සැකකාර සැරයන්වරයා ඉල්ලා ඇති අතර , ඒ සම්බන්ධයෙන් අගතියට පත් පාර්ශවය විසින් අල්ලස් සහ දුෂණ විමර්ෂණ අංශයට කරන ලද පැමිණිල්ලක්  මත සැරයන්වරයා ඉල්ලා සිටි අල්ලස් මුදලින් රු 20000 මුදලක් ඔහුට ලබාදෙන අවස්තාවේ අල්ලස් සහ දුෂණ විමර්ෂණ අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ

13,457 views

5 Comments to “නඩුවක් දිනවා දෙන්න පොලිස් නිලධාරියෙක් අධිකරණයේදීම අල්ලස් ගනී…”

  1. Kumara says:

    පව් පොඩි උන්ට කිරිපිටි පැකට් එකක් ගන්න වෙන්න ඇති ඒක ගන්න ඇත්තෙස්

  2. ජනක says:

    පව් පොඩි උන්ට කිරිපිටි පැකට් එකක් ගන්න වෙන්න ඇති ඒක ගන්න ඇත්තෙස්

  3. D P P Prasad says:

    It is obvious that the certain police officers are soliciting the bribes from the general public in order to withdraw some legal proceedings. Further some police officers are expecting even sexual bribes to eliminate some charges which are filed against certain criminal offenders.But in many instances only lower grade police officers are caught. Whatsoever the high ranking police officers too are involved in large scale drug trafficking, human smuggling and certain financial misappropriations.Here what l want to inculcate is that the sprats are caught while the bigger sharks are moving freely

  4. Lalla says:

    පොලිසිය මේ තරමට පීචං වුන කාගේ වරදින්ද?. නීතිය නොදත් නීතිය හා සාමය ඇමතිවරු නිසාද?

  5. සමනළ පොහොට්ටු පෙරමුණ says:

    හොර ,බොරු වංචා නාස්තිය අල්ලස දූෂණය නැති කිරිමට හැකි වන්නේ ජේවිපි ආණ්ඩුවක් යටතේ පමණයි .