නඩුවලින් නිදොස්කොට නිදහස් වූ වූවන්ට සහන සැලසීමට පත්කළ කමිටුවේ වාර්තාව අගමැතිට…

March 25, 2022 at 2:19 am | lanka C news
නඩුවලින් නිදොස්කොට නිදහස් වූ වූවන්ට සහන සැලසීමට පත්කළ කමිටුවේ වාර්තාව අගමැතිට…

යහපාලන රජය යටතේ දේශපාලන පළිගැනීමේ අරමුණින් රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවකයින්ට  එරෙහිව පවරන ලද නඩුවලින්  නිදොස්කොට  නිදහස් වූ රාජ්‍ය නිලධාරීන්ට සහන සැලසීමට පත් කළ කමිටුවේ වාර්තාව කමිටු සභාපති විශ්‍රාමික අගවිනිසුරු අසෝක ද සිල්වා මහතා විසින් (24)  අරලියගහ මන්දිරයේදී  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට භාර දුන්නේය.

ඒ අනුව මෙම කමිටු වාර්තාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙස අග්‍රාමාත්‍යතුමා ඒ මොහොතේදීම සිය නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින්  ඉදිරිපත් කළ 2021 ජූලි 30වැනි දිනැති අමාත්‍ය මණ්ඩල සංදේශය මගින් 2021 සැත්තැම්බර් 07 වෙනිදා  අමාත්‍ය මණ්ඩලය ගන්නා ලද  තීරණයකට අනුව 2021 සැත්තැම්බර් 10 වෙනිදා සිට මෙම කමිටුව පත්කෙරිණි.

විශ්‍රාමික අගවිනිසුරු අසෝක ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස  විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු නිහාල් සුනිල් රාජපක්ෂ, ජනාධිපති නීතීඥ වී.කේ. චොක්සි, ගණකාධිකාරී කේ.එස්.චන්ද්‍රපාල ද සිල්වා, විශ්‍රාමික රජයේ ගණකාධිකාරී එච්.ඩී. වීරසිරි මහත්වරු කටයුතු කළහ. එහි  කමිටු ලේකම් ලෙස කටයුතු කරනු ලැබූවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ නීති අධ්‍යක්ෂ නීතීඥ දක්ෂිත දේවපුර මහතාය.

යහපාලන රජය යටතේ දේශපාලන පළිගැනීමේ අරමුණින් රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවකයින්ට  එරෙහිව පවරන ලද නඩුවලින්  නිදොස්කොට  නිදහස් වූ රාජ්‍ය නිලධාරීන්ට දැරීමට සිදුවූ වියදම්, මානසික සහ සමාජීය වශයෙන් සිදුවූ අපහසුතාවයන් සලකා බලා, සුදුසු සහන සහ වන්දි ලබාදීම මෙහි පරමාර්ථයයි.

මෙම අවස්ථාවට  කමිටු සභාපති අසෝක ද සිල්වා, කමිටු සාමාජිකයන් වන නිහාල් සුනිල් රාජපක්ෂ, වී.කේ. චොක්සි, කේ.එස්.චන්ද්‍රපාල ද සිල්වා කමිටු ලේකම් අග්‍රාමාත්‍ය කාර්යාලයේ නීති අධ්‍යක්ෂ නීතීඥ දක්ෂිත දේවපුර මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

රොහාන් වැලිවිට,
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් 

13,498 views

6 Comments to “නඩුවලින් නිදොස්කොට නිදහස් වූ වූවන්ට සහන සැලසීමට පත්කළ කමිටුවේ වාර්තාව අගමැතිට…”

  1. ලයිට් කැපුවත් පොහොට්ටුවට says:

    උන්ට හොරකම් කරන්න සපෝට් කරපු හොරු නිදොස් කොට නිදහස් කරල අපේ මුදලින් වන්දිත් ගෙවනව. ආඩ්ම්බරයි 69 වහලුනි.

    • Kumdhar says:

      ඔබේ පියාට හෝ මවට මෙහෙම උනානම් ඔය කතා කියන්නේ නෑ නේද??

      • Hi says:

        කවුරු කලත් වරද වරදමයි.
        හැබැයි ඔබේ කවුරු හරි නම් මහජන මුදල් කාබාසිනියා කර ඒවට වනදිත් මහජන මුදලින් ගන්න හදන හැඩයි මේ අයත් එක්ක එකතු වෙලා.

  2. Gamini says:

    The government came to power to do this and mess the economy all Sri lankens know how courts system work the poor civilian’s been punishment and the government and rich benifit.
    This is nothing new

  3. Saman says:

    යකෝ මේ ඔක්කොටම මුල මේ අගමැතිය මේ මිනිහ මිය ඇදෙන්නෙත් නෑ . ඕක දාල යන්නෙත් නෑ . පුතා රජකරවන්ඩ රට අව්ලෙන් අව්ලට පත්කරමින් ඉන්නවා. දිය වන්නාවේ එක හොරෙක් මේ මිනිහ ගැන කතා කරන්නෙ නෑ .අනේ මෙහෙමත් සාපයක්.

  4. අසඩක් says:

    විශ්‍රාමලත් විනිසුරුවරුන්ට නැවත ධූර ලබා දීම ධූර දරන විනිසුරුවරුන්ටත් විශ්‍රාම දිවියේ ධූර ලැබීමට බලාපොරොත්‍තු ඇති කරවයි. එය අධිකරණයේ ස්වාධීනත්වයට අයුතු ලෙස බලපාන්නේ නැත.