නඩුව අවසන් වන තුරු චම්පික රිමාන්ඩ් කරන්නැයි නීතිපති ඉල්ලයි..

January 22, 2022 at 6:19 am | lanka C news
නඩුව අවසන් වන තුරු චම්පික රිමාන්ඩ් කරන්නැයි නීතිපති ඉල්ලයි..

පසුගිය නඩු වාරයට සහභාගී නොවූ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තා සාවද්‍ය යැයි කියමින් ඔහුව නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන්නැයි නීතිපතිවරයා විසින් මහාධිකරණයෙන් කළ ඉල්ලීම විනිසුරුවරයා විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

හිටපු අමාත්‍ය රණවක මහතා විසින් ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තා පිළිගත් අධිකරණය, නඩුව සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට දින නියම කළේ ය. ඒ අනුව ලබන පෙබරවාරි 18 වනදා මෙම නඩුව යළිත් සාමාන්‍ය පරිදි විභාග වනු ඇත.

වෛද්‍ය වාර්තා සාවද්‍ය බවට නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද තර්ක විත්තියේ නීතිඥවරයා වන ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න මහතා විසින් හාස්‍යයට ලක් කළ අතර එහිදී ඔහු පෙන්වා දුන්නේ චම්පික රණවක මහතාගේ රෝගී තත්ත්වය විනිශ්චය කර ඇත්තේ ඒ පිළිබඳව සිටින ඉහළම විශේෂඥ සුදුසුකම් සහිත වෛද්‍යවරුන් විසින්, නිසි විද්‍යාත්මක පරීක්ෂණ කිරීමෙන් අනතුරුව බවයි.

පසුගිය කාලයේදී සමහරුන් සිංගප්පූරුව වැනි දුර රටවලට ගොස් රෝහල් වල නතර වී අධිකරණයට නොපැමිණ සිටි බව මතක් කළ ප්‍රේමරත්න මහතා චම්පික රණවක මහතා කිසිදු දිනක අධිකරණය මගහැර නැති බවද පෙන්වා දුන්නේය.

එසේම ඔහු රණවක මහතාගේ රෝගී තත්ත්වය පිළිබඳව දීර්ඝ විස්තරයක් කළේය. දේශපාලන වුවමනා වෙනුවෙන් කටයුතු කරමින් නීතිපති දෙපාර්තමේන්තුව වෛද්‍ය වාර්තා පිළිබඳව කෘතිම සැක ඇති කිරීමට උත්සාහ කිරීම නුසුදුසු බවද ප්‍රකාශ කළේය.

තවදුරටත් ඔහු ප්‍රකාශ කළේ “මේ අනතුර සිදුවී ඇත්තේ 1000 CC වර්ගයේ මෝටර් සයිකලයක් වහනයක පිටුපස හැපීමෙන්. මෙය මහා මාර්ගවල ධාවනය කිරීමට අවසර නැති මෝටර් සයිකලයක්. මේ නඩුව කොයි තරම් දේශපාලනීකරණය වෙලා තියෙනවද කියනවා නම් එහෙම නීති විරෝධී බයිසිකලයක් වෙනත් වාහනයක පිටිපස්සේ හප්පපු පුද්ගලයා පිළිබඳව මෙතෙක් කිසිම නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්නේ නැතිව, සාක්ෂි එහා මෙහා කරලා චම්පික රණවක මහතාට විරුද්ධව නඩුවක් පවත්වාගෙන යනවා. ඉතින් එබඳු මට්ටමකට වැටිලා ඉන්න නීතිපති දෙපාර්තමේන්තුවේ දේශපාලන උවමනාව ඉතාම පැහැදිලියි”

එසේ හැසිරෙන නීතිපති දෙපාර්තමේන්තුව අද වන විට විශේෂඥ වෛද්‍යවරුන් විසින් නිසි වෛද්‍ය පරීක්ෂණ මගින් තහවුරු කරන ලද රෝගී තත්ත්වයන් පවා පිළිනොගන්නා තත්වයට ඇද වැටී ඇති බව ප්‍රේමරත්න මහතා පෙන්වා දුන්නේය.

දේශපාලනික උවමනාව උදෙසා පාඨලී චම්පික රණවක මහතාව සිරගත කිරීම සඳහා ආණ්ඩුවේ බලවතුන් ගන්නා උත්සාහය නීතිය ඉදිරියේ පරාජය වීමට නියමිතව ඇති අතර, මාධ්‍ය සංදර්ශන, සිරගත කිරීම් වැනි ආණ්ඩුවේ අබල දුබල ක්‍රියාවන් ඉදිරියේ වත්මන් ආණ්ඩුවේ දුර්වලභාවය වසන් කර ගත නොහැකිය.

ආණ්ඩුව ගෙදර යැවීම සඳහා මහජන බලමුළු ගැන්වීම් ඉදිරියට එන මොහොතක ආණ්ඩු ගැති මාධ්‍ය සංදර්ශනවලට නොරැවටෙන ලෙස අපි මහජනතාවගෙන් ඉල්ලා සිටිමු.

මාධ්‍ය ලේකම්
පා.ම. පාඨලී චම්පික රණවක

33,846 views

25 Comments to “නඩුව අවසන් වන තුරු චම්පික රිමාන්ඩ් කරන්නැයි නීතිපති ඉල්ලයි..”

  1. Janaranjana says:

    යකෝ මොක්කුද මේ නීතිපති දෙපාර්තුවේ ඉන්න හිකනල්ලු අර රන්ජන් කියපු කතාව දැන්නම් හරියටම හරි .මහ රෑ කණ මොදය වගේ බීල පාපැදියකින් ගිය අසරනයෙක් හිතාමතාම යටකර මරා දමපු බෝන් එගේන් ක්‍රිකට් ක්‍රීඩකය අඩුම වසයෙන් පොලිසියේ පැයක් වත් හිටියේ නෑ. පැය කීපයකින් ගෙදර ගියා. අඩුම වසයෙන් පොරොන්දු උන වන්දියවත් දුන්නේ නෑ අද ඌ ක්‍රිකට් ගහනව. .මේ මෑතකදී මහ රෑ අධිවේගයෙන් රිය පදවා බීමත්ව වේගය පාලනය කරගැනීමට නොහැකිව වෙලද සැලකට කඩාවැදී අහින්ශකයෙක් මරා දාපු කාන්තාවට පැය කීපයකින් ඇප ලැබී ගෙදර ගියා. ප්‍රසිද්ධ රූප වාහිණී නාලිකාවක අදටත් වැඩ සටහන් මෙහෙයවන ටෙලිනාට්‍ය නලුවා අධික මත් ද්‍රව්‍ය බාවිතා කර රිය පදවා මිනිසෙක් මරා දමපු එකා ඇප ලබා ගෙදර ගියා.මේ අදටත් ඒවට නඩු නෑ. මේ සිද්ධීන් කීපයක් පමණයි මේවගේ උදාහරන ගනනාවක් තිබෙනවා. මෙහි පොදු ලක්ෂනයක් තිබෙනවා ඒ මේ සියලු දෙනාම එකම ආගමක් අදහන පිරිසක් .දැන් අපි පාඨලීගේ සිද්ධිය බලමු. පාඨලී මත්පැන් තබා සිගරැට් එකක්වත් බොන පුද්ගලයෙක් නොවේ ඔහු රිය පදවාගෙන එද්දී මත් ද්‍රව්‍ය බාවිතා කල තරුණයෙක් බාවිතයට තහනම් නීති විරෝදී යතුරු පැදියක් අධික වේගයෙන් පදවාගෙනවිත් පාඨලී පදවන මෝටර් රියේ පිටු පසින් හප්පා එම තරුණයා තුවාල ලබනවා. අද එම තරුණයා සුවය ලබා හිදින් සිටිනවා. නමුත් ජනමාද්‍ය වලට රෝද පුටුවකින් යන බව පෙන්වනවා. දැන් මේ රිය අනතුර තමා ඉතිහාසයේ මෙතෙක් සිදුවී ඇති දරුණුම රිය අනතුර. නීතිපති දෙපාර්තුවෙන් කියනවා නඩුව අවසන් වන තුරු පාඨලී සිරගත කරන්ඩලු. යකෝ මුන් මේව කියන්නේ රෙදි ඇදගෙනද. මහ බැංකු කොල්ලකාපු උන් නිදැල්ලේ. පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවෙක් උන හිස්බුල්ලට ඇප ලබාදීමට විරුද්ධ නෑ කියල මේ ලගදී ඔහු නිදස් කලා. මේ වගේ නීතියක් නැති කාලකන්ණි රටක් ලෝකයේ කොහෙත් නෑ .නීතිය තියෙන්නේ කොටසකට පමනයි. රන්ජන්ගේ කටේ මසුරන් දාන්ඩ ඕනෑ .ප්‍රභාකරන් මේ රට අල්ලගත්තනම් මීට වඩා හොදයි .ඒක හොරකම් නොකර නීතිය අකුරටම ක්‍රියාත්මක කරනවා .

    • Sam says:

      දැන් මේ රටට අධිකරණ අවස්‍යතාවයක් නෑ. අපරාදෙ මේ හොර තක්කඩි නඩත්තු කරන්ඩ මහජන බදු මුදල් කාබාසිනා කරන්නේ .අධිකරණ පද්දතිය සම්පූර්ණයෙන් වසා දමා ඒකත් රාජ පක්ශලාටයි පල්ලියටයි බාරදුන්නනම් අහවරයි. දැනට සිදුවන්නෙත් ඒකමනේ.

      • නීතිඥ බන්ඩා says:

        මහාධිකරණය ක්ටි පනින හැම උන්දැලටම වෙන්නෙ ඒක තමය්.

      • නීතිඥ බන්ඩා says:

        මහාධිකරණය ක්ටි පනින හැම උන්දැලටම වෙන්නෙ ඒක තමය්. රිමාන්ඩ් ඉදන් වොය්ස් කට් දෙන්න ක්‍රමයක් හොයා ගනින්.

    • ජනජය says:

      අනේ බං උඹ නියමයි ගොන්ජටම…කියන්නෙ මොකක්ද කියල දන්නැතිව අද ඌ හිරේ…ඌ කිසිම දෙයක් කියල නෑ අපි කලින් අහල නැති …දැං උඹේ මාස්ටර් ට එමු…පාට පාට ලී …කොටු පැනල එනකොට හප්පල ඩ්‍රයිවර්ව ඒකට මාට්ටු කරල සාක්ෂි වෙනස් කරපු එකටයි ඌට කේස් එක…උඹ ඔය කියපු අනික් ඇක්සිඩන්ට් වල චූදිතයො ඒ පිම්පි වැඩේ කලේ නෑ…උඹේ ඔය අරක්කු සිගරැට් නොබොන මාස්ටර් ළගම යාළුවගෙ කෙල්ලට විදින්න ඕන කමට ඒ යාළුවා ව පිස්සෙක් කරල මානසික රෝහලකට දාපු ලස්සන කතාවක් තියෙනව …පචය ව හම්බුන වෙලාවක අහගනින් !

      • Amila says:

        කොටු පැනල කීවේ උබේ අම්ම සමග නිදාගෙන ආව කියන එකනෙ . උබවගේ හොද නරක නොතේරෙන අවජාතක සක්කිලියෙක් බිහිකලේ කවුද කියන්ඩ ඕනැ නෑ .ඒ කියල තියෙන පොන්නයෝ දෙන්න කරතිබෙන වරදයි පාටලී කරල තිබෙන වරදයි අහසට පොලව වගේ ඒ වගේ දෙයක්නොතේරෙන තොපිවගේ ගොබ්බයෝ තමයි මිත්‍ය ආගම් අදහමින් ඒවා සාධාරනී කරනය කරන්ඩ යන්නේ .

        • ජනජය says:

          හම්මේ අමිල …ඇත්ත කියනකොට බොලට රිදෙන තරං …කොහෙවත් ඉන්න අම්මලවත් ඇදල අරගෙන ….90 පස්සෙ ඉපදිලා පාට පාට ලී ලගෙ පාට පාට ලෝක වල අතරමං උනාම බොල අම්ම අප්පවත් අදුරන්නෙ නෑ ..ඕන කුණුගොඩකට ඇදල ගන්නව..මේ අහපං හිවල..බොල දන්නැති මගුල් කතා නොකර හිටපිය..තොගෙ අඩු වයස් නිසා තොට මීට වඩා කියන්නෑ පචය ගෙ පිංපියා ..!

    • Chathura says:

      @Janaranjana
      මෝටර් බසිසිකලේ පිටිපස්සෙන් ගිහින් පාඨලීගේ වාහනේ හප්පලා නෙමෙයි. පාඨලීගේ වාහනේ අතුරු පාරක ඉඳන් අනාරක්ෂිතව ප්‍රධාන මාර්ගෙට දානකොට තමයි මොටර් බසිසිකලේ වැදිල තිබෙන්නේ. එතකොට කොහොමත් පිටිපස්සෙ තමයි වදින්නේ. ඊට පස්සේ පොලීසියට බලපෑම් කරලා CCTV මකලා, පැමිණිලි පාර්ශවේට බලපෑම් කරලා,අනතුර වෙලාවේ පාඨලීගේ වාහනේ පාඨලී හිටියෙ නැති බවටත් වාහනේ පැදෙව්වේ පාඨලීගේ රියදුරා බවටත් පොලීසියට, උසාවියට පාඨලී බොරු කිව්වා…

      තව පාඨලීගේ දුරකථනේ සංඥා අනතුර වූ ස්ථානය සමඟ ගැලපෙන නිසා ඒ වෙලාවේ පාඨලීගේ දුරකථනෙ තිබුනෙත් පාඨලීගේ රියදුරා ලඟ බවටත්…. ඔය වගේ තව අමු බොරු උසාවියට කියලා උසාවිය නොමඟ යවලා පාඨලී සිදු කරලා තිබෙන වරදවල් රිය අනතුරක් සිදු
      කර පලා යෑමට වඩා ඉතා බරපතලයි නීතිය ඉදිරියේ. ඉහත ඔබ සඳහන් කර තිබෙන කිසිම අනතුරකදී එවැනි ආකාරයට පොලීසියට, උසාවියට අත්තනෝමතික බලපෑම් කරල නෑ නේද? පාඨලී කරපු අපරාදෙ බරපතලකම දැන්වත් නොතේරෙනවා නම් ඔබ පාඨලීගේ කුලී ලියන්නෙක් විය යුතුයි

      • ජනජය says:

        චතුර…බොහොම නිවැරදිව සිද්ධිය ගලපල ලියල තියෙනව …ස්තූතියි !

  2. චන්ද දායක says:

    අවුරුද්ද කට හරි ඇතුලට දානවා ෂුවර් . “එක නීතියක් එක රටක්” නිසා .

    • ජෙපි ලොජික් says:

      ජවිපෙ නලින්ද ජයතිස්ස හෙවත් වෙන්න සෞඛ්‍යය ඇමති කියනවා සමහරක් ශ්‍රීලනිප අයට එලියට බහින්න බැරි ඒ අයට නඩු තියෙනවලු.. 88-89 මිනී මරපු, රාජ්‍ය දේපල ගිනි තියපු ජෙප්පන් නඩු නැති හරි පිරිසිදු අය නිසා ඒ අය කාටවත් බය නෑලු.

  3. Saman kumara says:

    1000CC පැදිමේ වරදට අදාල පුද්ගලයාට නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නැද්ද…? චම්පිකට නම් දැන් නඩු දාලනේ….අනිත් පුද්ගලයාට නඩු දාන්නෙ කවද්ද

  4. Dp says:

    නඩුව තියෙන්නේ හොර ගෑනිගෙ ගෙදර ගිහින් එන ගමන් අනතුරක් කර. අනතුරින් පලා යෑම..පා. ච රියදුරු වෙනුවට වෙන කෙනෙක් ඉදිරිපත් කිරීම . බොරු සාක්ෂි ගෙතීම. මේ පට්ට හොරා දැන් ජනාධිපතිකම ගැන සිහිනයකුත් මවාගෙන.

    • Ranjan says:

      ඒ කිව්වේ උබ නැතිවෙලේ උබේ ගෑනි හොයාගෙන ගැවිත් නියේනේ. පල ගල් මූසලයෝ යන්ඩ.

      • කොට මොඩල් says:

        උඹ පා. ච ගේ රුපියල් 500 පඩියට කොටන එකෙක් නේද

    • මරා says:

      ඔව් මචං මුන්ගෙ පැත්තෙ හැම එකාගෙම පුරුද්ද බොරු සාක්කි ගෙතීම, හෙල්පින් හම්බන්තොට, සිරිලිය ගිනුම, තාජුඩීන් නඩුව, ඩේසී ආච්චිගෙ මැනික් මල්ල, ශ්‍රී ලන්කන් එයා මල්ලිගෙ නඩුව, රොකට් රෝහිතගේ නඩුව….මේ ඔක්කොගේම තියෙන්නෙ බොරුම තමයි බං….ඒ පට්ට හොරා ජනාධිපති සිහින මවනවා, තව පට්ට හොර පව්ලක් රට පාලනය කරනවා, ගොං මෝඩ මිනිස්සු …උන්ට කඩේ යනවා උඹවගේ…

    • Ajith rupasinghe - Australia says:

      මෝඩ නොවන්න සහ එක් එක් සිද්ධිය සඳහා රජයේ නීතිමය ක්‍රියාමාර්ග සංසන්දනය කරන්න.

      ඔහු වරදක් කළා නම් අපි ඔහුට දඬුවම් කළ යුතුයි, නමුත් නීති පද්ධතිය දේශපාලනීකරණය කරන්න අවශ්‍ය නැහැ.

      ඔබට හොඳ චින්තන හැකියාවක් නොතිබිය හැකි අතර හොඳින් අධ්‍යාපනයක් නොතිබිය හැකිය; ඔබ මේ ආකාරයෙන් සිතන්නේ එබැවිනි.

  5. සජිත් පිල says:

    තමා අතින් වු අනතුර රියදුරු මත පැටවීම වංචාවක් නේද

  6. Marcus says:

    පාස්කු මිණීමරුව හරින් ප්‍රනන්දු තාමත් නිදැල්ලේ කාදිනල්ගෙන් ගේම ඉල්ලපු හරින් අද කාදිනල් ගේ උපදේශකය වෙලා.250 කට වැඩි කාතෝලික බැතිමතුන් ඝාතනයේ ප්‍රධාන වගකිවයුත්ත හරින් පොර ටෝක් දෙනවා. මොහු අත් අඩංගුවට ගැනීම පසෙක තබා දැන් කිසිම සම්බන්ධයක් නැති මයිත්‍රී පිටු පස පන්නනව .මේ සම්බන්දව හරින් අත් අඩංගුවට ගැනීමට නොහැකිනම් අත් අඩංගුවේ සිටින සියලුම මුස්ලිම් ජාතිකයින් වහා නිදහස් කලයුතුයි .දැන් නඩුව යන්නේ කාදිනල්ට ඕනෑ විදිහට .රාජපක්ශලාට විරුද්ධවන උන් මේ සදහා අත් අඩංගුවට ගන්නව .දැන් හරින් නාමල් රහසිගතව ගජමිතුරෝ .තව ටික දිනකින් රන්ජන් නිදහස් කරගෙන සජිත්ටයි ගෝටටයි ගහන්ඩ පටන් ගන්නව නාමල්ට තිබෙන ලොකුම අභියෝගය සජිත් . හරින් ලවා සජිත් ඉවත්කිරීමයි අරමුණ .මෝඩ සජිය මේක දන්නේ නෑ .තිරය පිටුපස දේශපාලනය බොහෝ වෙනස්

  7. Unbiased Observer says:

    අනතුරින් පසු පලා යන වාහනය ලුහු බැඳ ගොස් නතර කර රියදුරුට පහරදීමට යාමේදී වාහනය පැදවූයේ පාඨලී චම්පික බවත් වාහනයේ සිටියේ පාඨලී පමණක් බවත් අනතුරට පත් ළමයාගේ මිතුරන් හඳුනාගෙන තිබෙනවා. නමුත් අනතුර සිදුවූ අවස්ථාවේ තමා වාහනයේ නොසිටි බවත් වාහනය පැදවූයේ තම රියදුරකු බවත් තමයි පාඨලී පවසන්නේ. නමුත් දුරකථන සංඥා සාක්ෂි අනුව අනතුර වෙලාවේ පාඨලීගේ දුරකථනයේ සංඥා අනතුර සිදුවූ ප්‍රදේශය සමඟ ගැලපෙනවා. පාඨලී උසාවියට පවසන්නේ තම දුරකථනය අනතුර අවස්ථාවේ අනතුර සිදු කල රියදුරා ලඟ තිබූ බවයි.

    අනතුර සිදුවී විනාඩි කිහිපයක් ඇතුලත එවක අගමැති රනිල් වික්‍රමසිංහගේ දුරකථනයට පාඨලීගේ දුරකථනයෙන් විනාඩි ගණනක ඇමතුමක් ලබාගෙන ඇති බව දුරකථන දක්ත සාක්ෂි අනුව ඔප්පු වී තිබෙනවා. එතකොට පාඨලීගේ රියදුරාද පාඨලීගේ දුරකථනෙන් විනාඩි ගණන් රනිල්ට කතා කරන්නේ ? වැඩේ කියන්නේ දුරකතන සංඥා සාක්ෂි අනුව පාඨලීගේ රියදුරාගේ දුරකතනෙ ඒ වෙලාවේ තිබිල තියෙන්නේ වෙනත් ප්‍රදේශයක. මේවට කොහෙන් හිනා වෙන්නද? පාඨලීට මේකෙන් ගැලවෙන්න ලැබෙන්නේ නෑ

    • Dinesh says:

      පාටළී යනු 88/89 කාලේ ඉඳපු ජවිපෙ ප්‍රතිපත්තියක් විදියට මිනී මරද්දී, රාජ්ය දේපළ කොල්ල කද්දී ඒවට අනුබල දීපු ජවිපේ නායකයෙක්. ඉතින් ඔය අනතුර කරල පලා යාම සහ ඊට පස්සෙ කරපු බලු වැඩ පාඨලී වගේ කෙනෙක්ට හරිම සාමාන්ය දේවල්.

  8. ලප කුමාර says:

    වනචර තිරිසන් බල්ලකු ජීවිතය අවසන් වනතුරු හිරේ තැබීම රටේ අවශ්‍ය තාවක්.

  9. 3% ට බය බයියා. says:

    හමුදාවේ 3000ක් ඝාතනය කරපු LTTE නායකයන් නිදහස් .

Main News