නඩු තීන්දුවෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග ගැන පොහොට්ටුවේ රැස්වීමේදී ගත් තීන්දු මෙන්න….
December 14, 2018 at 3:50 pm | lanka C news
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබීමෙන් පසු, ඉදිරියේදී ගන්නා දේශපාලන ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැස්වීමක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නෙලුම් මාවත පක්ෂ කාර්යාලයේදී පැවැත්වුණි.
එහිදී මන්ත්‍රීවරුන් පැවසූයේ, එජාපයේ මූලිකත්වයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයටත් කොලේ වසමින් 19 වන සංශෝධනය සම්මත කළාක් මෙන් රට බෙදන ෆෙඩරල් ව්‍යවස්ථාවක් සම්මත කිරීමට එජාපයට තිබූ අවස්ථාව පසුගිය මාසයේදී සිදුවූ බල පෙරලිය නිසා නැතිව ගිය බවයි. එය රට වෙනුවෙන් ලැබූ ප්‍රමුඛතම ජයග්‍රහණයක් බව කාගේත් මතය විය.
ඉදිරියේදී පිහිටුවන ආණ්ඩුව සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සාකච්ඡා කර අවසන් නිගමනයකට පැමිණීමට තීරණය කෙරුණි.
රනිල් වික්‍රමසිංහ ප්රමුඛ එජාපයට පසුගිය යහපාලන ආණ්ඩු කාලයේදී ජනතා විරෝධී ක්‍රියාමාර්ග වල නියැලීමට හැකි වීමට එක් හේතුවක් වූයේ ඒකාබද්ධ විපක්ෂය සහ මෛත්‍රීපාල පාර්ශවය අතර ඇති අනවබෝධය නිසා බවත්, මින් ඉදිරියට දෙපාර්ශවයම පොදු සතුරාට එරෙහිව රට වෙනුවෙන් එක්ව කටයුතු කිරීමට තීරණය කර ඇති බවත් මෙහිදී ප්‍රකාශ කෙරුණි.
දෙමළ සංධානයේ සහයෝගය රනිල් වික්‍රමසිංහ මහතාට දීමටනම්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම, කොටි සිරකරුවන් නිදහස් කිරීම, හමුදාව සතු ඉඩම් නිදහස් කිරීම ඇතුළු බරපතල ඉල්ලීම් වලට ලිඛිත පොරොන්දුවක් අවශ්‍ය බවට දෙමළ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්තන් සහ එහි හවුල්කාර පක්ෂයක් වන ටෙලෝ සංවිධානය පවසා ඇති හෙයින්, දැන් ඒ ලිඛිත ගිවිසුම කුමක් දැයි රටට හෙළි කිරීමට එජාපයට බල කිරීමට යෝජනා විය.
ජනාධිපතිවරයාට එරෙහිව දෝශාභියෝගයක් ගෙන ඒමට ජනතා විමුක්ති පෙරමුණ විසින් කටයුතු කර අතර, යම් හෙයකින් ජනාධිපතිවරයාව ඉවත් කළහොත් ඉන් පසු රට අරාජික තත්වයකට ඇද වැටෙන අතර, ඉන් පසුව රනිල් වික්රමසිංහව ජනාධිපති කිරීමට සියලුම සතුරු බලවේග කටයුතු කරන හෙයින්, දෝශභියෝගයකදී ඊට එරෙහි වීමට පොහොට්ටුවේ මන්ත්‍රිවරුන් එකඟ විය.
මේ අතර, ජනාධිපතිවරයාගේ අතීත ක්‍රියාකලාපය සම්බන්ධයෙන් තමන්ට විවේචන තිබුණද, මේ වෙද්දී ඔහු සෘජුවම එජාපය ප්රමුඛ හවුලට එරෙහි මතයක සිටින නිසා, ඔහු ඉදිරියේදී ගන්නා ජනතා හිතවාදී තීන්දු වලට තම සහයෝගය හිමි වන බව, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසා තිබුණි.
– සරත්
19ට හැමෝම අතඋස්සලා දැන් බබ්බු වෙන්න හදනවා. හැබැයි 19න් පාර්ලිමේන්තුවට ලැබුනු බලයනම් විශිෂ්ඨයි.
Don’t give the power back to Ranil. You, Sirisena and a lot of others will be put in jail. This is not the pxxxa Ranil’s plan but that of the wests. Ranil is only the executioner.
Nothing has been discussed or no request has been made from the president to release the full commission report of the central bank robbery. This clearly shows that some of the pohottuwa people are also involved in that?
කෝ…මේ…. විමලේ…. බඩ බුරුල් වෙලා වත්ද?
All intelligent Sinhalese must realize the imminent dangers we have yo face, because of lying minority politicians waiting to grab opportunities to separate our country!!!
Therefore, SLPP must reject any suggestion by any government want to justify bogus causes by the racist minorities.!!
We must protect our country, Sri Lanka the only country we have and need it be intact, like the rest of the countries in the world.!!!