නඩු තීන්දුවේ ඇත්තේ අධිකරණයේ හෘද සාක්ෂිය කම්පා වූ බව විතරයි.. ගල් අගුරැ වංචාවක් වූනා කියා නෑ..
October 5, 2016 at 4:40 pm | lanka C news
ලංකා විදුලි බල මණ්ඩලය විසින් නොරොච්චෝල බලාගාරයට ගල් අගුරැ මිලට ගැනීමේදී කිසිදු වංචාවක් සිදුව නැතැයි විදුලි බල හා බලශක්ති නියෝජ්‍ය ඇමති අජිත් පී. පෙරේරා මහතා පවසයි.
ඒ සම්බන්දයෙන් වූ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේදී ‘අධිකරණයේ හෘද සාක්ෂිය කම්පා වූ’ බව පැවසුවත් චංචාවක් හෝ රජයට පාඩුවක් සිදුව ඇති බවට එකම වචනයක් හෝ නඩු තීන්දුවේ නැතැයිද ඔහු කියා සිටී.
අධිකරනය කම්පා වී ඇත්තේ රාජපක්ෂ සමයේ ටෙන්ඩර් කැදවීමකින් තොරව ගල් අගුරු මිලට ගැනීම නිසා බවද ඔහු වැ ඩිදුරටත් කියා සිටියේය.