නඩු තීන්දුව ඉක්මනට දෙන්න… ජනාධිපති අගවිනිසුරුට දන්වයි.,
December 11, 2018 at 12:02 am | lanka C news
පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැඳවීමට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති නඩු සඳහා වන තීන්දුව කඩිනමින් ලබාදෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නීතිපතිවරයා මාර්ගයෙන් අගවිනිසුරුගෙන් විමසීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි
අද පෙරවරුවේ මෙම දැනුම්දීම නීතිපතිවරයාට කරන බව පැවසූ බවද ඔහු සඳහන් කළේය.
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය