නඩු තීන්දුව වැරදියි… සයිටම් නීති විරෝධියි…

February 7, 2017 at 12:00 pm | lanka C news
නඩු තීන්දුව වැරදියි… සයිටම් නීති විරෝධියි…

පිවිතුරු හෙළ උරුමයේ පක්ෂ මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී එම පක්‍ෂ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.

සරසවියක් ආරම්භ කරන විට උපාධි ප්‍රදානයට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් අවසර ගන්න ඕනෑ.  වෛද්‍ය පීඨයක් තිබෙනවා නම් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය ලබා ගන්න ඕනෑ.  ඉතාම හිතුවක්කාර විධියට මේ කිසිවක් නැතුව තමයි 2009 දී සයිටම් ආරම්භ කරන්නේ. හරියට අඹ ගහේ අඹ වැඩියි කියල දැක්කම අඹ ටික කඩාගෙන ගිහින් පාර අයිනේ අඹ අඹ කියමින් විකුණන ආකාරයට තමයි සයිටම් ආයතනය ආරම්භ කරල තියෙන්නේ.  උපාධි ප්‍රදානය සඳහා අයදුම් කරන විටත් අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ කරලා තිබුණේ නෑ.  ඒ නිසා 2011 අගෝස්තු 30 උසස් අධ්‍යාපන ඇමති ගැසට් නිවේදනයකින් සයිටම් වෛද්‍ය උපාධි ප්‍රදානය කරන ආයතනයක් ලෙස පිලි ගන්නේ කොන්දේසි සහිතවයි.  එහෙම නම් ඒ කොන්දේසි ඒ දින වකවානු වල දී ඉටු කලොත් විතරයි ලබා දුන් අනුමැතිය වලංගු වන්නේ.  ඒවා ඉටු කරන්න අසමත් වුණොත් අනුමැතිය අවලංගුයි. අවාසනාවට මේ කාරණය අධිකරණයෙ අවධානයට යොමු වී නැහැ.  ඒ කොන්දේසි ඉටු කළ බවට ලිඛිත සාක්ෂි විමසා 2015 මාරතු මස වෛද්‍ය සභාව විසින් සයිටම් වලට යැවූ ලිපියට අද වන තුරු ප්‍රතිචාරයක් නෑ.  එසේ නම් උසස් අධ්‍යාපන ඇමතිවරයා 2011 දී ලබා දුන් අනුමැතිය දැන් අවලංගුයි. ඒ නිසා වෛද්‍ය සභාව විතරක් නෙමෙයි උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ලබාදුන්නු අනුමැතියත් නැතුවයි සියිටම් පවත්වාගෙන ගිහින් තියෙන්නේ.

ප්‍රතිපාදන කොමිසමේ අනුමැතිය තිබුණත් එයින් වෛද්‍යවරයෙකු වන්න බෑ.  වෛද්‍ය උපාධියක් ලැබුණාම වෛද්‍ය උපාධිධාරියෙකු වෙනවා මිස වෛද්‍යවරයෙකු වන්නේ නෑ.  වෛද්‍යවරයෙකු ලෙස ලංකාවේ කටයුතු කළ හැක්කේ වෛද්‍ය සභාව පිලි ගන්නා වෛද්‍ය උපාධියක් තිබෙන්නේ නම් පමණයි.  එය වෛද්‍යවරුන්ට පමණක් නොවේ අනෙකුත් වෘත්තීන්ටත් අදාළයි.  ලංකාවේ විශ්ව විද්‍යාල ගණනාවකින් නීති උපාධි ලබා දෙනවා.  නමුත් නීති අධ්‍යාපන සභාවේ අවශ්‍යතා සපුරන තෙක් නීතිඥයෙකු ලෙස කටයුතු කරන්න බෑ.  ලංකාවේ විශ්ව විද්‍යාල ගණනාවක ගණකාධිකරණ උපාධි ලබා දෙනවා.  නමුත් ගිණුම් විගණනය සඳහා වරලත් ගණකාධිකාරි ආයතනය නම් කරන සුදුසුකම් සපුරාලන්න ඕනෑ.  ලෝකය පුරාම තත්වයත් එයයි. සයිටම් ආයතනය ඒ වෛද්‍ය සභාව කියන කොන්දේසි සපුරා නැති නිසයි එහි උපාධිදාරීන් ලංකාවේ වෛද්‍ය වරයන් විදිහට කටයුතු කිරීමට ලියාපදිංචිය ලබා නොදේනනේ.

මේ රටේ පුදුම බයක් තිබෙන්නේ නඩු තීන්දු විවේචනය කරන්න.  ගුරුන්ටත් අකුරු වරදිනවා වගේ විනිසුරන්ටත් තීන්දු වරදිනවා.  ඒකනෙ අභියාචනා කරන්න ක්‍රම වේදයක් සකස් කර තිබෙන්නේ.  මෙම නඩු තීන්දුවේ අඩුපාඩු ගණනාවක් තිබෙනවා.

පලමුව නිසි අවසරයකින් තොරව වෛද්‍ය පීඨයක් ආරම්භ කර වරද කලේ සයිටම් කියන කාරණයත්  අයදුම්කරු නිසි සැලකිල්ලක් නොදක්වා අනවසර ආයතනයකට වෛද්‍යවරයෙකු වීමේ අපේක්ෂාවෙන් එකතු වී ඇති බවත් පිහාටුවක් ලබා ගැනීමට ඉබ්බෙක් පස්සෙන් යෑම පිලිබඳ අධිකරණයට කළ හැක්කක් නොමැති බවත් නොසලකා හැර තිබෙනවා.

දෙවනුව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් ලබා ගත් අනුමැතියත් දැන් අවලංගුයි කියන කාරණය අධිකරණය නොසලකා හැර තිබෙනවා.

තෙවනුව සයිටම් ආයතනය උපාධියක් ලබා දුන්නත් ඒ උපාධිධාරියාට වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කිරීමේ අවසරය ලබා දෙන්න වෛද්‍ය සභාව බැඳිලා නෑ.  ඒ වෛද්‍ය උපාධිය ප්‍රමිතියෙන් යුතු බවට සෑහීමකට පත් වෙනවා නම් පමණයි වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කරන්න අවසර දෙන්නේ.  නමුත් වෛද්‍ය උපාධියක් ලැබූ පමණින් ඒ උපාධිධාරියාට වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කිරීමට නීතිමය අයිතියක් ලැබෙන බවට අධිකරණය තීන්දු කරලා තිබෙනවා.

සිව් වෙනුව වෛද්‍ය උපාධියක් පිලි ගැනීම පිලිබඳ විශේෂඥ දැනුම තිබෙන එකම ආයතනය වන වෛද්‍ය සභාව “සයිටම් නිසි ප්‍රමිතියෙන් තොරයි“ කියන විට “නෑ සයිටම් පිලි ගන්න“ කියලා වෛද්‍ය සභාවට නියෝගයක් ලබා දෙන්න අධිකරණයට වෛද්‍ය විද්‍යාව පිලිබඳ වෛද්‍ය සභාවටත් වඩා දැනුමක් තිබිය යුතුයි.  එවැනි විශේෂඥ දැනුමක් අධිකරණයට නෑ.  මේ තීන්දුව වෛද්‍ය ආඥා පනත අමු අමුවේ උල්ලංඝණය කිරීමක්.

වෛද්‍ය සභාවට කළ හැක්කේ නිර්දේශයක් පමණයි.  අවසාන තීන්දුව ගත යුත්තේ සෞඛ්‍ය ඇමතිවරයායි කියලා නඩු තීන්දුව කියනවා.  නමුත් වෛද්‍ය සභාවේ නිර්දේශය නොසලකා ඉන්න ඇමතිට බෑ.  ඇමතිට වෛද්‍ය විද්‍යාව පිලිබඳ දැනුමක් නෑ.  දැන් ඉන්න ඇමතිතුමා වෛද්‍ය විද්‍යාව නොදැන සිටියත් දත් ගැන හරි දන්නවා.  නමුත් කලින් ඇමතිතුමා දැන් ජනපතිතුමා  වෛද්‍ය විද්‍යාව තබා ජීව විද්‍යාව වත් ඉගෙන ගෙන නෑ. ඒ නිසා විසේසඥ දැනුමක් නැති, තාක්ෂණික දැනුමක් නැති මහජන නියෝජිතයෙක් වන අමාත්‍යවරයාට මේ තීරනය ගත හැකියි කියල අධිකරණය තීරනය කිරීම බරපතල වරදක්.  අනිවාර්යෙන්ම වෛද්‍ය සභාව දෙනු ලබන නිර්දේෂ මත ක්‍රියා කරන්න වෛද්‍ය වරයා බැදිල ඉන්නවා.

මේ නිසා ජාතියේ නාමයෙන් වෛද්‍ය සභාව මෙම තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් යොමු කළ යුතුයි කියන ස්ථාවරයේ අපි ඉන්නවා.

සයිටම් විරෝධි සටනේ පාර්ශව තුනක් ඉන්නවා.  වාමාංශික පක්ෂ කියන්නේ කිසිම අයුරකින් සරසවි අධ්‍යාපනය මුදලට ලබා නොදිය යුතුයි කියලා.  පිවිතුරු හෙළ උරුමය විදිහට අපි කියන්නේ ලෝකයේ සාතිශය බහුතරයක් රටවල් වල වගේම සරසවි අධ්‍යාපනය මුදලට ලබා දිය යුත්තේ ආණ්ඩුව පමණයි කියලා. මුදලට උපාධියක් ලබාදෙනවානම් එය කළ යුත්තේ ආණ්ඩුව පමනමයි. එයට හේතුවක් තියෙනවා.  ලෝකයේ මොනයම් පෞද්ගලික විද්‍යාලයක්උනත් ලංකාවේ ආරම්භ කලාට කමක් නෑ. ඒ පාසැල්වල ඉගෙන ගන්න ලමයි වාඩි වෙන්නේ එක්කෝ ලංකාවේ ආණ්ඩුවේ විභාග වලට නැත්නම් එංගලන්ත ආණ්ඩුව තබන විභාගවලට. එවිට හැමෝම එක ප්‍රමිථියකට එනවා. පාසැලේ අධ්‍යපන මට්ටම නුසුදුසුනම් ප්‍රමිතියෙන් තොරනම් අනිවාර්යෙනම අර පොදු විභාගයේදී ඔවුන් අසමත් වෙනවා. මෙහිදී සිදු වෙන්නේ අධ්‍යපනය පෞද්ගලික පාසැලෙන් ලබාදුන්නත් විභාග පැවැත්වීම ආණ්ඩුවෙන් සිදු කිරීමයි. එවිට පිළිගත් විභාගයකට මහුන දීමට අනිවාර්යෙන් සිදුවෙනවා. නමුත් පෞද්ගලික විශ්ව විද්‍යාල වලදී අධ්‍යාපනයත් පෞද්ගලික අංශයෙන්.  ඒ වගේම විභාගය පවත්වන්නේත් පෞද්ගලික අංශයෙන්.  මෙයාලට ඔන හොදට ඉගෙන ගන්න නෙමෙයිනේ. උපාධි සහතිකය අරන් වෛද්‍ය වරයෙක් වෙන්න. ලේසියේනම විභාගය සමත්වෙලා උපාධිය ලබාගන්න පුළුවන් තැනට තමයි කවුරුත් යන්නේ.

මෙහිදී ඇතුමුන් අහනවා වෛද්‍ය වරුන්ට පෞද්ගලිකව බෙහෙත් දෙන්න පුළුවන් මුදල් අරන්. නමුත් වෛද්‍ය අද්‍යාපනයට විරුද්ධ ඇයි කියලා. අපි මුදල් ගෙවා වෛද්‍ය ප්‍රථිකාර ගනිද්දී යන්නේ අපිට ගෙවනන් පුළුවන් ඉහලම මිලට හොදම දොස්තර හොයාගෙන. නමුත් උපාධිය මිලට ගන්න ගියාම හොයන්නේ හොදම උපාධිය නෙමෙයි ලෙහෙසියෙන්ම සමත්විය හැකි උපාධිය. මේ විදිහට පෞද්ගලික ලාභ ලබන විශ්ව විධ්‍යාල තියෙන්නේ ලෝකයේම රවල් දහයක පමන. ඉන්දියාවත් ඉන් එකක්. අද එහි තතවය කුමක්ද? උපාධිය තුට්ටු දෙකට වැටිලා. ආචාර්ය උපාධි ධාරීන් ඉන්නවා පියුම් කමටවත් යන්න බැරුව. මැතකදී උත්තර් ප්‍රදේශයේ ආණ්ඩුව පණිවිඩ කරුවන් 350ක් බදවා ගන්න අයදුම් පත්‍ර කැදෙව්වම ආචාර්ය උපාධිය තියෙන අයත් ඉල්ළම් කරල තියෙනව ඒ තනතුරට. අද්‍යාපනයේ ප්‍රමිතිය වැටිල නිසයි ඉන්දියාවේ ඒ තත්වය උදා වුනේ. උපාධීයට කුවුරුවත් වටිනාකමක් දෙන්නේ නැති තත්වයක් උදා වෙලා.

ඒ වගේම වෛද්‍ය සංගමය ඇතුළු තවත් පිරිසක් සයිටම් වලට විරුද්ධ වන්නේ එය නිසි ප්‍රමිතියට නැති නිසා.

– අරවින්ද අතුකෝරල

59 views

25 Comments to “නඩු තීන්දුව වැරදියි… සයිටම් නීති විරෝධියි…”

  1. alaya says:

    ඉතාම නිවැරදියි …ගම්මන්පිලගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මෙවැනි ගුණාත්මක විග්‍රහයක් මිසක්
    අර හිරුනිකාගේ වෘෂණ කෝෂ කතා වගේ ඒවා පිලිබඳ විවේචන නෙවෙයි …එවැනි දේ විවේචනයට රන්ජන්ලා වගේ අඳබාල මන්තිරිලා ඕන තරම් ඉන්නවා.

    • Shyameen Gunaratne says:

      මේ කරන වැඩේ විමල් ඇතුලේ ඉන්න අතරේ වෛද්‍ය සභාව සාක්කුවට දාගන්න හදන්නේ මෙයා. අපේ මිනිස්සුන්ටත් මොළයක් නැහැ. මෙච්චරකල් කට පියන් ඉඳලා අන්තිම මොහොතේ පරිසරය හැදුනාම ලකුණු දාගන්න හදනවා.

      • සයුර says:

        එතකොට පහුගිය කාලේ මුන් හිටියේ පිට සක්වල ද …බොර දියෙන් මාලු බාන යක්කු …දැන් නම් මුන්තිත්ත යි

    • kamasiri Kuruwita says:

      මෙයා මේ කියන්නේ සෞක්යත අමතිවෙන්න ඕනේ දොස්තර කෙනෙක් කියලනේ . එතකොට වෙළඳ ඇමති වෙන්න ඕන වෙළෙන්දෙක් ද ? කෘෂිකර්ම,ඇ ඇමති වෙන්නෝන ගොවිමහතෙක්ද ? අධ්යාදපන ඇමතිකම දෙන්න ඕන ගුරුමහතෙකුටමද ? මොනවද උදය මේ කතා . තුෂාරත් ලඟා හිටිය මිනිහ දක්ෂයා වුනාට මිනිහටත් මේක මිස් වුනානේ.. උදය ,ඔබගැන ජනතා බලාපොරොත්තුවක් ඇත . ඒ නිසා මින් ඉදිරියටවත් කල්පනාවෙන් කතා කරන්න . අධ්යා පනය විකුනවානම් කොහේ කලත් එක කඩයක් තමයි . කොතලාවල කඩයක් නොවී සයිටම් එක විතරක් කඩයක් වෙන්නේ නැහැ . අන්තරේ කලකන්නින්ගේ ලනු ගිල්ලොත් ඔබල අමාරුවේ . උන්ට ජනතා ප්රතසාදයක් නැහැ .මිනිස්සු මේ මැරයන්ට බය නිසා කට පියාගෙන ඉන්නවා .අනිත් හැම දේටම පුද්ගලික විස්වාවිද්යුල තියෙනවා නම් වෙදකම උගන්වන එකට විතරක් කොහොමද එපා කියන්නේ . මේක සාධාරණ නීතියද ? පුද්ගලික වෛද්ය විද්යාකල රජයේ නීතියට අනුව උසස් ප්රදමිතියක් යටතේ හා දැඩි අධීක්ෂණය යටතේ පවත්වාගෙන යාම් තමයි දැනට ඇති සුදුසුම දේ. එසේ නොමැතිව මේ ඉර්ශියාවෙන් හා කුහක කමෙන් පිරුණු තක්කඩි රැලකට රජයක කටයුතු අඩාළ කරන්නට හෝ නීතියේ ආධිපත්යක අවතක්සේරු කරන්නට ලෑස්තිවන්නේ නම් මේ රට තව තවත් විනාසය කර යාම වැළැක්විය නොහැකිය

      • Janidu says:

        @kamasuri
        Ithin gono gammanpila mahaththya kiyannet ekama thamai. Standard thiyenna ona saha eka gov eken karanna ona kiyalane. Tho wage ranilta kade yana gonek. Oluwa athagala balanawa dainatamat an dekak aiwith aiti.. ! Gona

        • kamasiri Kuruwita says:

          භාෂා විලාසයෙන් අන්තරේ කලබල කාරයෙක් බව පෙනෙනවා. තවටිකක් කරුණු හොඳින් හදාරන්න. ළමයින්ගේ ආරක්ෂාවත් , පිට රටට ඇදෙන කොටි ප්‍රකෝටි ධනයත් නවතා ගැනීමට හා අපේ අධ්‍යාපනය මගින් විදේශ විනිමය ලබාගැනීමටත් යන කරුණු සඳහා නියම ප්‍රමිතීන් සහිත පුද්ගලික වෛද්‍ය විද්‍යාල තව තවත් ඇතිකළ යුතුයි .

          • Janidu says:

            Samanallunta therena basawen kiwwe. Ridila wage..! Dan samalingika panathath gu adikaraneta genalla ranil ekka ekathuwela sammatha karoth mokada wenne saitm wage? Anika ubala maara gon drama ne danne ? Wedi tiwwalu habai ceo karayata kisi thuwalayak nai. Uwa udde wena kalai issrahin yawanna tiwunne ape kollo saihenna beraganna tiwuna kotinta gahaddu..
            Adikarane balu wela iwarai manussayo. Dan gon drama karala minissu rawattanna bai samanalayonta..

  2. බන්ඩයියා says:

    Oldest private university in England, Buckingham University, had a graduate entry medical school from 2010. Until 2015, it offered only postgraduate MD qualifications to doctors already qualified to MBBS or equivalent, it accepted its first batch of undergraduates for a four and a half year MBBCh course in 2015. Cost is £35,000 per year. Should we not take example from where that set precedent for all if not most of our institutions, Mr. Gamma?

    • alaya says:

      එංගලන්තේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ
      අනුන්ගේ සල්ලි වලින් ඉගෙන ගෙන දොස්තරලා වෙන්ඩ හැකි වුනාට (නිදහස් අධ්‍යාපනය)
      තමන්ගේ සල්ලි වලින් ඉගෙනගෙන දොස්තරලා වෙන්ඩ අපි ඉඩ තියන්නේ නෑ

      • බන්ඩයියා says:

        අද නෙවිල් ප්‍රනාන්දු පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලෙ වහන්න ඔින කියන නිදහස් අධ්‍යාපනය ලබන ‘වෙන්න දොස්තරල’ පාස් වෙලා හෙට දවසෙ ප්‍රය්වෙට් ප්‍රැක්ටිස් කොරන්නෙ නැද්ද? අද අැපලෝ එකේ බෙහෙත් තුන්ඩුව ලියල රැ.2225/-ක් ගන්න දොස්තරල හුඟ දෙනෙක් නිදහස් අධ්‍යාපනයෙන් දොස්තරල වෙච්ච අයයි. අද යන ලෝක රටාව අනුව හැම රටකම වගේ පුද්ගලික විශ්ව විද්‍යාල තියනවා ඒ්වා පිළිගන්නවා. ඉතින් ලකුනක් දෙකක් අඩු උනත් යන්තම් A/L පාස් උනත් දොස්තර වෙන්න අධිෂ්ඨාණය අැති ලංකාවෙ සල්ලි තියන අයගෙ ලමය් දොස්තර වෙනවා. හුඟක් සල්ලි තියන අය අැමරිකාව වගේ රට වලටත් අනෙක් අය නේපාලය වගෙ රට වලටත් ගිහින් දොස්තරල වෙනවා. ඒ කියන්නෙ මුදල් වියදම් කල හැකි අය දොස්තර වෙන ඒක නවත්වන්න කාටවත් බැහැ. අනික අයින්ස්ටයිනුත් ජවිතේ පොඩි කාලෙ ඉඳලම දක්ෂයෙක් නෙවෙයි. අයින්ස්ටයිනුත් වගේ ජිවිතේ පසු කාලයෙදිි දක්ෂ වෙන අය අනන්තය්. ඉතින් කලයුත්තේ සය්ටමේට තොප්පි දැමීම නෙවෙය්. ස්ටැන්ඩඩ්ස් නියම කරල ඒවා අධික්ෂණය කරන ඒකය්.

  3. හිතුවක්කාර says:

    තාම හිතුවක්කාර විධියට මේ කිසිවක් නැතුව තමයි 2009 දී සයිටම් ආරම්භ කරන්නේ

    • kamasiri Kuruwita says:

      ඔබ හරිහැටි කරුණු නොදනී . ගම්මන්පිලද හරියට නොදනී , මේ තීන්දුව දුන්නේ සියලු කාරන සලකා බවත් , ඒ ශ්‍රේස්ටාධි කරන විනිසුරුවන් දේශපාලකයෝ වගේ දිව දෙකේ කතා නොකියන බවත් සිහියට ගමු. තින්දුව හැම වෙලාවේම තමාට වාසි වෙන විධියට ලැබෙන්නේ නැහැ කියල උසාවියට දොස් කියන එක නුගත්කමේ ලකුණක් .

      • Janidu says:

        Kamarisi uba mara deemak ne raniltai lolu saitm ekatai denne. Uba maha ugathada ? Yako dan nithiya balu wela thiyenne. Mahabanku horunta neethiya ko ? Anshuwata saha lasantha alagiyawannayata neethiya ko ? Nikan denne naithuwa hitapan samarisiya..

        • kamasiri Kuruwita says:

          Janidu tharaha ganne nathuwa mage lipi hondin kiyawanna . Pata kannadi galawala yamak desa balanna . Madyasthawa balanna puruduwanna. obata suba anagathayak !

          • Janidu says:

            Hariyata madyasthawa hithana manussayek wage kathawa habai puduma deemak denne lolu raniltai saitm ekatai. Madyathawa hithanna thamun issella igena ganna goyyo pora talk denna issella..

  4. alaya says:

    එංගලන්තේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ
    අනුන්ගේ සල්ලි වලින් ඉගෙන ගෙන දොස්තරලා වෙන්ඩ හැකි වුනාට (නිදහස් අධ්‍යාපනය)
    තමන්ගේ සල්ලි වලින් ඉගෙනගෙන දොස්තරලා වෙන්ඩ අපි ඉඩ තියන්නේ නෑ

  5. Sihala Yaka - සිහල යකා says:

    ආණ් ඩුවලින් අද්‍යාපනේ පාලනය කළ කාලය අවසන් බව ගම්මන් පිල මහත්මයා තේරුම් ගත්තොත් හොඳයි. එතුමා ඉගෙන ගත්ත ඕස්ට්‍රේලියාවට අද අපේ ලමයි කී දාහක් මේ රටේ සල්ලි කෝටි ගානක් සෙමෙස්ටර් පාසා පොම්ප කරමින් ඉන්නවද ?

    නීති විරෝධීයි නම් කරන්න තියෙන්නේ නියමානුකූලව නීති ගත කරන්න උදවු කරන එක​. මේක මේ රටේ සම්පතක්.

    • kamasiri Kuruwita says:

      සිහල යකා , ඔබ ඉතාම හරිය . මේ ප්‍රශ්නයට හොඳම විසඳුමත් ඔබ දී ඇත ගම්මන්පිල තව ටිකක් පොත් කියෙව්වොත් හොඳයි.

      • kamasiri Kuruwita says:

        ජනිදු බ්‍රෝ , මේ සිහල යකා ගේ කොමෙන්ට් එකටත් කොමෙන්ට් එකක් දානවකෝ හලෝ බලන්න නිකන් පොර ටෝක් නොදී. අන්තරේ බේගල් මදිවට සමහර තමනේ උසස්පෙළ ප්‍රතිපල ප්‍රසිද්දියේ කියන්න අකමැති දොස්තරලා සෙට් එකත් දැන් මාධ්‍යට බොරුකියන්න පටන් අරන් . සයිටම් එකේ ඇනටොමි ඩිසෙක්ශන් කරන්නේ ඇත්ත මළමිනී වලින් . කවුද එකෙක් මාධ්‍යට කියනවා එහෙ කපන්නේ ඩමී හෙවත් බෝනික්කෝ කියල . ඇයි මේ වගේ බොරු කියල ජනතාව නොමග අරින්නේ. තව මේ වගේ ජනතාව රවට බේගල් බොහොමයි.

    • Janidu says:

      nodanna magul katha nokara hitapan ban.. issella australia giana igena ganin

  6. Christopher says:

    සය්ටම් පටන් ගත්තේ කවුද ගම්මන්පිල?

  7. මේ මම දන්නේ නැතිනිසා තමයි අහන්නේ ඔය සයිටම් එක කොයිකාලෙද අහසින් ලංකාවට පහත් උනේ?

  8. සරණ says:

    අනේ පණ්ඩියෝ නුගේගොඩ රැලියෙන් පස්සේ කස්ටිය බය වෙලා ….ඒකයි ඕන නැට්ටක එල්ලිලා චන්ද අහුලා ගන්න බලන්නේ . මුන් ට චන්ද දුන්න එක ගැන පසුතැවෙනවා. ආයේ නම් කවදාව ත් මේ වගේ දෙපිට කාටු එවුන් දෙන්නේ නෑ …මරා ගේ කාලේ සයිටම් එක ට resultකීයෙන් ගත්තා ද දන්නෑ .. ඒත් දැන් නම් ඒක ට SLMC එකෙන් නියමිත result තියෙනවා . පසුගිය දවස් වල නිකුත් කල දැන්වීම් බලන්න .
    මරා ගේ කාලේ මුන් ගේ කටවල්තිබුණේ කොහෙද දන්නෑ .

  9. හර්ෂ says:

    සල්ලි වලට උපාධි පිරිනමා වෛද්‍ය වරුන් බිහිකරන්න ඕන නෑ. දක්ෂතාවට තැන දී උසස් පෙළ ලකුණු පිළිවෙලට එඅන ළමින්ට තැන දෙන්න…

Main News