නත්තතල් දා අගරදගුරු ‘යූ ටර්න්’ ගසයි.. දිවැසිවරු මවිත වෙති..
December 25, 2018 at 10:40 am | lanka C news
‘දිවැසිවරු’ විසින් නිකුත් කරන ලද මාද්‍ය නිවේනයක් මෙහි දැක්වෙයි.
කාදිනල් හිමිගේ ‘යූ ටර්න්’ ප්‍රකාශය සම්බන්ධව අප මවිත වන්නෙමු!
නත්තල් දින තරු පහේ හෝටල්වල බාර්ද වසා තබන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලමින් ජාතික නත්තල් උත්සව සැමරුම් දින කාදිනල් හිමිපාණන් විසින් කරනු ලැබූ ප්‍රකාශය සම්බන්ධව තම සංවිධානය පුදුමයට, විමතියට මෙන්ම සතුටටද පත් වන බවත් මෙතෙක් කල් දිළින්දන්ට වඩා දේශපාලඥයින් වෙළෙදුන් හා ධනවතුන් සම්බන්ධව පමණක් ප්‍රමුඛතාවය දුන් කොළඹ අගරදගුර හිමි නත්තලේ සැබෑ අරුත සම්බන්ධව උනන්දු වී ගත් මෙම තීරණය මෙයට වසර කිහිපයකට පෙර ගනු ලැබුවේ නම් ලංකාවේ නත්තල අද පවතින ආකාරයේ අරුත් සුන් විච්චූරණ එකක් විමට ඉඩ නොලැබෙන බවත් පමා වී හෝ ගත් මෙම ‘යූ ටර්න් එක’ සම්බන්ධව තමන් සතුටුවන අතර දැන්වත් සිය ගමන් මග වෙනස්කර වත්මන් සසුන් පිය ෆ්‍රැන්සිස් පාප් තුමන්ගේ මග ගැනීම ගැන සතුටුවෙමින් අපි එතුමන්ට සුබ පතන බවත් දන්වනු කැමැත්තෙමු.
එසේම කොළඹ අගරදගුරු පදවියේ ඇතැම් පියවරුන් විසින් මුදල් නාස්ති කරමින් ගත කරනු ලබන සුකෝපභෝගී, කාම සුඛල්ලියානු යෝගී, සැප පහසු ජීවිතයෙන් මිදී පදවිය තුළ සිටින දිළි`දු මීසම්වාසීන් දෙස මීට වඩා උනන්දුවෙන් බලා කටයුතු කිරීමට යොමු කරන්නට ඔබ වහන්සේට හැකි නම් කොළඹ පදවියේ මීසම් තුළින් දිළිඳුකම ද තුරන් කර නත්තලට සැබෑ අරුතක් දිය හැකි වනු ඇත බව අපගේ විශ්වාසයයි.
තවද තරුපහේ හෝටල් වල පමණක් නොව කොළඹ පදවියේද නාස්තිකාර නත්තල් උත්සව, නත්තල් කලාප හා සභාවේ අනුග්‍රහයෙන් නත්තල් අරුත විනාශ කරමින් රූපවාහිනී නාලිකා ප්‍රවර්ධන වැඩසටහන් ලෙස මුදල් නාස්තිකරමින් පවත්වන නත්තල් කලාප, ලොකුම නත්තල් ගස් සැදීමේ විච්චූරණයන්ද නවතා නත්තලේ අරුත් විරහිත පුහු සම්ප්‍රදායන් තුලින් මිදී නත්තල සමරණ ළෙස සියළු කතෝලිකයින්ට විශේෂ ප්‍රකාශයක් නිකුත් කර, එම නාස්තිකරන මුදල් එකතුකරගෙන කොළඹ අගරදගුරු පදවියේ දිළිඳු ජනතාව වෙනුවෙන් වැය කර සැබෑ ලෙසම නත්තලේ අරුත ජීවමාන කරන ලෙසද අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් තම සංවිධානය වන ‘දිවැසිවරු’ කතෝලික ගිහි සංවිධානය ඉල්ලා සිටින බවත් අප සංවිධානයේ මෙම මාධය නිවේදනයෙන් දන්වනු කැමැත්තෙමු.
ජූඞ් නිරංජන් බස්නායක
මාධ්‍ය ප්‍රකාශක
‘දිවැසිවරු’
බහුතරය බෞද්ධ වු පමණින් අනෙක් අය බෞද්ධාගමිකයින් විය යුතු නැත. විය යුත්තේ ඔවුන් බුදුදහම පදනම් කරගත් මහා සංස්කෘතියෙහි අභිමාණවත් කොටස්කරුවන් වීමය. මේ රටේ බෞද්ධ උරුමය තමන්ගේ ද උරුමයක් ලෙස සැලකීමය. වෙනත් ලෙසකින් කිවහොත් රටට අවශ්‍ය සිංහල හින්දු, සිංහල කතෝලික, සිංහල ක්‍රිස්තියානි, සිංහල මුස්ලිම් පිරිසකි. ඔවුන් එසේ වන අතර ඔවුන්ගේ ආගමික සංස්කෘතික අනන්‍යතාව ආරක්ෂා කරගත යුතුමය. ඒ සඳහා සහාය දීම සිංහල බෞද්ධයින්ගේ යුතුකමයි.
පන්සිය වසක් අප ආපසු යන දා ට
හෙළදිව පෙනේ කොත්රැළිවල සුදු පාට
එවකට අපේ මුත්තණු සඳ ඇති රෑට
මාලති මල් නෙළාගෙන යති බුදු ගේට
පන්සලටය පෙර පරපුර අකුරු ගියේ
සිවුරෙන් අපේ රට රැකුණා අඳුරු පැයේ
අප හෙළ ගතිය වැඩුණේ පන්සලෙයි පියේ
අද වනතුරුම සිවුරේ පඬු ගතිය තියේ
ගරු මර්සලීන් ජයකොඩි පියතුමා
Kawda me Diwasiwaru. Manasika abhadiyakin pelena kenekda?
Mulinma nama wenas kara ganna.
Diwasiwaru yali pahala wanne natha.
Pahala wenawanam mewani pissan pamani.
බයිබලය හරියට අධ්‍යයනය කරලා බැලුවොත් ඔබතුමියට පෙනෙයි දිවැසිවරුන්ට පහළ වෙන්න කාලයක් අවශ්‍ය නැහැ කියලා. අනික මේ කණ්ඩායම කියලා තියෙන දේ කිතු දහමට හා ජේසුතුමන්ගේ දර්ශනයට එකගයි. නත්තල් දින ෆ්‍රැන්සිස් පාප් වහන්සේ කියපු දේට එකගයි. ඔබතුමිය එයට පටහැනිද,?
Mata athi ekama prashnaya mema ‘Diwasiwarayo” JVP balal athak da yanna pamani!
At donate the money to all spend for the Fire Cackers to uplift the living conditions of the poors.
A good example would be the Muslims who pays 2.5% of the total wealth yearly for the need of poors.
If so why don’t the Christians follow suit.