නත්තල් සාදයකට ගිය තරුණයාගේ සිරුර ළිඳක තිබී සොයාගනියි….
December 28, 2021 at 6:20 pm | lanka C news
යාපනය ඉලවාලෙයි ප්රදේශයේ පිහිටි ළීඳක තිබී තරුණයෙකුගේ මළ සිරුරක් සොයාගත් බවට ඉලවාලෙයි පොලීසිය පවසයි.
මියගිය තරුණයා 25 වනදා රාත්රියේ තවත් මිතුරන් කිහිප දෙනෙකු සමග නත්තල් සාදයකට ඉලවාලෙයි මංසන්ධිය ප්රදේශයට ගිය බවටත් නිවසට නොපැමිණීම හේතුවෙන් තරුණයාගේ ඥාතීන් විසින් ඉලවාලෙයි පොලීසියට දැනුම් දෙනු ලැබීය.
අනතුරුව ප්රදේශවාසියෙකු ලිඳතුල පුද්ගල සිරුරක් පාවෙනු දැක ඒ පිළිබඳව ඉලවාලෙයි පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව සිරුර ගොඩට ගෙන පරික්ෂා කිරීමේදී සාදයට ගිය තරුණයාගේ බවට ඥාතීන් විසින් හඳුනාගනු ලැබීය.
මිය ගිය තරුණයා සමග සාදය පැවත්වූ අය සොයා පරික්ෂණයක් අරඹා ඇති අතරම තරුණයා ළිඳට වැටුනු හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති බවටත් එය ඝාතනයක්ද යන්න පිළිබඳව සෙවීමට සිරුර යාපනය ශික්ෂණ රෝහලට පශ්චාත් මරණ පරික්ෂණය සඳහා යොමු කොට ඇතැයිද ඉලවාලෙයි පොලීසිය වැඩිදුරටත් පැවසීය.
මෙලෙස මිය ගොස් ඇත්තේ ඉලවාලෙයි ප්රදේශයේ පදිංචි ක්ලැරින් කොල්වින් නැමිති අයෙකි.
– වන්නි රොමේෂ් මධුෂංඛ