නත්තලේ සැබෑ අරුත තේරුම් නොගත් ලංකාවේ පාලකයෝ.. ‘භෞතිකවාදය නත්තල ප්‍රාණ ඇපයට ගෙන නත්තල් සමරන්නේ සැනකෙලි පවත්වමින්’ – ෆෑන්සිස් පාප්තුමා

December 26, 2016 at 2:10 pm | lanka C news
නත්තලේ සැබෑ අරුත තේරුම් නොගත් ලංකාවේ පාලකයෝ.. ‘භෞතිකවාදය නත්තල ප්‍රාණ ඇපයට ගෙන නත්තල් සමරන්නේ සැනකෙලි පවත්වමින්’ – ෆෑන්සිස් පාප්තුමා

අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා විසින් ගාලු මුවදොර ඉදිකරමින් තිබු ලෝකයේ උසම නත්තල් ගස හා සැනකෙළිය නවත්වා ඒ මුදල් රටේ දුප්පත් ජනතාව ඔහුනගේ දීනපතා අවශ්‍යතා සඳහා ලබා දෙන ලෙස රටේ පාලකයින්ගෙන් මෙන්ම රජයේන් කරනු ලැබු ඉල්ලීම ගනන් නොගෙන් කලින් යොදාගත් අයුරකින්ම එම සැනකෙළි උලෙළේ පැවත්වීමට රජය හා එහි සංවිධායකයන් කටයුතු කරන ලදි.

අගරදගුරුතුමා මෙම ඉල්ලීම කල අවස්ථාවේ රටේ ප්‍රධාන දැවෙන ප්‍රශ්න රාශියක් තිබියදි රටේ අග්‍රාමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා කඩිමුඩියේ උන්වහන්සේ මුන ගැසිමට ගොස් උන්වහන්සේ කල ඉල්ලීම ප්‍රතිකේෂ්ප කරමින් එම සැනකෙළිය හා උසම නත්තල් ගස ඉදිකිරිම ඒක පාර්ශිකව ප්‍රකාශයක් කරමින් ඉදිරියටම කරගෙන යන ලෙස වරාය හා නාවුක සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංගට උපදෙස් ලබා දෙනු ලැබූ බව මාධ්‍ය වාර්තා පල විය.

මෙහිදී වැදගත් වනුයේ අපේ රටේ කතෝලික බැතිමතුන්ගේ අභිලාෂයන් යටපත් කරමින් එසේ සැනකෙළි උත්සව රාජ්‍ය අනුග්‍රහය හා පූර්ණ මැදිහත් වීමෙන් සිදු වෙද්දීල අති උතුම් ශුද්ධොත්තම ෆෑන්සිස් පාප්තුමා නත්තල් දින රාත්‍රි රෝමයේ වතිකානයේ ශාන්ත බැසිලිකා දේවස්ථානයේ පැවති දේව මෙහෙයේදී ලෝක ජනතාව දුන් පණිවිඩයයි. උන්වහන්සේ ප්‍රකාශ කර සිටියේ ‘භෞතිකවාදය විසින් නත්තල ප්‍රාණ ඇපයට ගෙන ඇති බවත්, නත්තලේ සෑබැ අරුත අද දකින්නට නොලැබෙන බවත් අද වැඩි දෙනා නත්තල සමරන්නේ සැනකෙළි පවත්වමින්’ බවත්. මෙය මෙරට අගරදගුරුතුමන් කියූ ආකාරයටම නත්තලේ සැබෑ අරුත තේරුම් නොගත් ලංකාවේ පාලකයන්ට කදිමට ගැලපෙන කියමනකි.

එමෙන්ම අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා නත්තල් දින රාත්‍රි කාදාන ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ පැවති දේව මෙහෙයේදී ශ්‍රීලංකාවේ ජනතාව වෙනුවෙන් පැවසුවේ , ලොකු ගස් හදලා ලස්සනට බල්බ් දාලා ගොඩාක් සල්ලි වියදම් කරලා නත්තල සැමරුවාට එය නත්තල නොවන බවත් ජේසුස් වහන්සේගේ ඉගැන්වීම තේරුම් ගැනිමට ආත්මාර්තකාමි සමාජය නොහැකි බවත් ය.

මේ අනුව ඉතා පැහැදිලි වනුයේ රටේ විශාල නියඟයක් පැමිනෙමින් සිටින අවස්ථාවක රටේ ජනතාවගේ ප්‍රධාන ආහාරය වන බත සඳහා අවශ්‍ය ගොවිතැන පාලු වීම නිසා අහස උසට සහල් මිල නැග තිබියදි රටේ ආර්ථික දිනපතා කිසිදා නොවු විරු ලෙස කඩා වැටිමෙන් තිබියදි ගනන් නොගෙන නත්තලේ සැබෑ අරුත නොදත් ඵීරිස් විසින් නැව ගිලුනත් බෑන් චූන් ප්‍රතිපත්තියක් අනුගමනය කරන වගයි.

321 views