නත්තල් ගසෙන් පැරදුනු අර්ජුන වරාය චීනයට පවරන විරෝධයත් අකුලාගනී..

December 9, 2016 at 4:40 pm | lanka C news
නත්තල් ගසෙන් පැරදුනු අර්ජුන වරාය චීනයට පවරන විරෝධයත් අකුලාගනී..

”අගමැතිතුමා හම්බන්තොට වරායේ සේවකයෝ අස්කරන්න කිව්වා කියලා නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා මගෙත් නම සඳහන් කරමින් මාධ්‍ය වෙත ප්‍ර‍කාශ කරලා තිබුණා. ඒ ප්‍ර‍කාශය මම සම්පූර්ණයෙන්ම ප්‍ර‍තික්ෂේප කරනවා. අගමැතිතුමා එහෙම දෙයක් කිව්වේ නැහැ. මම මේ අමාත්‍යාංශයට එනකොට නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාගේ තාත්තාගේ ඡන්ද ව්‍යාපාරවලට ගිය 582ක් සේවයෙන් ඉවත් කරන්න අපිට තිබුණා. නාමල් රජපක්ෂ මහත්තයා බඳවාගත් දෙසියක ප්‍ර‍මාණයක ළමයි අපිට අස් කරන්න තිබුණා. අගමැතිතුමයි, ජනාධිපතිතුමයි කවදාවත් ඒක කරන්න කිව්වේ නැහැ. ඒනිසා මේ වගේ බොරු කියලා ජනප්‍රිය වෙන්න උත්සාහ කරන්න එපා….” යැයි වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි.

ඔහු මේ බව කියා සිටියේ අද (09) මාධ්‍යවේදීන් පිරිසක් හමුවේ අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා කළ තවත් ප්‍ර‍කාශයක් සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කළ යුතු බවයි.

“පසුගියදා දිනක නාමල් රාජපක්ෂ මහත්තයා කියලා තිබුණා හම්බන්තොට වරාය හදන්න ගියේ ඩොලර් මිලියන 400 යි කියලා. නමුත් අපේ පොත්වල එම මුදල ඩොලර් මිලියන එක්දහස් තුන්සිය හතලිස් හතක් විදියටයි සඳහන් වෙන්නේ. ඒ කියන්නේ ඩොලර් මිලියන 1000කට කිට්ටු ගාණක් ගැන මේ නාමල් රාජපක්ෂ මහත්තයා දන්නේ නැහැ. මම ජනාධිපතිතුමාගෙන් සහ අගමැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා කරුණාකරලා මේ සම්බන්ධයෙන් ‍ සොයා බලන්න. ඉතිරි ඩොලර් මිලියන 1000 කොහේද ගියේ. සමහරවිට චීනයේ ඇති. අපි දැක්කා හිටපු ජනාධිපතිතුමාත් ගිවිසුම් අත්සන් කළ චින සමාගම් වලට ගියා. මේ නිසා නාමල් මන්ත්‍රීතුමාගේ කථාව ගැන වහාම පරීක්ෂණයක් කරන්න කියලා මම ජනාධිපතිතුමාගෙනුයි අගමැතිතුමාගෙනුයි ඉල්ලා සිටිනවා…..” යැයි පැවසූ අමාත්‍ය අර්ජුන රණතුංග වැඩිදුරටත් කියා සිටියේ හම්බන්තොට වරාය චීන සමාගමට පැවරීමේදී රැකියා සුරක්ෂිත බව ගැන ඉහළින්ම සිතා බලන බවයි.

“අපි චීන සමාගම සමඟ වරාය අධිකාරිය පැත්තෙන් ගිවිසුම හදනකොට අපේ පළමු ඉල්ලීම වුණේ මේ රැකියාවල සුරක්ෂිත බව. අමතක කරන්න එපා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලයේ තමයි මාගම්පුර වරාය හැදුවේ. මේ ළමයින්ට ආදරයක් තිබුණා නම් මහින්ද රාජපක්ෂ මහත්තයට තිබුණා මේ අයව වරාය අධිකාරියේ සේවකයින් ලෙස බඳවා ගන්න. නමුත් ඔවුන් එහෙම කළේ නැහැ. මාගම්පුර කියලා වෙනම සමාගමක් හදලා ඒකට තමයි මේ අය බඳවා ගත්තේ. ඒකත් ස්ථීර පත්වීමක් නැතුව. මේ තරුණ පිරිස වසර තුනක් මහින්ද රාජපක්ෂ මහත්තයයි, නාමල් රාජපක්ෂ මහත්තයයි එක්ක දේශපාලනය කළා. නමුත් වරාය අධිකාරියට එන්න අවස්ථාව දුන්නේ නැහැ. මම ඇවිල්ල තමයි ඔවුන්ගේ රැකියා පවා ස්ථීර කළේ. ඉදිරියේදී ඇති කරන සමාගමට මේ තරුණ පිරිස අනුයුක්ත කරන්න අපි කටයුතු කරමින් සිටිනවා. නමුත් එය කඩාකප්පල් කරලා මේ තරුණ පිරිස අතරමං කරන්න සංවිධානාත්මක පිරිසක් කටයුතු කරමින් සිටිනවා. ඒ සංවිධානාත්මක පිරිසට අනුව මේ තරුණ පිරිස ඉදිරියටත් කටයුතු කළොත් ඔවුන්ගේ රැකියා ස්ථිරත්වය ගැන මට එකඟ වෙන්න බැහැ…..” යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි.

– තමීර මංජු

3 views

2 Comments to “නත්තල් ගසෙන් පැරදුනු අර්ජුන වරාය චීනයට පවරන විරෝධයත් අකුලාගනී..”

  1. Sunil Marasinghe says:

    මේක තමයි ලොව උසම නත්තල් ගසේ ඇත්ත කතාව

    යකඩ යකාගේ සහ මහත්මා ක්‍රිකට් හොරාගේ ඩීල් එක නවත්වපු කාදිනල් ඔබට දෙවි පිහිටයි

    දහස් ගණනක් ශ්‍රී ලාංකීය වරාය වෘත්තීය සේවකයන් පවසන අන්දමට වසර 16ක් පුරා ලංකාවේම සුපිරි යකඩ නිපදවන්නා වෙන මෙල්වා සමාගම දාගත්ත ඩීල් එකක් වෙන වරාය සහ ගුවන් සේවා ඇමති අර්ජුන රණතුංගගේ කුණු සහ කුණු යකඩ ගොඩවල් වලින් හදන්නට ගිය ලොව උසම සහ ලොව කැතම
    නත්තල් ගස සැදීම කාදිනල් නවත්වා ඇත්තේ මෙල්වා (MELWA) සමාගම ශ්‍රී ලාංකිකයින් 100 කට අඩු පමණකට රැකියා සැපයුවත් 3000 අධික ඉන්දියානුවන්ට රැකියා සපයා රටේ විදේශ විනිමය බිලියන ගණනින් ඉන්දියාවට හම්බු කරදීම පමණක් නොව එළඹෙන ජනවාරි මස සිට 2017 වසර පුරා ලංකාවට ටොන් කෝටියක් (10,000,000 tonnes = 10 million tonnes) යකඩ හැදීමට අවශ්‍ය අමුද්‍රව්‍ය ඉන්දියාව හරහා ශ්‍රිලංකාවේ කොළඹ සහ හම්බන්තොට වරායවලට ගෙන්වීමට සැරසෙන බැවින් ඒ සඳහා අයවෙන රුපියල් බිලියනයක් පමණ බදු රජයට නොගෙවා, අර්ජුනගේ උදව්වෙන් යකඩ ටික රට ඇතුලට පන්න ගැනීමේ අටියෙනි. මේ හැරුන විට අර්ජුන රණතුංග සුභසාධක පදනමට මේ කුණු සහ කුණු යකඩ ගොඩවල් වලින් හදන්නට ගිය ලොව උසම සහ ලොව කැතම නත්තල් ගස සැදීමට යන රුපියල් මිලියන 12 ක් පමණ මුදලක් සහ තව අත්පිට රුපියල් මිලියන ගණනකුත් අර්ජුනට දී ඇත. දහස් ගණනක් ශ්‍රී ලාංකීය වරාය වෘත්තීය සේවකයන් පවසන අන්දමට ආසියානු සංවර්ධන බැංකුවේ ඇමෙරිකන් ඩොලර් බිලියන 5.19 ක් හෙවත් රුපියල් කෝටි 77,850 ක ( රුපියල් 7,785,000,000,000/=) රනිල්-සිරිසේන රජයට දෙන ආධාරයෙන් ලංකාව සහ ඉන්දියාව යාකර හදන පාලමට ඊළඟ වසර 4ට යකඩ ටොන් මිලියන 4ක් පමණ අවශ්‍ය වෙන බැවින් ඒ සියළුම යකඩ රජයට විකුණා ඇමෙරිකන් ඩොලර් බිලියන 1ක් හෙවත් රුපියල් බිලියන 150ක් (රුපියල් 150,000,000,000/= හෙවත් රුපියල් කෝටි 15,000ක්) මෙල්වා සමාගම හම්බු කරගැනීමට සිරිසේන සහ රනිල් සමග වෙන වෙනම ඩීල් දා ඇති අතර,…මේ දෙසැම්බර් මස අගදී රනිල් අත්සන් කරන්ඩ යන එට්කා (ETCA) ගිවිසුමෙන් තම යකඩ නිෂ්පාදනයට තව ඉන්දියානුවන් 5,000කට ඊළඟ වසර පහේදී රැකියා ලබාදීමට මෙල්වා සමාගම බලාපොරොත්තු වෙන බව වරාය සේවක ආරංචි මාර්ග පෙන්වා දෙයි

  2. gadol says:

    මුන්ට කියන්නේ කම්බා හෝරා

Main News