නන්දලාල්ගේ ධුර කාලය මේ මාසයේ අවසන්.. දීර්ඝ කරන්න රනිල්ගේ නිර්දේශ අවශ්‍යයි..

June 6, 2022 at 10:40 am | lanka C news
නන්දලාල්ගේ ධුර කාලය මේ මාසයේ අවසන්.. දීර්ඝ කරන්න රනිල්ගේ නිර්දේශ අවශ්‍යයි..

මෙම මස 30 වැනිදායින් වත්මන් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතාගේ නිල කාලය අවසන් වීමට නියමිතය.

ඉන් පසුව ජනාධිපති විසින් නව මහ බැංකු අධිපතිවරයකු පත් කිරීම හෝ වත්මන් අධිපතිවරයාගේ ධුර කාලය නැවත දීර්ඝ කිරීම සිදු කල යුතුව ඇත.

මහ බැංකුවට නව අධිපතිවරයකු පත්කිරීම සඳහා මුදල් අමාත්‍යවරයාගේ ලිඛිත නිර්දේශය ජනාධිපතිවරයාට ලැබිය යුතුව ඇති අතර ඒ අනුව මුදල් ඇමති ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් සුදුසු අයෙක් නම් කල යුතුය.

මහ බැංකු අධිපතිවරයකුගේ නිල කාලය වසර හයක් වන අතර වත්මන් අධිපතිවරයා ගත කරමින් සිටින්නේ 2016 වසරේ පත් කරන ලද ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාගේ නිල කාලයේ අවසන් මාසයය.

කුමාරස්වාමි මහතා සිය නිල කාලය අවසන් නොකර ධුරයෙන් ඉල්ලා අස්වූ පසු ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන්, අජිත් නිවාඩ් කබ්රාල් යන අයද මහ බැංකු අධිපතිවරැන් ලෙස කටයුතු කලේද එම ධුර කාලයේ ඉතිරි කාලයයි.

මේ වන විට නන්දලාල් වීරසිංහ මහතා ගත කරන්නේ 2016 සිට 2022 දක්වා වූ මහ බැංකු අධිපති ධූරයේ සය වසරක නිල කාලයේ අවසන් මාසයයි.

108,319 views

25 Comments to “නන්දලාල්ගේ ධුර කාලය මේ මාසයේ අවසන්.. දීර්ඝ කරන්න රනිල්ගේ නිර්දේශ අවශ්‍යයි..”

  1. නව යොවුන් රාණි says:

    Nandalal already proved himself is not capable in handling the situation. Just the educational qualifications only. Has no sense of the real life situation. No intellectual capacity. Nandalal too try to keep the dollar fixed at 365 similar to what Kabral did. This is utter dangerous. Once pressure is exaggerated, Nandalal has no option other than releasing it. Then dolloar will bounce to value beyond Rs 500. I am sure Ranil know real life situation of this foreign currency issue than Nandalal.
    No exporters are encourage to do business at a lower dollar rate. . Simply they sepnd more on raw material and getting less on their export.
    I think Harsha should intervene to get the country out of this foreign currency crisis.

    • සරොජ් says:

      උම්බලා සේරම දන්නව වගේ කිය්න්නෙ ගොන් හු..යො පිටරට ඉන්දල මේ දිහා බලාගෙන ඉන්නෙ ගේ ගෙම්බො වගේ. කරන එකෙක්ට කරන්න දීලා අඩන්න නැතුව හිටපල්ලා

    • රට වැසියා says:

      මහ බැංකුව ඩොලරයක මිල රුපියල් 360 මට්ටමේ තියාගන්න කියලා බැංකු වලට කියලා නැහැ. දවසක් ඇතුළත මිල ඉහළ දැමිය හැකි ප්‍රමාණය පමණයි සීමා කරලා තිබෙන්නේ. නමුත් මිල ඉහළ ගිහින් නැහැ. ඒ කියන්නේ මේ මිල සම්බන්ධව බැංකු වලට ප්‍රශ්නයක් නැහැ කියන එකයි. හැබැයි මහ බැංකුව විසින් නොනිල ලෙස බැංකු වල විණිමය අනුපාතය පාලනය කරනවාද කියලා අපි දන්නේ නැහැ. එහෙමත් වැඩ වෙනවනේ.

      වැදගත්ම දේ ඒක නෙමෙයි. මොන විදිහෙන් හෝ ඩොලරයක මිල රුපියල් 360 මට්ටමේ තියාගෙන ඉන්න බව පැහැදිලිව පේනවනේ. මේ මිල නියම මිල නෙමෙයිනම්, නියම මිල වඩා වැඩි මිලක්නම්, ඔහොම කරද්දී ඩොලර් ඉල්ලුම හා සැපයුම අතර පරතරය ටිකෙන් ටික වැඩි වෙන නිසා කළුකඩ මිල ටිකෙන් ටික ඉහළ යා යුතුයිනේ. නමුත් ඇත්තටම වෙමින් තියෙන්නේ ඒකේ අනෙක් පැත්ත. මහ බැංකුව මේ වැඩේ පටන් ගත් දවසේ ඉඳලා කළුකඩ මිල ටිකෙන් ටික පහළ වැටෙන්න පටන් අරන්. ඒ ඇයි?

      • නව යොවුන් රාණි says:

        මට කියන්න්කකෝ කොහෙද කියල ඩොලර් එක 360 ට ගන්න පුළුවන්. එක බැංකුවක් කියන්න බලන්න. අඩුම ගානේ කොටුවේ ප්‍රයිවෙට් තැනක් වත් තියනවා නම් කියන්න.
        තිත්ත ඇත්ත කිව්වොත්, මුළු දවසෙම රට වටේම බැංකු වලයි , කළු කඩ වලයි හිහා කෑවත් මහබැංකුවට ඩොලර් ලක්ෂ 10 ක් හොයා ගන්න බැරි තතවයක් තියෙන්නේ. කොටුවේ ඕන තරම් රු 370 ට 375 ට ඩොලර් විකුනන්න පුළුවන්. එත් ඒ ගන්න කවුරුවත් විකුනන්නේ නැහැ. විකුන්නත් විකුනන්නේ ඩොලර් එක රු 480 වගේ. කවුරුවත් බැංකු වලින් මාරු කරන්නේ නැහැ. ඒ නිසා බැංකු වල ඩොලර් නැහැ. එන සල්ලිත් එන්නේ උන්ඩියල් වලින්. සල්ලි යන්නෙත් උන්ඩියල් වලින්. එතැනදී ඉල්ලුම සැපයුම ට අනුව නියම මිල තීරණය වෙනවා. අතේ එක ඩොලර් එකක් නැතුව ඩොලර් එකට පාලන මිලක් නියම කරන මහා විහිළුවක්. අනික් පැත්තෙන් එක මංකොල්ලයක්. විදෙස් ශ්‍රමිකයන් තමන් ගේ ව්දෙස් සල්ලි රජයට අඩු මුදලට දීලා වැඩි මිලට පෙට්‍රල් ඩිසල් ගහන්න ඕන, වැඩි මිලට බඩු ගන්න ඕන.
        අන්න එකයි කිව්වේ නන්ද්දල්ල ගහන්නෙත් වෙනම ගේමක් කියල.

    • Citizens of Lanka says:

      Do you think like that, Is Harasah De Silva is that wiseman who can sort it out ongoing crisis to resovled by SJB line of Lumpaen

    • Citizens of Lanka says:

      Do you think like that, Is Harasah De Silva is that wiseman who can sort it out by ongoing crisis to resovled by SJB line of Lumpaen Political class? Is that Silva is competent person seek new soluation by that SJB politics .

  2. Mahesh says:

    නන්දලාල් නිකන් කයිවාරු කාරයෙක් විතරයි. උගත් කම තිවුනට බුද්ධිමත් නෑ.

Main News