නන්දලාල්ගේ ධුර කාලය මේ මාසයේ අවසන්.. දීර්ඝ කරන්න රනිල්ගේ නිර්දේශ අවශ්‍යයි..

June 6, 2022 at 10:40 am | lanka C news
නන්දලාල්ගේ ධුර කාලය මේ මාසයේ අවසන්.. දීර්ඝ කරන්න රනිල්ගේ නිර්දේශ අවශ්‍යයි..

මෙම මස 30 වැනිදායින් වත්මන් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතාගේ නිල කාලය අවසන් වීමට නියමිතය.

ඉන් පසුව ජනාධිපති විසින් නව මහ බැංකු අධිපතිවරයකු පත් කිරීම හෝ වත්මන් අධිපතිවරයාගේ ධුර කාලය නැවත දීර්ඝ කිරීම සිදු කල යුතුව ඇත.

මහ බැංකුවට නව අධිපතිවරයකු පත්කිරීම සඳහා මුදල් අමාත්‍යවරයාගේ ලිඛිත නිර්දේශය ජනාධිපතිවරයාට ලැබිය යුතුව ඇති අතර ඒ අනුව මුදල් ඇමති ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් සුදුසු අයෙක් නම් කල යුතුය.

මහ බැංකු අධිපතිවරයකුගේ නිල කාලය වසර හයක් වන අතර වත්මන් අධිපතිවරයා ගත කරමින් සිටින්නේ 2016 වසරේ පත් කරන ලද ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාගේ නිල කාලයේ අවසන් මාසයය.

කුමාරස්වාමි මහතා සිය නිල කාලය අවසන් නොකර ධුරයෙන් ඉල්ලා අස්වූ පසු ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන්, අජිත් නිවාඩ් කබ්රාල් යන අයද මහ බැංකු අධිපතිවරැන් ලෙස කටයුතු කලේද එම ධුර කාලයේ ඉතිරි කාලයයි.

මේ වන විට නන්දලාල් වීරසිංහ මහතා ගත කරන්නේ 2016 සිට 2022 දක්වා වූ මහ බැංකු අධිපති ධූරයේ සය වසරක නිල කාලයේ අවසන් මාසයයි.

108,408 views

25 Comments to “නන්දලාල්ගේ ධුර කාලය මේ මාසයේ අවසන්.. දීර්ඝ කරන්න රනිල්ගේ නිර්දේශ අවශ්‍යයි..”

  1. lol says:

    I do not have any clue of current Governor, but it seems to be another political game is going under the carpet.
    I think we need to first get rid of both Rajapaksha’s and Pathola Ranilaa

    • Pronto says:

      Yes LOL.I agree with you.This has become a Kanji mutti. ( Kenda Heliya)
      Circles within Circles!!! Neither of their plans nor acts that will improve our economy
      would be successful!

    • Lakshman says:

      ආචාර්ය නන්දලාල් වීරසිංහ මහ බැංකු අධිපති ධූරයෙන් ඉවත් නොකලොත් තමා අගමැතිකමෙන් ඉවත් වන බව අගමැති රනිල් විසින් ජනාධිපතිට පැවසූ බව මේ එකේම සඳහන් වුනා. රනිල් විසින් යහපාලනේ කාලෙ මහ බැංකු අධිපති බවට පත් කලෙත් තමන්ගේ මිතුරෙක් වූ අර්ජුන් මහේන්ද්‍රන්. තව ඒ වගේ තමන්ගේ පක්ශෙට සහයෝගෙ දෙන කෙනෙක් පත් කරන්න බලාගෙන ඇති දැන්. ගෝඨාභයගෙ වටිනකම මිනිස්සුන්ට දැන් දැන් වැටහෙන්න පටන් අරන්

      • Sasrasi says:

        දෙන්නගේ කිසි වෙනසක් නෑ . වටිනාකම තමා අපි මේ ගෙවන්නේ. දැන් වත් දේශපාලකයෙක් නැතිව රට ගැන හිතනවා නම් හොදයි මිනිස්සු .
        කොහෙද තාම දේශපාලකයෝ පස්සේ දුවනවා නේ කන්න නැතත්.

    • Sumudu Kalum says:

      Agree with you. 97% of the people learnt lessons within the past 10 years. The remaining 3% should learn the lesson by appointing a JVP leading government. Then only we can expect a true unity in the country.

      • සමන්ත says:

        3% නේ අයට පාලනය ගියොත් ආයෙත් මේ රටේ ඡන්ද පවත්වන්නේ නෑ .රටේ මධ්‍යම පන්තිය සහ ධනවත්තු අඩු ප්‍රතිශතයක් ඉන්නේ .උන් බලයට ආවම ධනවතුන් සහ මධ්‍යම පාන්තිකයන් ගේ යම් යම් සම්පත් ජනසතු කරලා දැම්මාම රටේ බහුතරයක් ඉන්න අඩු ආදායම් ලාභීන් සතුටු වෙනවා ඉන් පසු ඡන්දයක් තබනවා මේ රාජ්ය කොමියුනිස්ට් ක්‍රමයේ රටක් කරන්න එක ජවිපෙ/කුරුට්ටෝ වැඩි ඡන්දයෙන් දිනනවා ඉන් පසු මේ රට කොමියුනිස්ට් රටක් ඇමරිකාව යටතේ තිබෙන කොමියුනිස්ට් රටක් එක අලුත් පන්නයේ කොමියුනිස්ට් රාජ්‍යක් ඒ කියන්නේ සාම්ප්‍රදායික කොමියුනිස්ට් රටවල් මිත්‍ර නැති බ්‍රිතාන්‍ය ඇමරිකාව වැනි රටවල් මිතුරන් සේ ඉන්න එකපක්ෂ රටක් .රටේ උන්ට උද්ඝෝෂණ නෙවෙයි හුම් කියන්නවත් ලැබෙන්නේ නෑ.දැක්කා නේද එදා මිනිස්සු මරපු ගෙවල් ගිනි තියපු හැත්ත අන්න උන් තමයි ඔබලා ගැන බලාගන්නේ

  2. George says:

    Better to get rid of all. I mean 225.

  3. කිරිහාමි says:

    ටොයියන්ට මහා බැංකු අධ්පති පෙන්න බැහැ . මරාගෙන මැරෙන තරහක් තියෙන්නේ. JVP එකට ඕනේ රට කඩාගෙන වැටෙනවා බලාගෙන ඉදලා තමන්ගේ දේශපාලන ගේම ගහන්න

  4. sumanthiran says:

    විධායක ජනාධිපති ධූරය හිතුමතේ අහෝසි කරොත් වෙන දේට හොඳම උදාහරනයක්. දැන් අගමැති කරන්න ඕන පාර්ලිමෙන්තුවේ බහුතර මන්ත්‍රී නියෝජන මතය නෙවි බහුතරය සෑදීමට අවශ්‍ය සුලුතර පක්ශ වල මතය. එතකොට මේකටත් ඒ අයට ඇඟිලි ගහන්න බලපෑම් කරන්න පුලුවන් අගමැති හරහා. නමුත් ජනාධිපති පත් වෙන්නේ රටේ බහුතරයෙන් නිසා එතෙන්දි බහුතර මතය නියෝජනය වෙනවා.

  5. New Times says:

    පතෝල රනිලා, රාජපක්ෂලා, අනුර කුමාරලා, පෙරට්ටන්, අන්තරේ, සජබ පිස්සන් චෙස් බෝඩ් එක උඩ එහාට මෙහාට කරකර බටහිර මහමොළකරුවන් ගහන ගේමක් අපේ රටේ යන්නේ.
    මුන්ගෙන් තොර දේශපාලනයක් මුන්ගෙන් තොර නව දේශපාලන ව්‍යාපාරයක් ජනතාව අතරින්ම මතු වෙලා බලය ගන්නකම් රටට සෙතක් වෙන්නේ නෑ.
    රුසියානු තෙල් බ්ලොක් කිරීමේදී සහ රුසියානු ගුවන් යානය අත්අඩංගුවට ගනිද්දී අපි දැක්කා මේ රටේ සැබෑ බලය ඇත්තේ එංගලන්තයේ අතේ කියලා.

  6. Lakshman says:

    ආචාර්ය නන්දලාල් වීරසිංහ මහ බැංකු අධිපති ධූරයෙන් ඉවත් නොකලොත් තමා අගමැතිකමෙන් ඉවත් වන බව අගමැති රනිල් විසින් ජනාධිපතිට පැවසූ බව මේ website එකේම සඳහන් වුනා. රනිල් විසින් යහපාලනේ කාලෙ මහ බැංකු අධිපති බවට පත් කලෙත් තමන්ගේ මිතුරෙක් වූ අර්ජුන් මහේන්ද්‍රන්. තව ඒ වගේ තමන්ගේ පක්ශෙට සහයෝගෙ දෙන කෙනෙක් පත් කරන්න බලාගෙන ඇති දැන්. ගෝඨාභයගෙ වටිනකම මිනිස්සුන්ට දැන් දැන් වැටහෙන්න පටන් අරන්

    • Janaka from Matara says:

      ගෝටගේ අගේ මිනිස්සුන්ට තේරුං ගියේ රනිල් අගමැති වෙන්න බොහොම ඉස්සරිං

  7. Very Funney says:

    Ranil wants Arjna Mahendran, Nansasena wants Nandalal.

  8. Gamarala says:

    නන්දලාල් වීරසිංහ මහතා මහා බැංකුවේ ඉන්නකන් මහා බැංකු හොරාගෙන් බැංකුව රැකගන්න පුලුවන්.

  9. මාදිවෙල උකුස්සා says:

    රනිල් හීන්නූල් කාරයෙක්, නන්දලාල් බැඳුමිකර මගඩියට එරෙහිව කටයුතු කළ, අවංක නිළධාරියෙක්. දැන් ගෝඨාභයට උවමනා විදියට නෙවෙයි වැඩ කෙරෙන්නෙ. යහපාලනය කාළේ රනිල් උවමනාවට පත්කළ මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් R.H.S. සමරතුංග දැන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ රනිල්ගෙ උපදේශක. එයා හරහා තමයි රනිල් අංචි අදින්නෙ.

  10. සෙරෙප්පු සුප්. says:

    අපි මහ ලොකුවට හිතන් හිටියට රටේ ඉහලම නිළධාරීන් කරන්නෙත් පාට් ටයිම් ජොබ් එකක්නෙ.බැලූ බැල්මට මහ වස ලැජ්ජ නැති වැඩක්.කොහොම හරි රනිල් හාමු එයාගෙ හෙන්චයියෙක් ඔබා ගනියි.එයා හැමදාම කලේ අනුන්ගෙ ගෙවල්වලට තමන්ගෙ කෙනෙක් පදිංචි කරවන එක​.කවදාවත් තමන්ට කියල ගෙයක් හදා ගත්තෙ නැහැ.ඒත් කිසිම වැස්සකට තෙමුනෙත් නැහැ කිසිම අව්වකට වේලුනෙත් නැහැ.එනි ටයිම් සේෆ්ටි,ෆුලි ඉන්‍ෂුවර්න්ස් විත් ගූඩ්ස්!!

Main News