නන්දිකඩාල් කලපුවත් සිඳී යයි…
July 7, 2017 at 8:02 am | lanka C news
මුලතිව් දිස්ත්‍රීක්කයට මේ දින වල බලපා ඇති දැඩි පෑවිල්ල හේතුවෙන් නන්දිකඩාල් කලපුව ඇතුලු කුඩා කලපු සිඳී යාමත් සමග කලපු ආශ්‍රිතව ධීවර කර්මාන්තයේ යෙදුනු ධීවර පවුල් 4800 ක් පමණ දෙනා පීඩාවන්ට පත්ව සිටින බවට එම ධීවරයින් කියාසිටිති.
වෙනත් වසර වලට වඩා මෙවර නන්දිකඩාල් කලපුවේ එක් පැත්තක් සම්පූර්ණයෙන්ම සිඳී ගොස් ඇති අතර කලපුවේ ඉතිරි ජල මට්ටමද සීග්‍රෙයන් සිඳී යිමින් පවතින අතරම නන්දිකඩාල් කලපුව අවට පිහිටි කුඩා කලපු කිහිපයක්ද සම්පූරණයෙන්ම සිඳී ගොස් ඇත.
පසුගිය දිනයන්හි නන්දිකඩාල් කලපුවේ මසුන් දහස් ගණණක් මිය ගියේද අධික පෑවිල්ලත් සමග කලපුවේ ජලය උණු වීම නිසා බවටද මාළුන් විශාල ප්‍රමාණයක් එකවර මියයාමත් නිසා සිය මත්ස්‍ය කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වූ බවටද එම ධීවරයින් පවසති.
කෙසේ වෙතත් පවතින දැඩි නියං තත්වය හේතුවෙන් කලපු ජලය අඩුවීමත් නිසා මසුන් වෙළඳාම අඩුවීම නිසා සිය ආර්ථිකයටද දැඩි බලපෑමක් ඇති වීමෙන් ගැටලු රැසකට මුහුණ පා ඇති බවටද මුලතිව් ධීවරයින් වැඩි දුරටත් කියා සිටිති.
Kalapuwa hindenne muhudu mattama aduwena tharamata paavillada? Danne nathi nisa ahanne ?
All of those poojas for Prabakaran have a good effect. Keep it up TNA!
YES…
THE EFFECT OF THE POOJAS PERFORMED MAY BE THE REASON.
LETS GETTOGETHER TO LIVE IN HARMONY..
පිරපකරන් යකා කලපුවේ වතුරත් බීලද ? හික් ..හික්…
සිරිසේන බලාගෙන කොටින්ට දොලපිදේනි දෙන්නේ කවද හරි සිදුවෙන්නේ කලපුවට සිදු වූ දෙය ඔබටත්
වෙහෙර ගිලපු එවුන්ට අග්ගලා කජ්ජක්ද?