‘නයිට්‍රො රජා’ ගෙන්වා කෝටි 800ක වංචාවක්.. ඉන්දියාවේ බෝතලේ රුපියල් 240යි..

November 4, 2021 at 3:24 am | lanka C news
‘නයිට්‍රො රජා’ ගෙන්වා කෝටි 800ක වංචාවක්.. ඉන්දියාවේ බෝතලේ රුපියල් 240යි..

නැනෝ නයිට්‍රිජන් ආනයනය සහ හරහා මහා පරිමාණ වංචාවක් සිදු කර ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා කියා සිටී.

නැනෝ නයිට‍්‍රජන් මිලි මීටර 500 බෝතලයක් ඉන්දියානු රුපියල් 240කට මිලට ගත හැකි බව ඔවුන්ගේ වෙබ් අඩවියෙන් වාර්තා කරන බවද මන්ත්‍රීවරයා පැවසීය.

ඒ අනුව දැනට මෙරටට ගෙන්වා ඇති සම්පූර්ණ තොගයට ගෙවා ඇත්තේ ඩොලර් තුන් ලක්ෂ අසූ හත් දහසක් පමණක් බවත් ඉතුරු සියලු මුදල් වංචා කර ඇති බවටත් ඔහු චෝදනා කළේය.

මෙසේ වංචා කර ඇති මුදල ආසන්න වශයෙන් කෝටි 800 ක් බවත් ඔහු කියා සිටියේය.

මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියේ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

29,386 views

33 Comments to “‘නයිට්‍රො රජා’ ගෙන්වා කෝටි 800ක වංචාවක්.. ඉන්දියාවේ බෝතලේ රුපියල් 240යි..”

  1. Sun says:

    We have to use the gun to control these criminals.

  2. සජිත් says:

    කමක් නැහැ බන් පචයෝ උබ ගිලපු ගල් අගුරු කොමිස් එකට වැඩියේ මේ ගාණ ගොඩක් අඩුයි නේ.

  3. Osmand says:

    කිසිම දිනක මේ පිංගුත්තර වසලයාට රැවටෙන්න එපා. උඹ කියන්න අවශ්‍ය නැහැ. ඕනෑම භාන්ඩයක සිල්ලර සහ තොග මිල ගණන් අන්තර්ජාලය තුලින් ලබාගෙන අපටද මුද්‍රණය කරගත හැකියි. එමනිසා මැති ඇමතියන් සියල්ලම ගනුදෙනු වලදී සත්‍ය මිල ගණන් ඕනෑම අයෙකුට සොයා දැනුවත් වීමේ හැකියාව ඇත. උඹ එක පෙන්න පෙන්නා මිනිස්සුන්ව මෝඩ කරන්න බැහැ.අන්න ඒක මතක තියා ගනින්.

  4. Kevin Nash says:

    Never to grow the country

  5. නිමල් says:

    කමක් නෑ කියන්නෙ පාඩුව උඹේ අතින්ද ගෙවන්නේ. උං කොමිස් ගහපු හින්ද නේද ඔරකල් ගෙනාවේ සිස්‍ටම් චේන්ජ් එකට..