‘නයිට්‍රො රජා’ තව තොගයක් කටුනායකට.. ඉන්දියාවෙන් Free delevery

November 5, 2021 at 2:16 am | lanka C news
‘නයිට්‍රො රජා’ තව තොගයක් කටුනායකට.. ඉන්දියාවෙන් Free delevery

මෙවර මහ කන්නය සඳහා භාවිතා කිරීමට ඉන්දියාවෙන් ආනයනය කළ තවත් නැනෝ නයිට‍්‍රජන් දියර පොහොර ලීටර් 145,152ක් 04 අළුයම ගුවන් මගින් මෙරටට රැගෙන එන ලදී.

හදිසි අවශ්‍යතාවක් සේ සලකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි මෙම පොහොර තොගය ගෙන්වීමට පියවර ගැනිණ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව කළ ඉල්ලීමකට අනුව ඉන්දියානු ගුවන් හමුදාවේ අනුග්‍රහයෙන් සහ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් මෙම දියර පොහොර තොගය
ශ්‍රී ලංකාවට නොමිලේ ගුවන් මගින් ප්‍රවාහනය කිරීමට පියවර ගැනීම විශේෂත්වයකි.

04 අළුයම මෙම පොහොර තොගය රැගත් ඉන්දීය ගුවන් හමුදාවට අයත් ගුවන් යානා දෙක කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළගා විය.

මෙම නැනෝ නයිට‍්‍රජන් දියර පොහොර දිවයින පුරා පිහිටි ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් ගොවි ජනතාව වෙත ලබාදීමට පියවර ගැනේ.

– ජනාධිපති මාධ්‍ය අංශය

11,703 views

7 Comments to “‘නයිට්‍රො රජා’ තව තොගයක් කටුනායකට.. ඉන්දියාවෙන් Free delevery”

  1. 3% ට බය බයියා. says:

    හොදටම කරනවා.

  2. කහ වලින් ඉතිරි සල්ලි says:

    ඉංදියාවෙ කහ ආනයනය කර ඉතුරු කර ගත් ඩොලර්වලට කරන දේ…

  3. Kautillya says:

    Why free delivery? it is very dangerous. India sending them for testing whether they are harmful or not our soil. British gave liquor to our people free of charge initially in the same way Now it is very obvious the repercussion.

  4. ඔත්තු සේවය says:

    Another RAW op to win the hearts and minds of 69 lakhs.

    • හැකහැක says:

      අනේ මේ වෙලාවේ ‌ඉන්දියාව අපිට පරිප්පු ටිකක් අහසින් දානවනම් කොයි තරම් දෙයක්ද..
      අනේ මේ වෙලාවේ කන්න නැතිව ඉන්න අපට වඳ ‌කොත්තු ටිකක් හරි ලැබෙනවනම්..වඳ වුනත් මොකද බඩගින්නේ මැරෙන්නෙ නැතිව?

  5. Kalu Albot says:

    Maha ekaage bijja thamayi kanna wenne!!

  6. sam says:

    මුන්ට පිස්සු. මුන් හිතන්නේ වතුව බාල්දියක් ඕන ගහකට නැනෝ particle වතුර තේ හැන්ද්දක් දැම්මම ඇතිය කියල. ඒ අවශ්‍ය වන පරමාණු ගණන නැනෝ නෙවේ inject ඕන වෙනවා. අවශෝෂණය කරගන්න පර්තිශ්තය වැඩි උනාම ප්‍රමණය අඩු උනාම ඇති නමුත් අවශ්‍ය අවම ප්‍රමාණය වෙනස් වෙන්නේ නෑ.
    It is funny, I saw chemical engineer has shared in FB the benefit of this nano fertilizer without understanding the true quantity of nitrogen needed for commercial agriculture.