නයිට් ක්ල්බ් ගැටුම : යහපාලන ශුරයා තම පුතු බේරාගැනිම සඳහා නීති බිද දමයි

October 17, 2016 at 1:05 am | lanka C news
නයිට් ක්ල්බ් ගැටුම : යහපාලන ශුරයා තම පුතු බේරාගැනිම සඳහා නීති බිද දමයි

පසුගිය 08 වැනිදා අලූයම් කාලයේදී කොම්පඤ්ඤවීදියේ පිහිටි සමාජ ශාලාවකට පහර දීමේ සිදුවීම සම්බන්ධයෙන් වූ සියළු CCTV දර්ශණ තමනට පෙන්වන්නැයි ඉහලම ප‍්‍රභූවරයෙකු විසින් පොලීසියට දන්වා ඇති බව කොලොම්බු ටෙලිග‍්‍රාෆ් වෙබ් අඩවිය වාර්තා කර ඇත.

තම පුත‍්‍රයා හෝ තම ආරක්‍ෂක ඒකකය එම ප‍්‍රහාරය සම්බන්ධුයෙන් වූ වීඩියෝ පටවල ඇතිදැයි පෙන්වන ලෙස උසස් පොලිස් නිලධාරියෙකු උපුටා දක්වමින් එම වෙබ් අඩවිය වාර්තා කර ඇත.

සිද්දීය වී මේ වනවිට සතියක් පමණ ගතවී ඇතත් අදාල ප‍්‍රභූ පුතාගෙන් පොලීසිය මෙතෙක් ප‍්‍රශ්න කර නැතැයිද පවසන එම වාර්තාව එකදු ප‍්‍රභූ ආරක්‍ෂක නිලධාරියෙතුගෙන් හෝ ප‍්‍රශ්න කර නැතැයිද කියයි.

‘නයිට් ක්ල්බ් ගැටුම.. යහපාලන ශුරයා තම පුතු බේරාගැනිම සඳහා නීති බිද දමයි’ යන හිසින් යුතුව වාර්තා කර ඇති එම පුවත මෙතනින්

69 views
Main News