නරක් වූ පුවක් තොගයක් යවලා.. සනත් ජයසූරිය ඉන්දියාවේදී මාට්ටුයි.. මුම්බායි අධිකරණයට..

November 23, 2018 at 10:00 am | lanka C news
නරක් වූ පුවක් තොගයක් යවලා.. සනත් ජයසූරිය ඉන්දියාවේදී මාට්ටුයි.. මුම්බායි අධිකරණයට..

නරක් වූ පුවක් තොගයක් ඉන්දියාවට එවීම සම්බන්ධයෙන් හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩක සනත් ජයසූරිය ඇතුළු තවත් ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් දෙදෙනකුට දෙසැම්බර් 23 දා මුම්බායිහි ඉන්දීය ආදායම් බුද්ධි ඒකකය හමුවේ පෙනී සිටින ලෙස එම ඒකකයේ අධ්‍යක්‍ෂවරයා විසින් නියෝග කර ඇත.

ඉන්දීය රුපියල් කෝටි ගණනක්‌ වටිනා මෙම පුවක්‌ තොගය නැන්පූර්හිදී අසු වී තිබේ. මේ සිද්ධිය ඉන්දීය බලධාරීන් විසින් රජයට දන්වා ඇත.

ඉන්දීය මාධ්‍ය පැවසුවේ ශ්‍රී ලංකා රජයෙන් ලබාගත් බලපත්‍ර මත එම ක්‍රිකට්‌ ක්‍රීඩකයන් පුවක්‌ අපනයනයේ යෙදී ඇති බවයි.

ශ්‍රී ලංකාවේ පිහිටුවා ඇති ව්‍යාජ සමාගම් මඟින් පුවක්‌ තොග ඉන්දියාවට හොර රහසේ අපනයනය කරන බව ඉන්දීය ආදායම් බුද්ධි සේවාවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ දිලිප් සිවාරේ ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට අපනයනය කරන පුවක්‌ සඳහා සියයට 108 ක බද්දක්‌ අය කෙරේ.

මේ අතර ඉන්දීය මාධ්‍ය දක්‌වන්නේ එම ක්‍රිකට්‌ ක්‍රීඩකයන් ශ්‍රී ලංකා රජයට බලපෑම් කර ව්‍යාජ සමාගම් ස්‌ථාපිත කර ඇති බවකි.

– divaina

73,240 views

8 Comments to “නරක් වූ පුවක් තොගයක් යවලා.. සනත් ජයසූරිය ඉන්දියාවේදී මාට්ටුයි.. මුම්බායි අධිකරණයට..”

  1. Dev says:

    Puwak Jayasooriya

  2. හැකහැක says:

    රාජපක්ෂගේ ගෝලයෝ

  3. මුදල් පසුපස අසීමිත ලෙස හබා යෑමේ විපාක.
    අපරාදේ ලොවක් සෙනහසින් වැළඳගත් ක්‍රිකට් තරුවක්.
    පුවක් කැඩුවා නං මීට නම්බුයි,..

  4. deshapramiya says:

    ICC( indian ) needs to destroy Sanath Jayasuriya’s reputation because they doesn’t like cricket legends like Sanath.

  5. buruputha says:

    Karu-Mata Jayasuriya

    Puvak-Mata Jayasuriya

    Sanath mokakkda Oya karagath gonkama. Karumaya nam illagena kevane.

  6. Dp says:

    යකඩෝ ! ජයසුරිය කියන නම තියෙන උන් කෙලින්නෙම පිස්සුනේ …එකෙක් විධායක කතානායක වෙලා ..එකෙක් ක්‍රිකට් කියලා 6යේ පුවක් වලු කඩනවා .

Main News