නරක නැකත්වලට රට භාර අරන්.. රටටම අපලයි.. වැඩක් කළ මිනිසුන්ට හොරා කියන විට ස්වභාව ධර්මයවත් ඉවසන්නේ නෑ..

May 31, 2017 at 1:20 pm | lanka C news
නරක නැකත්වලට රට භාර අරන්.. රටටම අපලයි.. වැඩක් කළ මිනිසුන්ට හොරා කියන විට ස්වභාව ධර්මයවත් ඉවසන්නේ නෑ..

රටට වැඩ කළ මිනිසුන්ට සොරා යයි කියමින් බැන වදින විට, නින්දා අපහාස කරන විට ස්වභාව ධර්මය පවා නොඉවසන අයුරු අද රට මුහුණ දී තිබෙන ස්වභාවික විපත් දෙස බැලීමේ දී පැහැදිලි වන බව පැපිලියාන සුනේත්‍රා දේවී පරිවෙණාධිපති, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ ප්‍රකාශ කළහ.

සෑමදෙයක්ම දේශපාලන කෝණයෙන් බලා ඊර්ෂ්‍යාවෙන් වෛරයෙන් කටයුතු කරන අය නිසා සොබාදහම රටට අකාරුණික වී තිබෙන බව පෙන්වා දුන් උන්වහන්සේ කිහිපදෙනකුට දඬුවම් දීමට යාම නිසා රටක්ම පෙරළා දඬුවම් විඳින බවක් දකින්නට ඇති බවත් කණගාටුවට කරුණ වන්නේ ඒ නිසා අහිංසකයන් විශාල පිරිසක් පීඩාවට පත් ව තිබීම බවත් පැවසූහ.

අභයතිස්ස හිමියන් මෙම අදහස් පළ කළේ දිවංගත රෙජී රණතුංග මහතාගේ 9වැනි ගුණ සමරු පින්කම නිමිත්තෙන් උඩුගම්පොළ නිවසෙහි දී ඊයේ (30) පැවැති ධර්ම දේශනාව සහභාගී වෙමිනි. ගුණ සමරුව නිමිත්තෙන් රෙජී රණතුංග මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් අද (31) සිදුකෙරිණි.

මැදගොඩ අභයතිස්ස හිමියෝ එහිදී වැඩිදුරටත් මෙසේ ද ප්‍රකාශ කළහ.

අද අපි මෙතැනට රැස්වෙලා ඉන්නේ මීට වසර නවයකට පෙර අභාවප්‍රාප්ත වූ රෙජී රණතුංග මැතිතුමාගේ ගුණ සිහිපත් කර එතුමාට පිං පැමිණවීමටයි. බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා ආජනීය පුරුෂයන් ලොව පහළ වීම දුර්ලභයි, එවැනි පුද්ගලයකු පහළ වීමෙන් පරපුරටත් පළාතටත් සමාජයටත් යහපතක් සිදුවෙනවා කියලා.

රණතුංග මැතිතුමා කියන්නෙත් එවැනි ආදර්ශමත් චරිතයක් ලෙස අපි කවුරුත් දැන හැඳිනගෙන තිබෙනවා. මම දුටුවා පාර්ලිමේන්තුවෙන් එතුමා ගැන නිකුත් කරපු පොත් පිංචක දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ සටහනක් තිබෙනවා. එහි තියෙන්නේ රණතුංග මැතිතුමා පෞද්ගලික සංචාරයක් ගියත් රටට යමක් කරගැනීමට උනන්දු වුණා කියලයි.

නිල චාරිකාවක් ගියත් රාජ්‍ය තාන්ත්‍රීය වැඩකට ගියත් ඒවත් පෞද්ගලික චාරිකා කරගන්නා මැති ඇමැතිවරුන් ඉන්නා රටක රණතුංග මහතාගේ මෙම ගුණය වඩාත් කැපී පෙනෙනවා. අපි අද මෙසේ ගුණ සිහිකරන්නේ එවන් වූ සු‍විශේෂී චරිතයකයි.

අද අප රට හමුවේ අර්බුද රැසක් තිබෙනවා. එක පැත්තකින් අපේ රට බෙදෙන තැනකට ඇවිත් තිබෙනවා. ඒකට අපි සැවොම එකාවන්ව විරෝධය දැක්විය යුතුයි. මෙතැන දේශපාලනයක් නැහැ. රටේ ඒකීයභාවය රැකගැනීම අපේ යුතුකමක්. තවත පැත්තකින් අපේ රටේ පුරාවිද්‍යා ස්මාරක නසනවා, වනසනවා.

ඥානසාර හාමුදුරුවෝ ් ගැන කතා කරන හින්දා කතා කරන අනෙක් අයත් ඒ ගොඩට දාලා කරන්නේ නැහැ වගේ කරගෙන යනවා. මේ රටේ ප්‍රබුද්ධ, බුද්ධිමත් හැමෝම මේ බුදුදහම රැකගැනීමට කටයුතු කළ යුතුයි. තව පැත්තකින් ධර්මය විකෘති කරමින් යනවා. ඒක ඇතුළෙන් වගේම පිටිනුත් සිදුවෙනවා.

ධර්මය සුරක්ෂිත කිරීමට, පුරාවිද්‍යා ස්මාරක රැකගැනීමට, රට ජාතිය ආගම ආරක්ෂා කරගන්න අපි හැමෝම එකාවන්ව කටයුතු කළොත් විතරක් අපි අපේ යුතුකම ඉටුකළා වෙනවා. දවසින් දවස සිංහල ජනගහණය නැතිවෙලා යනවා. අපේ ඉඩකඩම් අහිමි වෙලා යනවා. අපේ මිනිස්සු දිළින්දන් බවට පත්වෙමින්යනවා.

අපේ මිනිස්සු අධ්‍යාපනය, ව්‍යාපාරික වගේ ක්ෂේත්‍රවල ඉදිරියට යන්නේ නැහැ. අපේ ඊළඟ පරපුරවත් බුද්ධිමත් පරපුරක් බවට පත්ව තමන් ඉදිරියේ තිබෙන ව්‍යසනය ගැන සබුද්ධිකව දැකලා ක්‍රියාත්මක වුණොත් පමණක් රට, ජාතිය, ආගම ආරක්ෂා කරගන්න ජාතියක් වශයෙන් අපට පුළුවන්කමක් ලැබෙයි.

මේ දවස්වල ස්වභාවික විපත්වලින් අපේ රට පුදුමාකාර ආකාරයට පීඩාවට පත්වෙලා තිබෙනවා. එසේ විපතට පත් අයට අපි දැනටමත් උදව්, උපකාර කරනවා තමයි. නමුත් තමන්ගේ සිත සනස ගන්න වැඩ නොකර තව වැඩි බරක් යොදලා මේ මිනිස්සුන්ට උපකාරයක් කරනවා නම් හොඳයි කියන එකයි මගේ අදහස.

අපි හිතනවාට වඩා දරුණු උවදුරකට මේ මිනිස්සු මුහුණපාලා ඉන්නවා. සමහර නිවසේවල කිසිම බඩුවක් මුට්ටුවක් ඉතුරු වෙලා නැහැ. රුපියල් සීය, දෙසීය, පන්සීය වියදම් කරන්නේ නැතුව ලොකු මෙහෙවරක් කරන්න අපට ඉතුරු වෙලා තිබෙනවා. හෙට අනිද්දා වෙන කොට ගංවතුර අමතක වෙලා යයි. ඒ නිසා ඊට පෙර පුළුවන් තරමින් කැපවෙලා අපේම සහෝදර පිරිසක් විපතට පත් වෙලා ඉන්න වෙලාවේ අපේ මෙහෙවර ඉටු කරමු කියලා ඉල්ලා සිටිනවා.

නරක නැකත්වලට රට භාරගත් උදවිය ගැනත් කතාවෙනවා. මම දන්න කෙනෙක් කිව්වා නරක නැකතකට රට භාර ගැනීම ඒ අයට හොඳ වුණාට මිනිස්සුන්ට නරකයි කියලා. මම ඒ ගැන දන්නේ නැහැ. විශේෂයෙන් රණවිරුවන්ට අපහාස කරමින් යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා තමන්ට ද්වේෂ නොකරන පිරිසිදු චරිතවලට නින්දා, අපහාස කරන විට ඒවා ආපසු කැරකෙන්නේ උඩ දාපු දූවිල්ල තමන්ගේම මූණට වැටෙනවා වගෙයි කියලා.

අවංක හැඟීමෙන් රටට වැඩ කරපු මිනිස්සුන්ට හොරා කියලා බනින විට, ඒ මිනිස්සුන්ට නින්දා අපහාස කරන විට ස්වභාව ධර්මය ඒවා ඉවසන්නේ නැහැ කියලයි මම හිතන්නේ. මෙතැන දේශපාලනයක් නැහැ. මනුස්සකමයි වැදගත්. නිවැරැදි තැන ඕනෙම දේකට එකඟ වෙන්නත් වැරැදි තැන ඕනෙම දේක විරුද්ධ වෙන්නත් අපට පුළුවන් විය යුතුයි. වැරැද්ද නිවැරැද්ද තේරුම් ගන්න අපට පුළුවන් විය යුතුයි.

දේශපාලන කෝණයෙන් බලලා ඊර්ෂ්‍යාව, වෛරය එක්ක මේ දේවල් බලන විට ස්වභාව ධර්මය පුදුම තරම් අප රටට අකීකරු වී ඇති බවක් පෙනෙන්නට තිබෙනවා. ඉදිරියේ දී මේ තත්ත්වය තේරුම් ගෙන මිනිසත්කම ගොඩනඟන්න වැඩ කළොත් මේ ව්‍යසනයෙන් බේරෙන්න පුළුවන්. එක්කෙනකුට, දෙන්නකුට, පිරිසකට දඬුවම් දෙන්න ගිය රටක් තමන්ම පෙරළා දඬුවම් විඳින බවක් අපට පේනවා. අපට කණගාටුව මේ නිසා අහිංසක මිනිස්සු ගොඩක් පීඩා විඳින එකයි. ඒ නිසා අපි අපට පුළුවන් දෙයක් මේ අය වෙනුවෙන් කරමු.

– ප්රදීප් අනුර කුමාර

79 views

12 Comments to “නරක නැකත්වලට රට භාර අරන්.. රටටම අපලයි.. වැඩක් කළ මිනිසුන්ට හොරා කියන විට ස්වභාව ධර්මයවත් ඉවසන්නේ නෑ..”

  1. lakmalie says:

    Hora ta hora nokiya wena monewada kiyanne ape hamuduruwane

    • ducky bird says:

      Para koti demala tho sinhala namakin enawa. Or your mom has slept with so so.

    • sam says:

      Hamuduruwo kiyanne Hora nokiya pal hora kiyanda kiyala

    • asaranaya says:

      ඒ බොල Lakmalie යෝ තොගෙ අම්මට ඩිජිටල් ක්‍රමයට කොටාබාගන්න හිතිලද බොල මේ හඩුපාලන බත්බැලයන්ට තවමත් කත්දින්නේ, බලපිය රටට වෙන දෙව ශාපය.

  2. Sootin says:

    Rata Ula Kaaapu Un Thawama Nidahase Inna Ekatai Swabawadharmaya Kopawela thiyenne ..

  3. dev says:

    nakath koheda budu dahame.

    rata nam winasa wenne waradi nakath nisa newei waradi porawal rata baragath nisa

  4. sura says:

    මුං හැමෝම රට ගත්තෙ දාහක් බොරු කියල කියල දොබෙන් යන්න රට කොරන්නම් කියල හිතාගෙන..

    දැන් ගලේ මොකක්ද කරපු බළලුන්ට වෙච්ච දේ වෙලා දඟලනවා.

  5. PISSUPOOSA says:

    Agreed, Real HORU up inacent are victimized by them

  6. Parliment Jokes says:

    Mewa apala nowe dewa sapa. Ehema hithanna wenne Disable soldierslata jala prahara ella kala. Medical studentslage ahinsaka demaupiyanta jala prahara ella kala. University studentslata keepa sarayak jala prahara ella kala. Eka nisa jalayenma aanduwata padamak igannuwa.
    Maha bankuwa naya ariya. Vehicles genalla Treasury eka naya ariya. Ethin rate naya yam noweida. Pau ahinsakaa minissu.

  7. realsl says:

    Awurudu 2k iwara welath eka horekwath allalatg neha eth me Lakmalie wage ewun thawath balan innawa. Mulu ratama pili gaththa CB bank eka maha dawal gema deepu eka Lakmali Sootin dekke nedda

  8. Prabhath says:

    “කිං කරිස්සන්ති තාරකා ” කියලා බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනව කියල මම අහල තියෙනවා . මේ ස්වාමින් වහන්සේ වදාරන්නේ බුද්ධ ධර්මය නොවේ ද ?

Main News