නරි නීතිවලට අපි බය නෑ.. ගුරු-විදුහල්පති සටන යලි මහ පාරට ගේනවා..

October 2, 2021 at 10:40 am | lanka C news
නරි නීතිවලට අපි බය නෑ.. ගුරු-විදුහල්පති සටන යලි මහ පාරට ගේනවා..

අමාත්‍ය සරත් වීරසේකරගේ නරි හඬට හෝ නරි නීති වලට ගුරු විදුහල්පති සටන යට නොවන බව ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයට එරෙහි ජාතික එකමුතුවේ සංවිධායක පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ සඳහන් කරති.

උසාවි දාහකට ඉදිරිපත් කළ ද යළිත් මෙම සාධාරණ සටන මහපාරට ගෙන එන බවද පැවසූ උන්වහන්සේ හැකි නම් එය නතර කරන ලෙස ද අභියෝග කරයි.

උන් වහන්සේ මේ බව සඳහන් කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කරන්නේ පාසැල නැවත විවෘත කිරීමට පෙර ගුරු විදුහල්පති වැටුප් ගැටළුව සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය ප්‍රකාශයට පත් කළ යුතු බවයි.

ගැටලුව විසඳ දෙනවා වෙනුවට මර්දනකාරී පිළිවෙතක් අනුගමනය කරන්නේ යැයි ප්‍රත්‍යක්ෂ වෙමින් පවතින නිසා ආණ්ඩුව තම ස්ථාවරය හෙළි කළ යුතු බවද හෙතෙම පැවසීය.

26,339 views

66 Comments to “නරි නීතිවලට අපි බය නෑ.. ගුරු-විදුහල්පති සටන යලි මහ පාරට ගේනවා..”

  1. මෙවර ඔක්තෝබර්5 රටපුරා කලු කොඩි ඔසවන්න

Main News