නරේන්ද්‍ර‍ මෝඩිට එරෙහිව පෝස්ටර අැලවූ අයෙක් අත්අඩංගුවේ.. ඇප නෑ..

May 11, 2017 at 4:40 pm | lanka C news
නරේන්ද්‍ර‍ මෝඩිට එරෙහිව පෝස්ටර අැලවූ අයෙක් අත්අඩංගුවේ.. ඇප නෑ..

ඉන්දීය අගමැති නරේන්ද්‍ර‍ මෝඩිගේ ආගමනයට එරෙහිව එට්කා විරෝධී විද්වත් වෘත්තිකයන් විසින් ප්‍ර‍සිද්ධ කරන ලද පෝස්ටරයක් අලවමින් සිටි පුද්ගලයෙකු බොරැල්ල පොලිසිය මගින් අද අත්අඩංගුවට ගෙන තිබේ.

අදාල පුද්ගලයාට ඇප ලබාගැනීම සදහා ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතීඥයන් බොරැල්ල පොලිසියට ගිය අවස්ථාවේදී එම පුද්ගලයාට ඇප ලබා දීමට පෙර එම පුද්ගලයා සම්බන්ධයෙන් තව දුරටත් විමර්ශනය කිරීමට අවශ්‍ය බැවින් ඔහු මුදා නොහරින ලෙසට ජාතික බුද්ධි බලකාය විසින් බොරැල්ල පොලිසියට දැනුම් දී ඇති අතර ඒ අනුව අදාල පුද්ගලයා අද දවසේදී නිදහස්කරගැනීමට නොහැකි වනු ඇතැයි එට්කා විරෝධී විද්වත් වෘත්තිකයන්ගේ ආරංචි මාර්ග සදහන් කරයි.

170 views
Main News