නල්ලූර් කෝවිලේ වාර්ෂික මංගල්ලය ඇරඹේ… බැතිමතුන් මහ පාරේ වාඩිගෙන විරෝධතාවක..

August 15, 2021 at 4:40 pm | lanka C news
නල්ලූර් කෝවිලේ වාර්ෂික මංගල්ලය ඇරඹේ… බැතිමතුන් මහ පාරේ වාඩිගෙන විරෝධතාවක..

යාපනය නල්ලූර් කන්දසාමී කෝවිලේ වාර්ෂික මංගල්ලය ඊයේ (14) සිට දැඩි සෞඛ්‍යාරක්ෂිත පියවර අනුගමනය කරමින් පළමු දේව මෙයෙ පවත්වනු ලැබූ බවට කෝවිල් භාරකාර මණ්ඩලය පැවසීය.

මේ අතර ඊයේ දින ආරම්භක දේව මෙහෙයට සහභාගී වීම සඳහා පැමිණි බැතිමතුන් රැසකට කෝවිල් භූමියට ඇතුල්වීම සඳහා පොලීසිය සහ සෞඛ්‍ය නිලධාරීන් අවසර ලබා නොදීම හේතුවෙන් එම බැතිමත්න් නල්ලූර් කෝවිලට පිවිසෙන මාර්ගයේ හිඳගනිමින් පොලීසියට හා සෞඛ්‍ය නිලධාරීන්ට එරෙහිව විරෝධය පල කොට සිටියහ.

එහිදී සෞඛ්‍ය නිලධාරීන් පවසා සිටියේ සෑම දිනකම පැවත්වෙන දේව මෙහෙයන් සඳහා සහභාගී වීය හැකි උපරමි බැතිමතුන් පිරිස 100 ට අඩුවිය යුතු හෙයින් සියයට වැඩි වූ අදාල පිරිස් වෙතට කෝවිල් භූමියට ඇතුල් වීමට අවසර ලබා නොදුන් බවටය.

කෙසේ වෙතත් කෝවිල් භූමියට ඇතුල්වන බැතිමතුන් කොවීඩ් එන්නත් ලබා තිබීම ඇතුලු සෞඛ්‍ය ආරක්ෂිත පියවර රැසක අනුගමනය කොට සහභාගී කරවීමට නල්ලූර් කෝවිලේ භාරකාර මණ්ඩලය පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

35,702 views

15 Comments to “නල්ලූර් කෝවිලේ වාර්ෂික මංගල්ලය ඇරඹේ… බැතිමතුන් මහ පාරේ වාඩිගෙන විරෝධතාවක..”

  1. අනිත්‍ය නිසා දුක says:

    කොවිඩ් අනිත්‍ය වුනොත් දුක ඇති වෙන නිසා, කොවිඩ් නිත්‍ය ලෙස පවත්වා ගැනීමට ජනතාව ගන්නා උත්සාහය අගය කල යුතුයි.

    අවශ්‍ය වුවහොත් ස්ටාලින් පන්නයේ උද්ඝෝෂණයක් වුවද කෙරුවාට කම් නැත.

  2. මුනිවත වෙනුවට මර හඬ says:

    දැන් බොහෝ පූජ්‍ය / පූජක පක්ෂයේ අය වගේම බොහෝ මැතිතුමනුත් මහා අමන ගොන් හරක්. එක ආගමක දෙයක් නොවෙයි හැම ආගමකම ඉන්නව ආගමෙන් ජීවත්වන තක්කඩි. ඔවුන්ට ආගම තමයි ජීවිකාව. ඒ නිසයි ශාස්තෘන් වහන්සේලා නොකිව් දේවල් කරන්නෙ. මෝඩ මිනිස්සු ඔවුන්ට රැවටෙනවා. මේ කෝවිලේ ලවුඩ්ස්පීකර් දාලා වටේ පිටේ ඉන්න දෙමළ මිනිස්සු යාපනය මහාධිකරණයේ නඩුවක් පවා ගොනුකලා. එම තීන්දුව අනුව මෙම කෝවිලේ ලවුඩ්ස්පීකර් භාවිතා කිරීම ඉතාම සීමා කලා. මිනිස්සුන්ට කරදර කල ලවුඩ්ස්පීකර් සියල්ලම ගලවා දැම්මා..

    • LalithM says:

      හැම ආගමකම පුජ්‍ය පක්ෂයේ ජීවනෝපාය
      ආගම. ඒත් බුද්ධිමත් පුජ්‍ය පක්‍ෂයේ උතුමන් තම ශ්‍රාවකයින් ගැන හිතල කටයුතුවල යෙදෙනවා.බොහෝ පන්සල් සහ වෙනත් පූජ්‍යස්ථාන සීමාව තුල පවතිනවා. මේ වගේ මුග්ධ වැඩ කරන අයත් ඉන්නව. අපේ ගමේ හාමුදුරුවොත් පෝයට උත්සව පවත්වල දෙන්නෙකුට නිවන් සුව ලබාදුන්න.එයත් ලෙඩ වුනා.

  3. Truth says:

    අධික ලෙස ආගම් වලට ඇබ්බැහි වූ මිනිසුන් සමඟ කිසිම දෙයක් නිවැරදිව කරන්න බෑ. ඔවුන්ව ඒ සංකල්ප වලින් ගලවන්නත් බෑ. ඉන්දියාවට වැඩ වරදින්න හේතුව වුනේ ඒක. ලෝකයේ වැඩියෙන්ම සතුටින්ම ඉන්න මිනිසුන් ඉන්නෙ ආගම් අඩුවෙන්ම අදහන රටවල් වල. උදා : ස්කැන්ඩවේනියානු රටවල්

    • එස් කේ සිරිසේන says:

      ස්කැන්ඩිනේවියානු රටකට හොරෙන් පැන tax නොගෙවමින් සුබසාධක වැඩසටහන් වලින් ණයට කමින් බැංකු වලට පොලු තියමින් ලංකාවේ අහිංසක අපිට පොර talk දෙන එකෙක්

      • Truth says:

        දෙයක් කියන්නද? මම ඉන්නෙ ලංකාවෙ. හොරෙන් පනින්න නම් කිසිම අවශ්‍යතාවක් නෑ. මගේ ජීවිතේ සැලසුම් මං ලස්සනට හදාගෙන යනව. ඔයත් එහෙම කරන්න. නැත්තන් කොහෙන් නතර වෙන්න වෙයිද දන්නෙ නෑ. 😂

  4. ගමයා says:

    මෝඩකමට බෙහෙත් නැත

  5. New Allah says:

    Ape Aiyah, Allah, nohoth Hindu Shiva unnehe ta yakgna korana buuruwo aduwak netha.
    Deviyan nethi bawa denwath buuruwanta therenne nethida?.

  6. Ruwan says:

    Mulu uturutama corona boo karaanm hari mun Wanda welaama yanna

  7. Silva says:

    ස්ටාලින් ඔබ කොහෙද ?

  8. Love nature says:

    මිනිසාගේ චින්තන නිදහසට හා මිනිසාගේ ස්වාමිත්වය මිනිසාට හිමි කරදී ඇති ආගම වන්නේ බුදු දහමයි. මිනිසා ඇතුළු සියලු සත්වයාත් ලෝකයත් මෙහෙයවන බලවේගය දෙවියන් බවත් එම දෙවියන් සර්වබලධාරී දෙවි කෙනෙකු බවත් විශ්වාස කරමින් අදහන ආගම් දේවවාදී ආගම් වේ. බුදු දහම හැරුණු විට ලොව ඇති හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි, ආදි සියලු ආගම් දෙවියන් විසින් ලොව මවා ඇති බව පිළිගනිමින් අදහන ආගම්ය.

  9. Amda says:

    අනේ ඉතින් උන්ට මැරෙන්න කියලා ඒ පැත්ත මාස 2ක් ලොක්ඩවුන් කරා නම් ඉවරයිනෙ