නල්ලූර් කෝවිලේ සොරුන් ගැටකපන්නන් පිරේ… මුදල් හා රන් භාණ්ඩ ගේන්න එපා යයි කියයි…

August 16, 2022 at 6:20 pm | lanka C news
නල්ලූර් කෝවිලේ සොරුන් ගැටකපන්නන් පිරේ… මුදල් හා රන් භාණ්ඩ ගේන්න එපා යයි කියයි…

ඓතිහාසික යාපනය නල්ලූර් කෝවිලේ වාර්ෂික මංගල්ලය ආරම්භ වී ඇති මේ දිනවල කෝවිලේ පැවත්වෙන දේව පූජාවන් වෙනුවෙන් සහභාගී වන බැතිමතුනට විශේෂ ආරක්ෂාවක් සැපයීමට සිදුව ඇතැයි යාපනය පොලීසිය පවසයි.

බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් බැතිමතුන් ලෙසින් පොලිස් නිලධාරීන්ද සිවිල් ඇඳුමින් සැරසී රාජකාරියේ යෙදවීමටද පියවර ගෙන ඇති අතර බැතිමතුන්ගේ අතුරුදහන් වන මුදල් හා රත්තරන් පිළිබඳව දැනුම් දීමට පොලීසියේ විශේෂ අංශයක්ද වෙන්කොට ඇත.

මේ අතර නල්ලූර් කෝවිලේ පැවත්වෙන දේව පූජාවන්ට පසුගිය වසරවලදී සහභාගී වූ බැතිමතුන්ගේද මුදල් පසුම්බි සහ රත්තරන් බොහෝ සෙයින් අතුරුදහන් වීම හේතුවෙන් මෙවර නල්ලූර් කෝවිලේ දේව පූජාවන් වෙනුවෙන් සහභාගී වන බැතිමතුන්ට රත්තරන් පැළඳීමෙන් වැලකී පැමිණෙන ලෙසටත් වැඩි මුදලක් රැගෙන නොඑන ලෙසටද යාපනය පොලීසිය විසින් බැතිමතුන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

පසුගිය අගොස්තු 02 වනදා ආරම්භ වූ නල්ලූර් කෝවිලේ වාර්ෂික මංගල්ලය දින 25 කට ආසන්න කාලයක් පැවත්වෙන අතර ඒ සඳහා හින්දු බැතිමතුන් මෙරට මෙන්ම විදෙස්ගත වූවන්ද ඇතුලු ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සහභාගී වෙති.

– වන්නි රොමේෂ් මධුෂංඛ

9,767 views

4 Comments to “නල්ලූර් කෝවිලේ සොරුන් ගැටකපන්නන් පිරේ… මුදල් හා රන් භාණ්ඩ ගේන්න එපා යයි කියයි…”

  1. පුරවැසියා says:

    එතකොට දෙයියා පම්කක් ද කරන්නෙ?

    දෙයියා නෙවෙයි ඌ පබිඩි දෙයියා

    • ගු-VP-ඉන්දික වත්ත-තොට පල් හොරා says:

      ගු-කුමාර ලප උත්තමයා, මහා ත්රස්තවාදී අරගල කරු Ireland ප්රෙසිදෙන්ට් වෙලා හැරත හේර ප්රිමිනිස්ටේර් ව්වෙනවා කවද හරි කොහොමද මගේ පුකේ අනාවැකි

  2. JR says:

    සල්ලි දෙයියංගෙ මල්ලිනෙ.. ඒකයි..

  3. atta says:

    මේවට එන මෝඩයන්ගෙන් ගත්තම මොකද? නැති බැරි අය.

Main News