නලින් ද සිල්වාගෙන් සුදර්ශනීට ප‍්‍රහාරයක්…

January 6, 2021 at 10:00 am | lanka C news
නලින් ද සිල්වාගෙන් සුදර්ශනීට ප‍්‍රහාරයක්…

කොරෝනා මර්දනය පිළිබඳ රාජ්‍ය ඇමතිනි සුදර්ශණී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය දැඩිව විවේචනයට ලක් කරමින් මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය නලින් ද සිල්වා මහතා විසින් තම ෆේස්බුක් ගිනුමේ තබන ලද සටහනක් පහතින් දැක්වේ.

තමන් විසින් ම පත් කෙරුණු ජෙනිෆර් කමිටුව

ජෙනිෆර් පෙරේරා කමිටුව පත් කෙළෙ කවුද? ඒක තමන් විසින් ම පත් කෙරුණු කමිටුවක් ද? ඒ පිළිබඳ කමිටුවේ සාමාජිකයන්ට සාමාජිකාවන්ට යැවුණු පත්වීම් ලිපි තියෙනවා ද? එහෙම මොකක්වත් නැතිව කමිටුවකට තමන් ම පත්කර ගෙන වාර්තාවක් නිකුත් කරන්න පුළුවන් ද? එහෙම වාර්තාවක් නිකුත් කරල තියෙනවා ද? ඒක කාට හරි භාර දුන්න ද? දැන ගන්නයි අහන්නෙ.

සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලෙ නම් කියන්නෙ ඇය ඒ කමිටුව පත් නොකළ බවයි. ජෙනිෆර් පෙරේරාගෙන් ජනමාධ්‍යවේදියෙක් ප්‍රශ්න කළෙ නැද්ද ඇයට පත්වීමේ ලිපිය දුන්නෙ කවුද කියල. ඇය ජනමාධ්‍යවේදීන්ට කතා කරන්නෙ නැද්ද? ඇය යළි ඉපදිලා ද? එහෙම නැත්නම් සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලෙ යළි ඉපදිලා ද? කාගෙන් ද මේ කමිටුව ගැන දැනගන්නෙ. කමිටුව ගැන දැනගන්න තව කමිටුවක් පත් කරමුද? ඒක පත් කරන්නෙ කවුද?

කමිටුව පත්කළ අයකු නැත්නම් කමිටු වාර්තාවක් කියල එකක් ගැන කතා කරන්න ඕන නැහැ. ඒ වාර්තාව ලැබිච්ච කෙනකුත් නැත්තන් ඒක කුණු කූඩෙට විසි කරන්නත් බැහැ. කුණු කූඩෙට විසි කරන්න ඉස්සෙල්ල ලැබෙන්න එපායැ. වාර්තාව හදපු අයට ඕන නම් කුණු කූඩෙට විසි කරල අත පිහ දාගන්න එකයි තියෙන්නෙ.

අද සල්ලි එහාට මෙහාට විසි වෙන කාලයක්. සල්ලි නිකමටවත් කුණු කූඩෙට වැටෙන්නෙ නැහැ. ඒත් සල්ලි විසි වෙනවා. කමිටුවක් පත් කරන්න සල්ලි කොච්චර ඕන ද? සතයක්වත් ඕන නැහැ කියන එක තමයි උත්තර ය. ඒත් උත්තරය දැන දැනමත් ප්‍රශ්න අහන්න වෙනවා.

සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලෙ කියන්නෙ රාජ්‍ය ඇමතිවරියක්. ඊටත් වඩා බටහිර වෙද හාමිනේ කෙනෙක්. ඇය හොඳ කතා කියනවා. කොවිඩ් 19 ආදාහනය කරන්න හරි වළලන්න හරි බටහිර වෙදකමට බැරි නිසා තමයි මේ ප්‍රශ්නය ඇති වෙන්නෙ. සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලෙ කියනව කොවිඩ් ඇති වෙච්ච කාලෙ කොවිඩ් ගැන එච්චර දැන හිටියෙ නැහැ කියල. ඒ කාලෙ නිකුත් කරපු ගැසට් නිවේදනය පදනම් වෙලා තියෙන්නෙ ඒ කාලෙ තිබුණු දැනුම අනුව කියල ඇය කියනවා. ඒක හොඳ විද්‍යාත්මක කතාවක්.

සුදර්ශනී ප්‍රනාන්දුඳුල්ලෙ දැන් ඒ කාලෙට වඩා කොවිඩ් 19 ගැන කොච්චර දන්නවා ද? පොඩ්ඩක් කියනවා ද ඒ දන්න පොඩ්ඩ හරි ගොඩ හරි. ලංකාවෙ අය දැනුම එකතු කර ගන්න හරි කැමතියි. ඒ නිසා පොඩ්ඩ හරි කමක් නැහැ දන්න දෙයක් කියන්න. දැන් ඔය අලුත් දැනුම් පොඩ්ඩ මත පදනම් වෙලා ගැසට් නිවේදනයක් නිකුත් කරනවා ද? ඇත්තට ම කවුද ඒක නිකුත් කරන්න ඕන. පවිත්‍රා දේවි ද සුදර්ශනී ද?

දැන් ඒක නිකුත් කරල ඔන්න ටිකක් කල් ඉන්න කොට කොවිඩ් 19 ගැන තවත් දැනුම් පොඩ්ඩක් එකතු වුණොත් තවත් ගැසට් නිවේදනයක් නිකුත් කරනවා ද? කොවිඩ් ගැසට් 1, කොවිඩ් ගැසට් 2 ආදී වශයෙන් ගැසට් නිකුත් කරමු ද? හැමදාම උදේට ජෙනරල් ෂවේන්ද්‍ර සිල්වා ලවා කියවන්න වෙයි එදාට අදාළ කීවැනි ගැසට් නිවේදනය ද කියල.

අපි හිතමු කොවිඩ් 19ට හේතුව වෛරසයක් කියල. මේ වෛරසය අනෙක් වෛරසවලට වඩා වෙනස්. අඩු ම තරමෙන් ඉක්මණින් පැතිරෙනවා. මේකයි ප්‍රධාන ප්‍රශ්නය. ඔය බටහිර වෙදමහත්තුරු වෙද හාමිනේලා දන්නවා ද ඇයි කොවිඩ් 19 වෛරසය වෙන වෛරසවලට වඩා ඉක්මණින් පැතිරෙන්නෙ කියල. ජෙනිෆර් පෙරේරවත් හොංකොංහි ජෝසෆ් මලික් පීරිස්වත් දන්නවා ද කොවිඩ් 19 වෛරසය අනෙක් වෛරසවලට වඩා ඉක්මණින් පැතිරෙන්නෙ ඇයි කියල.

කොවිඩ් 19 පැතිරීම සම්බන්ධයෙන් අනෙක් වෛරස පැතිරීම ගැන තියෙන බටහිර වෙදකමේ දැනුම ඒ විධියට ම යොදා ගන්න පුළුවන් ද? බටහිර වෙදකම ඒක දැන ගන්න කොච්චර කල් යයි ද? ඒක දැනගත්තට පස්සෙ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලෙ ඒ බව දැන ගන්න කොච්චර කල් ගනීවි ද?

අපට දැනට ඇත්තේ සැක හා හිතළු. ඔය බටහිර ක්‍රමයට ඒ ගැන පරීක්‍ෂා කරන්න ටිකක් කල් යයි. එතකන් අපි අර පරණ ගැසට්ටුවට පමණක් සීමා වෙමු ද? අපි අර එන්නත් ගැන කතා කරන්නෙ නැහැ. ඒ එන්නත් ලබා ගත්ත අයත් ආසාදිතයන් වෙනව ද නැද්ද කියන එක එතරම් ප්‍රශ්නයක් නො වෙයි. එක් එක් අයගෙ ශරීර එක් එක් විධියයි. එන්නතත් එක් එක් අයට දුන්න ම එක් එක් විධියට ක්‍රියාත්මක වෙනව ඇති. පඬි නැට්ටන් තමයි ඔය වගේ ප්‍රශ්න අල්ල ගෙන හූ තියන්නෙ.

සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලෙ ඔය ඔක්කො ම වැඩ පැත්තකින් තියල අර කමිටුව පත් කෙළෙ කවුද කියල හොයනවා ද? ඇය නම් නොවන බව අපට සහතිකයි. ඇය කියනව නෙ තමන් නො වෙයි කියල. අපට කට වචනය වැදගත්.

මේ අය ආදාහනයට විරුද්ධ වෙලා තමන්ගෙ දෙවියන් වහන්සේටමයි නිග්‍රහ කරන්නෙ. ඔවුන් කියන්නෙ දෙවියන් වහන්සෙ මැවූ ආත්මය හරි වෙන යමක් හරි මේ මිනිසුන්ට පුච්චල විනාශ කරන්න පුළුවන් කියල. ඒ කියන්නෙ මේ සතපහකට වැඩක් නැති මිනිසුන් සර්වබලධාරී දෙවියන් වහන්සේට වඩා බලවත් කියන එක ද? ඒක එහෙම වෙන්න බැහැ. සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලෙ හරි ජෙනිෆර් පෙරේරා හරි එහෙම හිතනවා ද?

– මහාචාර්ය නලින් සිල්වා

51,972 views

23 Comments to “නලින් ද සිල්වාගෙන් සුදර්ශනීට ප‍්‍රහාරයක්…”

  1. රන්වල says:

    මහදුරු කියන දේ සත්‍යයි.බටහිර වෙදකම ඉවතලමු.අලුත උපන් දරුවන්ට දෙන බීසීජී ටෙටෙනස් වැනි එන්නත් වෙනුවට පැණි බින්දු පොවමු.එය කාලි රාවනා හෝ නාත වශයෙන් අපට සකසා ගත හැක.හදවත් රෝගීන්ට බයිපාස් සැත්කම් වෙනුවට නාත හෝ කාලි විසින් පේන බලා දෙන සත්කාරයක් කරමු.හැබැයි ඉතින් මහදුරු නලීන් ගොයියත් සැත්කමක් කරන් බටහිර බේත් ටිකක් බීල තමා ඔය පණ ගැටගහන් බටහිර ඇදුමක් ඇදන් වැදිබණ දෙසන්නෙ එව්ව ඔයාල ගනන් ගන්න එපා අපි මේ පොලිටිකල් ගේම් එකේ ඉත්තො වෙලා ඇන්දෙමු.

  2. ක්‍රිමිනල් says:

    නලින් ද සිල්වා අහලා තියෙන පුරස්ණ වලට උත්තර ඥාණක්කගෙන් තමයි අහලා කියන්න වෙන්නේ , ඊලග දවස එනකං පොඩ්ඩක් ඉන්න ප්ලීස් !

  3. මහ මොළකරු says:

    නලින් ද සිල්වා කියන්න හදන්නේ මොකක්ද කියලා මේ ලිපිය කියවන කාට හරි තේරුම් ගියාද​?

  4. Aruna says:

    She is managing the case very professionally. Thanks to Sudarshani. No need arguments.

  5. හෙළයා says:

    ප්‍රනාන්දුපුල්ලෙ නෝනා පුලුවන් නම් දීපංකො මේ වට උත්තර.බැරිනම් ගෙදර පල..

  6. පොට්ටුවේ පඩි තකයා says:

    එලොවටත් මෙලොවටත් නැති රටටත් ගෙදරටත් වැඩක් නැති පෙර පින නිසා බුද්ධිමත් කම තිබුනට කිසිම ප්‍රයෝගික දැනුමක් නැති හම්පඩ උද්දච්ච කවුරුවත් කියන දෙයක් නාහන නාකි ප්රෝෆා ලයි ඒකටම හරියන වෙදකමයි දේශපාලනයි දෙකම හරියට කරගන්න බැරි දොස්තර මන්ත්‍රීලායි නිසා තමා අපේ රට අදටත් පසුගාමී වහල්ලු රෙ න පු උඩ තියන් වැඳ වැද යන රටක් වෙලා තියෙන්නේ. ඔක්කොටම කලින් රටේ ව්‍යවස්ථාව හරියට හදලා ඒ වට සම්බන්ද විද්වත් ස්වාධින කමිටු පිහිටුවල වන්දි බට්ටයෝ එලවල දාන්න. මුන් ඔක්කොමගේම දේශමාමක, ජාත්‍යාලය, සිංහල කම මිඩියා කාරය්නටයි , යු ටියුබ් චැනල් කාරයෝන්ටයි පෙන්න එල්ලන් ඉන්න කසිකබල් ලේබල් එකක් විතරයි. ඔක්කොම ළමයි ෆොරින් කන්ට්‍රිස් වල පි ආර් අරන් ගෙවල් අරන් රස්සාවල් කරනවා. ලෙඩක් හැදුනම ප්‍රයිවට් හොස්පිටල් වල දවස් ගණනක් ලැගල එන්නේ. දැන් නම් ඉතින් ඇට නම ලස්සේ උන් දැක්කොත් කොහෙන් හිනා වෙන්නද මන්ද.

  7. Hudson says:

    Nalin de Silva is a sick sociopath and a paraya dog who is now trained to lick Rajapaksa stinky asses.

  8. බකපණ්ඩිත says:

    මේ මනුස්සයට නම් සේරම තේරුම් ගිහිල්ල වගෙයි…..මස් කට්ට රැක ගන්න කහින බවක් පේන්නැද්ද?

    • amal says:

      උබේ කටේ තමය් මස් කට්ට හිරවෙලා තියෙන්නේ

  9. Janaka says:

    Only uneducated bastard children of sudah cannot understand Professor Nalinda Silva .Educated Bhumiputhra of this country can understand him very well .His thinking inspired so.many educated people in.this country andvthosr are the real brains of this country

  10. S.Vitharanas says:

    I salute Dr. Sudarshanie. Many commentators have said the real truth about Nalin though I do not know Hudson is a medical doctor. I refrain making any more comments about him but once again I admire the courrege shown by Dr. Pulle. Please keep it up, your good work.

Main News