නලින් බණ්ඩාරගේ නිවසේ කසිප්පු.. තොගයත් අල්ලයි..

May 5, 2020 at 10:22 pm | lanka C news
නලින් බණ්ඩාරගේ නිවසේ කසිප්පු.. තොගයත් අල්ලයි..

සමගි ජනබලවේගය කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක නලීන් බණ්ඩාර මහතාට අයත් කුලියාපිටිය ප්‍රදේශයේ පිහිටි නිවසකින් නීති විරෝධී මත්පැන් බෝතල් තොගයක් සොයාගෙන ඇත.

කුලියාපිටිය කොට්ඨාස පොලිස් කණ්ඩායමක් විසින් සිදුකළ මෙහෙයුමකදී මෙම තොගයේ සමග තවත් එක් පුද්ගලයකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් සමාජ ජාල මාධ්‍ය වාර්තා පළ වන්නේ හිටපු මන්ත්‍රීවරයාගේ නිවස කසිප්පු නිෂ්පාදනාගාරයක් ලෙස පවත්වාගෙන ගොස් ඇති බවයි.

නලින් බණ්ඩාර මහතා පසුගිය පාර්ලිමේන්තුවට එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරමින් පැමිණි අතර ඔහු නීතිය හා සාමය රාජ්‍ය ඇමති ධුරයද හොබවනු ලැබීය.

568 views

72 Comments to “නලින් බණ්ඩාරගේ නිවසේ කසිප්පු.. තොගයත් අල්ලයි..”

  1. ප්‍රේමනාත් says:

    රත්‍රංගේ කසිප්පු තිප්පොළ වගේ ලොකු එකක් වෙන්න ඇති නේද ?

  2. හා..හා...මේවා අවුරුද්දට බෙදන්න එකතු කරපුවා...මන්ත්‍රී වැටුපෙන් තමා එකතු කලේ... says:

    හා..හා…මේවා අවුරුද්දට බෙදන්න එකතු කරපුවා…මන්ත්‍රී වැටුපෙන් තමා එකතු කලේ…මන් සුදනා

  3. Walimuni Abeysekers says:

    How to order his good stuff.

Main News