නවක මන්ත්‍රිවරුන්ට අලුත් ජීප් රථ ගෙන්වයි..

May 24, 2021 at 10:00 am | lanka C news
නවක මන්ත්‍රිවරුන්ට අලුත් ජීප් රථ ගෙන්වයි..

නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා පිරිවැය අතින් වාසිදායක ජීප් රථ ආනයනය කර ලබාදීමට මුදල් අමාත්‍යාංශය සූදානම් වෙයි.

නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් පවරා ඇති ක්ෂේත්‍ර සංවර්ධන අධීක්ෂණ කටයුතුවලදී ප්‍රවාහන පහසුකම් සලසා ගැනීම සඳහා මෙලෙස ජීප් රථ ලබා දීමට මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ මහා භාණ්ඩාගාරයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

මෙතෙක් ක්‍රියාත්මක කළ තීරු බදු රහිත වාහන ආනයනය කිරීමේ බලපත්‍ර ලබා දීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් තාවකාලිකව නතර කර ඇත.

මූල්‍ය ස්ථායිතාව ආරක්ෂා කර ගැනීම සඳහා වාහන ආනයන සීමා තවදුරටත් පවත්වා ගෙන යන බවද මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

එහෙත් තෝරාගත් වාහන සීමිත ප්‍රමාණයක් කෘෂිකර්ම, වාරිමාර්ග, ඉඩම්, වනජීවි හා වන සංරක්ෂණ ක්ෂේත්‍ර සඳහා කඩිනමින් ගෙන්වීමට සැලසුම් කර ඇත. එහි දී ගිලන් රථ 50ක්, වතුර බවුසර් 50ක්, ඩබල් කැබ් රථ 50ක්ද මිලදී ගැනීමට නියමිතය.

මන්ත්‍රීවරුන් සඳහා මුදල් ගෙවීමේ පදනම යටතේ වාහන ලබාදීමට සැලසුම් කර තිබේ.

මෙලෙස ආනයනය කිරීමෙන් විදේශ විනිමය දුෂ්කරතා අවම කරගත හැකි බව අමාත්‍යාංශයේ අදහසයි.

මෙම වාහන මෙරට ප්‍රධාන පෙළේ වාහන සමාගමකින් මිලදී ගැනීමටද මුදල් අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයට යෝජනා කර තිබේ.

උදයජීව ඒකනායක
aruna

66,314 views

54 Comments to “නවක මන්ත්‍රිවරුන්ට අලුත් ජීප් රථ ගෙන්වයි..”

  1. සුදර්ශනී නෝනේ. ඔය තියෙන්නේ සල්ලි. මක්කටෙයි ඔහේ එක එකාගෙන් හිගාකන්නේ.

  2. SAMAN says:

    TOTAL UN ETHICAL UNWANTED POOR DECISION AT THIS TIME.

  3. Wijenayaka says:

    Why are you not reporting the 227 Prados (luxury SUVs!!)?

  4. Ayotallah says:

    Madam it is a disgrace to beg from people when the Government has so much money to import JEEPS for MPs for Covid hospitals

  5. Ruwani says:

    මොනවා කිව්වත්, corona කාලේ මැති ඇමැතිවරු සදහා අලුත් වාහන ඕනෙ.නැතිනම් කොහොමද ගම් නියම්ගම් කඳු නගින්නේ. බුද්ධිමත් තීරනයක් අගමැති තුමාගේ. තත්ත්වයට ගැළපෙන වාහන ඕනේ

  6. sudath says:

    දෙවියනි ඔබ කොහෙද ?

  7. sam says:

    මම නම් $$ තව 1 ක් වත් ලංකාව ට යවන්නේ වත් ආධාර දෙන්නේත් නැ. රජයට ඕන තරම් සල්ලි තියෙනවා නේ. රජයෙන් ඕන දෙයක් ඉල්ලා ගන්න.

  8. david milibanda says:

    Mahinda gone off his ROCKER & MAD…………….. Gota gone DEAF & DUMB.
    New Parliamentarians have no guts to refuse……… GREED at the expense of the masses.

Main News