නවක වදය දෙන්නවුන්ට ‘ආවා’ කල්ලියෙන් අනතුරු ඇගවා සරසවි පුරා පෝස්ටර්.. බිය වූ සිසු සංගම් නවක වදය නොදෙන බවට පෝස්ටර් අලවයි..

April 10, 2019 at 5:30 pm | lanka C news
නවක වදය දෙන්නවුන්ට ‘ආවා’ කල්ලියෙන් අනතුරු ඇගවා සරසවි පුරා පෝස්ටර්.. බිය වූ සිසු සංගම් නවක වදය නොදෙන බවට පෝස්ටර් අලවයි..

යාපනය විශ්ව විද්‍යාලයට ඇතුලත් වන නවක සිසුන් හට අමාණුෂිකව නවක වදය දෙන සිසුන් හට දඩුවම් ලබා දෙන බවටත් වහාම නවක වදය නවත්වන ලෙසටත් දැනුවත් කරමින් යාපනය විශ්වවිද්‍යාලයේ ගොඩනැගිලි තුල ආවා කල්ලිය විසින් පෝස්ටර් කිහිපයක් අලවා ඇත.

යාපනය විශ්ව විද්‍යාලයේ කලා අංශයේ ගොඩනැගිල්ලේ ස්ථාන කිහිපයක ඊයේ (09) රාත්‍රියේ ආවා කල්ලියේ බව කියවෙන අලවා තිබූ පෝස්ටර වලට පිළිතුරු වශයෙන් යාපනය විශ්ව විද්‍යාලය හා නැගෙනහිර විශ්ව විද්‍යලයන්හි ශිෂ්‍ය සංගම් විසින්ද නිවේදනයක් නිකුත් කරමින් යාපනය විශ්ව විද්‍යාලයේ නවක සිසුන්ට නවක වදයක් ලබා නොදෙන බවට අද (10) උදෑසන යාපනය විශ්ව විද්‍යාලයේ කලා අංශයේ අදාල ගොඩනැගිලි තුලද පෝස්ටර් ඇලවීමට පියවර ගෙන ඇත.

ආවා කලලිය විසින් අලවා තිබූ පෝස්ටරයේ සඳහන් කොට ඇත්තේ යාපනය විශ්ව විද්‍යාලයට අධ්‍යාපනය වෙනුවෙන් පැමිනෙණ සිසු සිසුවියන් වෙනුවෙන් මෑත කාලයේදී නවක වදය අමානුෂිකවලබා දෙන බවටත් නවක වදය ලබා දීමේදී කුලය පෙරටු කොටගෙන විවිධ වූ වධ හිංසා පමුණුවන බවට තොරතුරු වාර්ථාවන හෙයින් අදාල පුද්ගලයින් වහාම එලෙස නවක වදයක් ලබා දෙන්නේ නම් එය නතර කළයුතු බවටත් එසේ නොවන්නට නවක වදය ලබා දෙන්නවුන්ට තම සංවිධානයෙන් දැඩි දඩුවම් ලබා දෙන බවටත්ය.

මේ අතර යාපනය විශ්ව විද්‍යාලයේ සහ නැගෙනහිර විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගම් විසින්ද නිවේදනයන් නිකුත් කරමින් පවසා ඇත්තේ යාපනය විශ්ව විධ්‍යාලය තුල කිසිදු අයුරකින් කුලය පදනම් කරගෙන හෝ කුමන හෝ අයුරකින් නවක වදය ලබා නොදෙන බවටත් නවක වදය ලබා දෙන බවට සමාජ මාධ්‍ය මගින් ඇතම් පාර්ශව මගින් ගෙන යන ප්‍රචාරයන්හි කිසිදු සත්‍යතාවයක් නොමැති බවටත් එලෙස සමාජ මාධ්‍ය මගින් අසත්‍ය ප්‍රචාරයන් ගෙන යන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බවටත් ප්‍රකාශ කරිමිනි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

184 views

9 Comments to “නවක වදය දෙන්නවුන්ට ‘ආවා’ කල්ලියෙන් අනතුරු ඇගවා සරසවි පුරා පෝස්ටර්.. බිය වූ සිසු සංගම් නවක වදය නොදෙන බවට පෝස්ටර් අලවයි..”

  1. Paul says:

    Let’s implement the same strategy in the south

    • ගන්ජ බන්ඩා says:

      අනුර-දාස ට කියල භීෂණ සමයේ ජවිපෙ සන්නද්ධ කල්ලියේ අන දෙන නිලධාරී කීර්ති විජේබාහු නැවත කැන්දන් වරෙල්ලා

  2. Akash says:

    Dakune viswa vidhyalawala siduwana amanushika nawaka wadayata erehiwa awa kalliyak bihiviya yuthuy.

  3. dilky says:

    Can the same poster be pasted at universities in rest of the country as well please ?

  4. ExUNPer says:

    Could all Universities please take Jaffna as an example !!!
    Treat freshers nicely, help them!
    Replace ragging by involving them in cultural or similar activities with seniors.

  5. Atula says:

    To get popular with common people you need to protect them, support them and provide answers for their grievances. That is what LTTE also did even though while continuing as a terrorist group with a different agenda. A government whose duty is to look after people is not providing any solutions for the grievances of them, obviously there can be new rebellion groups blooming up like LTTE and JVP in the past.

  6. Atula says:

    To get popular with common people you need to protect them, support them and provide answers for their grievances. That is what LTTE also did to get popular with common people while continuing as a terrorist group with a different agenda. If a government whose duty is to look after the people, is not providing any solutions for the grievances of them, obviously there can be new rebellion groups blooming up like LTTE and JVP in the past.

  7. helaya says:

    next ltte in making. only an elected government can make laws and court can make punishments. This is alternative law and no one should hail this.

  8. Puransisku says:

    අනේ ආවාකල්ලිය මෙහාටත් වඩින්න. අපි ඔබව සාදරයෙන් පිලිගනිමු!

Main News