‘නවක වදය දෙන්නවුන්ට දැඩි දඩුවම්..’ – විශ්ව විද්‍යාලය පුරා පෝස්ටර්

March 12, 2020 at 2:15 am | lanka C news
‘නවක වදය දෙන්නවුන්ට දැඩි දඩුවම්..’ – විශ්ව විද්‍යාලය පුරා පෝස්ටර්

යාපනය විශ්වවිද්‍යාලයට ඇතුලුවන නවක සිසුන් වෙනුවෙන් නවක වදය ලබා දෙන්නවුන්ට දැඩි දඩුවම් ලැබෙනු ඇති බව දැනුවත් කරමින් නවක වදයට එරෙහිව අනතුරු අඟවා යාපනය විශ්ව විද්‍යාල භූමිය තුල කිසියම් පිරිසක් විසින් පෝස්ටර් අලවා ඇත.

දෙමළ තරුණ සන්ධානය නමින් හඳුන්වන කණ්ඩායමක් විසින් මෙම අනතුරු ඇඟවීම සිදු කරන බවට යාපනය සරසවි භූමියේ පිහිටි පොදු ස්ථාන වල අදාල පෝස්ටරය අලවා දැනුම් දී ඇත.

දෙමළ ජනතාවගේ සංස්කෘතිය රැකගැනීම හා යුද්දෙන් පසුව නැවත පදිංචි වූ දෙමළ ජනතාවගේ ගැටලු විසඳීමට අවස්ථාව උදා වී ඇති මෙම මොහෝතේ අනාගත බලාපොරොත්තු වෙනුවෙන් සරසවි වරම් ලබා පැමිනෙන නවකයින් වෙනුවෙන් නවක වදයක් ලබා දී එම සිසුන්ගේ මානසිකත්වය කඩාදමන පිරිස් වෙනුවෙන් ඉදිරියේදී දැඩි දඩුවම් ලබා දෙන බවටත් වහාම නවක වදය නැවත්විය යුතු බවට අදාල පෝස්ටර් ඇලවූ තරුණ දෙමළ සන්ධානය විසින් වැඩි දුරටත් දන්වා සිටියි.

පසුගිය දිනයන්හි යාපනය සරසවියේ කිලිනොච්චිය මණ්ඩපයේදී නවක සිසුන්ගේ නිරුවත් ඡායාරූප ගැනීම සම්බන්ධයෙන් දැඩි නොසන්සුන් තත්වයක් පැවති අතර එසේ නවක වදය දී පංති තහනමට ලක් වූ සිසුන් පිරිසකගේ නිවෙස් වෙතට නාදුනන පිරිස් විසින් ප්‍රහාර එල්ල කිරීම්ද වාර්ථා විය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

76 views

2 Comments to “‘නවක වදය දෙන්නවුන්ට දැඩි දඩුවම්..’ – විශ්ව විද්‍යාලය පුරා පෝස්ටර්”

  1. හෙලයා says:

    මෙය තමා විය යුත්තේ..අන්තරේ පිස්සන්ගේ ගෙවල් වලින් පටන් ගත යුතුයි..

  2. Susil says:

    Who ever did it – excellent move.
    Punish these bastards who give ragging to fresh students in all campuses.

Main News