නවක වෛද්‍යවරුන් 1080 කට පත්වීම් ලබාදෙයි…
February 27, 2019 at 2:03 am | lanka C news
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවයේ ගුණාත්මකභාවය තවදුරටත් ඉහළ නැංවීම සදහා නවක වෛද්‍යවරුන් 1080 කට පත්වීම් ලබාදීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැත්විනි.
මෙම කණ්ඩායමෙන් විශාල පිරිසක් උතුරු නැගෙනහිර පළාතේ රෝහල්වලට ද, සේවා අවශ්‍යතාවයේ ප්‍රම්‍රඛතාව සළකා අනෙකුත් පළාත් වල රෝහල් වලට ද ලබාදීමට පියවර ගෙන ඇත.
මෙම උත්සවයට සෞඛ්‍ය ලේකම් වසන්තා පෙරේරා මහත්මිය, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, අතිරේක ලේකම් සුනිල් ද අල්විස්, නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරුන් වන අමල් හර්ෂ ද සිල්වා, ලාල් පනාපිටිය, අධ්යක්ෂ වෛද්‍ය සේවා ප්‍රියන්ත අතපත්තු මහතා ඇතුලු වෛද්‍යවරුන් එක්ව සිටියහ.
– ප්‍රසන්න අධිකාරි