නවතා තිබූ ලොරියේ යතුරුපැදිය ගැටී තරුණයින් දෙදෙනෙකු මරුට…

November 10, 2021 at 2:21 am | lanka C news
නවතා තිබූ ලොරියේ යතුරුපැදිය ගැටී තරුණයින් දෙදෙනෙකු මරුට…

යාපනය මහනුවර ඒ-9 ප්‍රධාන මාර්ගයේ කිලිනොච්චිය පරන්තන් ප්‍රදේශයේදී යතුරුපැදියක් ලොරියක ගැටීමෙන් තරුණයින් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි කිලිනොච්චිය පොලීසිය පවසයි.

පරන්තන් මංසන්ධියේදී ඒ- 9 ප්‍රධාන මාර්ගයේ පසෙක ලොරි රථයක් නවතා තිබී ඇති අවස්ථාවේදී අධික වේගයකින් පැමිණි යතුරුපැදියක් වේගය පාලනය කරගැනීමට නොහැකිව ලොරියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයිද එහිදී යතුරුපැදියේ පැමිණි තරුණයින් දෙදෙනාම මියගොස් ඇතිබව මූලික පොලිස් පරික්ෂණ වලදී හෙලි වී ඇත.

පැවති වර්ෂාව හේතුවෙන් යතුරුපැදියේ වේගය පාලනයකරගැනීමට නොහැකි වීමෙන් මෙම අනතුර සිදුව ඇතැයිද පොලීසිය සැකපලකර සිටියි.

අනතුරින් මිය ගොස් ඇත්තේ පරන්තන් ප්‍රදේශයේම පදිංචි 29 හැවිරිදි යූ.මහෙන්ද්‍රරාසා සහ 34 හැවිරිදි සවුන්දානන්දන් කාන්දීපන් නැමති තරුණයින් වන අතර ඔවුන්ගේ මළ සිරුරු පශ්චාත මරණ පරික්ෂණය වෙනුවෙන් කිලිනොච්චිය මහරෝහලේ තැන්පත් කොට අතැයිද පරික්ෂණ සිදුකරන කිලිනොච්චිය පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

9,681 views

3 Comments to “නවතා තිබූ ලොරියේ යතුරුපැදිය ගැටී තරුණයින් දෙදෙනෙකු මරුට…”

  1. පාස්කකරලිංග says:

    මොවුන් දෙදෙනාගේ වයස බැලුවාම හිතෙනවා යම් දිට්ට ධම්ම වේදනීය කර්මයක් පලදීලා වත් දැයි කියලා. නිවන් සුව ලැබේවා.

  2. Kali says:

    වාහනයක වේගය පාළනය කරන්නේ වර්ෂාව නෙමෙයි. මෝටර් රථයකනන් ගෑස් පෙඩ්ල් එක මෝටර් බයිසිකයලයකනන් ත්රෝට්ල් හැන්ඩ්ල් එක. ඔය දෙකම පාළනය කරන්නේ රථය පදින කෙනා. පාරේ වතුර තියන වෙලාවක හෝ වහින වෙලාවක ඕක අග්ගිස්සටම කරකවලා කෙල උනාම එකේ වරද වර්ෂාවේ නෙමෙයි. කරකවපු එකාගේ. නවත්තලා තිබ්බ ලොරියේ අයිතිකාරයට දැන් සතිගාණක් යනකල් ආදායම නෑ. පාඩුවේ හිටපු ඌට පෝරියල්.

  3. Kalu Albot says:

    Loriya nawathaa nothibunaa nam me anathura siuwanne nehe. E nisaa lori kaarayaa me gana waga kiwa yuthuyi.