නවසීලන්තයෙන් එන්නේ කිරිපිටි නොවේ.. රසායනික කුඩක්.. ඌරුතෙල්-කටු පොල්තෙල් පවා අඩංගුයි..- රටේ ජනප‍්‍රියම දොස්තර මහත්තයා විස්මිත හෙලිදරවුක..

March 29, 2019 at 2:10 pm | lanka C news
නවසීලන්තයෙන් එන්නේ කිරිපිටි නොවේ.. රසායනික කුඩක්.. ඌරුතෙල්-කටු පොල්තෙල් පවා අඩංගුයි..- රටේ ජනප‍්‍රියම දොස්තර මහත්තයා විස්මිත හෙලිදරවුක..

සීමාවෙන් එහා සංසදය විසින් පවත්වනු ලැබු ‘කිරිපිටි අර්බුදයේ ඇත්ත නැත්ත’ විද්වත් කතිකාව පසුගිය දා කොළඹ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ මධ්‍යස්ථානයේ දී පැවැත්විනි.

එහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා මෙම අදහස් පල කලේය.

ජනතාවගෙන් වැඩි දෙනෙක් බෝ නොවන රෝගවලට ගොදුරු වීම තමයි අද අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය මුහුණ දෙන ප්‍රධානතම ගැටළුව වී තිබෙන්නේ.  අපේ ජීවන රටාවත් විශේෂයෙන්ම ආහාරත් මෙයට ප්‍රධාන හේතුවක් වී තිබෙනවා.

අපේ ආහාර ගැන කතා කරන විට කිරි ගැන කතා නොකර බැහැ.  මොකද මේ වන විට එය රටේ ලොකු ප්‍රශ්නයක් වී තිබෙනවා.  අපේ ආහාර කාණ්ඩ 6 අතර තිබෙන එක කාණ්ඩයක් පමණයි මේ කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන.  නමුත් බොහෝ දෙනා හිතාගෙන ඉන්නේ අපේ ප්‍රධානතම ප්‍රෝටීන ලැබෙන මාර්ගය කිරි  කියලයි.  නමුත් කිරි වලට වඩා වැඩි ප්‍රෝටීන ප්‍රමාණයක් අපට වෙනත් ආහාරවලින් ලබාගන්න පුළුවන්.  අපේ දේශීය  සහල් වර්ග බොහොමයක ප්‍රෝටීන ග්‍රෑම් 11ක් අඩංගු වෙනවා.

වරක් කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් කියා දුන්නා වෙන සතෙකුගේ කිරි බොන එකම සතා මිනිසා බව.  ඒ වගේම අපි ලොකු වෙලත් කිරි බොනවා.  අනික් සතුන් කිරි බොන්නේ කුඩා කාලයේ පමණයි.  අපිට කිරිපිටි වර්ග බොහොමයක් ලැබෙන නවසීලන්තයේ මිනිසුන් නම් බොන්නේ දියර කිරි.  ඔවුන් කිරිපිටි නිෂ්පාදනය කරන්නේ අපනයනයට.  කිරිපිටි පානයෙන් අප ලෝකයේ 4 වෙනි ස්ථානයට පත්වෙලා. මෙම කිරිපිටි ආනයනය නතර කළහොත් පාසැල් සිසුන්ට අත්‍යවශ්‍ය වෙනත් පහසුකම් ලබාදීමට එම මුදල් යොදවන්නට පුළුවන්.  මෙතරම් මුදලක් වියදම් කරලා පිටරටින් ආනයනය කරලා අපි ඇත්තටම බොන්නේ කිරි ද?

කිරි පිටි නිෂ්පාදනයේදි ප්‍රෝටීන් ටික අයින් කර ගන්නවා. ප්‍රෝටීන් ටික ඉවත් කර ගත්තාට පස්සේ මෙයට විවිධාකාරයේ රසායනික ද්‍රව්‍ය එකතු කරනවා.  කිරිවල මේදය ටික අයින් කරලා බටර් චීස් වලට විකුණල ඒ වෙනුවට බුද්ධික පතිරණ මහත්මයා පාර්ලිමේන්තුවේ කිව්වා වගේ මේකට ඌරු තෙල් ඇතුළු විවිධ සත්ව තෙල් වර්ග ඇතුළෙ කරන බව කියවෙනවා. නමුත් දැන් ඒ වෙනුවට කටු පොල් තෙල් හෙවත් පාම්ඔයිල්  එක්කරන බව කියවෙනවා. ළදරු කිරි පැකට්ටුවේ පවා ඒ බව සඳහන් කරලා තියෙනවා.  එය බොරු යැයි කියන්නේ නැහැ.

මා ලඟ දත්ත තියෙනවා ඔබට පෙන්වන්නට චීනයේ වගේ හතර ගුනයක් කටු පොල් තෙල් නවසීලන්තයට ආනයනය කරනවා. ඒක නිසා මෙතන කෘතිම දෙයක් තමයි අපි බොන්නේ කිරිපිටි කියලා. රසායනික ද්‍රවනයක්.  එය අපේ කිරි කියන නිර්වචනයට අයිති නැහැ. කිරි කියන දේට විද්‍යාත්මකව සැසදෙන්නෙත් නැහැ. කිරිපිටි වලට අප දමන වතුර ටික විතරයි වෙන්නැති ඇතැම්විට ස්වභාවිකව ඇත්තේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය අපේ මුදල්වලින් මුද්‍රණය කරලා නමුත් අලවන්නේ නැතුව තියාගෙන ඉන්න පෝස්ටරයක් මා ඔබට පෙන්වන්නම්.  එහි පැහැදිලිව සඳහන් වෙනවා කිරි නිසා ඇතිවන අන්තරායන් විසි එකක් ගැන.  බුද්ධිය හීන වෙන්න පුළුවන් අසාත්මිකතා හෘද රෝග ස්ථුලතාව පිළිකාව ඇතිවෙන්න පුළුවන් කියන එක මේ පෝස්ටර් දැක්කහම ඔබට හරි පැහැදිලියි.  යුනිසෙෆ් සංවිධානය කියන්නෙත් මෙවැනිම කතාවක්.  අවාසනාවකට දේශපාලන  වෙනස්කම් එක්ක  දැන් මේ පෝස්ටරය ප්‍රදර්ශනය කරන්නේ නැහැ.

– අරවින්ද අතුකෝරල

53 views

26 Comments to “නවසීලන්තයෙන් එන්නේ කිරිපිටි නොවේ.. රසායනික කුඩක්.. ඌරුතෙල්-කටු පොල්තෙල් පවා අඩංගුයි..- රටේ ජනප‍්‍රියම දොස්තර මහත්තයා විස්මිත හෙලිදරවුක..”

  1. Suhada says:

    ජනප්‍රියම?? හඃ හඃ . ඇයි රාජිත නොවේද?

  2. රටෙ එකා says:

    දැන් ජෙප්පො පෙරට්ටො එයි රෙදි උස්සගෙන පාදෙනියට ගහන්න. උන්ගේ පපු කැවුත්ත රිදෙනවා නවසීලන්ත ගොවියෝ මතක්වෙද්දී.

  3. Dasa Nayaka says:

    When did that posters print? Before 2015?

  4. Sunimal says:

    ඔය කතාව 2015 ට කලින් කිව්වෙ නෑත්තෙ ඈයි දොස්තර මහත්තයො ඕක අද ඊයෙ හොයගත්ත දෙයක් නෙමෙය් නමුත් පමා වි හො කල හෙලිදරව්වට ස්තුතියි

  5. නලින් ධර්මපාල - මෙල්බෝන් says:

    මෙයා වෛද්‍යවරයෙක් මිස පෝෂණවේදියෙක් නෙවේ – මොකක්ද මේ කියන හතර බීරි කතාව – නවසීලන්තය වගේ සංවර්ධිත ප්‍රජාතන්ත්‍රවාදී රටක කිරිපිටි කියල පොල්කටු තෙල් දාන සිරිතක් හෝ ඉඩක් නැහැ – මම ඔවුන්ගේ නවසීලන්ත නිෂ්පාදනාගාරවලට ගොස් තිබෙනවා – ඉතාම සෞඛ්‍යාරක්ෂිතව ප්‍රමිතියට අනුව තමයි හදන්නේ – එක් එක් පාර්ශ්ව තමන්ගේ ලාභ ජනප්‍රියත්වය සඳහා බොරු කියනවා

    • Ajith says:

      රටෙන් පිටවෙලා රටට ආවඩන මිනිස්සු….අප්පිරියයි බන් …

      මේ කියන්නේ බොරුනම් ෆොන්ටෙරා එකට හරි නවසිඑලන්ත කාරයට බැරියැ නඩු දාන්න

      • AK47 says:

        පිස්සුද බන්…… ඕකා ලංකාවේ ඉදන් කොටන ජෙප්පෙක්.

    • Jiff says:

      ලිදෙන් වතුර බීලා, මුහුදට ආවඩන ජෙප්පෙක්ද කොහෙදෝ. නවසීලන්තේ කිරි ලීටරයක් රුපියල් 500ක් විතර වෙනවා. එහෙම වෙලා කොහොමද කිරි පැකට් එකක් රුපියල් 450ට දෙන්නෙ?

    • Don kannangara says:

      ADU KULE PARA JVP HATTA

    • Lasantha says:

      Nalin Dumbpaala
      Pull your head out of your arse mister.
      Its a well known fact they use milk protein replacements like palm oil and other animal protein.
      Do a simple google search before you speak.
      Disgrace that you call yourself a Sri Lankan.

    • sakalabujan says:

      New Zealand not selling quality milk products to sri lanka. that is costly ..they are selling only 2nd or 3rd quality products to sri lanka…

    • Jayasinha says:

      පොල් කටු තෙල් කියන්නෙයි කටු පොල් තෙල් කියන්නෙයි එකක් නෙමෙයි ධර්මපාලයො ජාති දෙකක්.මෙල්බෝන්වල උඹල වගේ මොංගලයො ඉන්න බව ඔප්පු කලාට උඹට ගොඩක් පින් ධර්මපාලයො.උඹ විසිට් එක දාන්න ඇත්තෙ වැරදි තැනකට වෙන්න ඇති.

  6. Lasantha says:

    Criminal
    We guarantee to use palm oil sourced from sustainable producers through the Green Palm™ scheme. Green Palm™ is endorsed by the Roundtable Sustainable Palm Oil (RSPO) of which Fonterra has been a member since 2010.

    Source: https://www.nzmp.com/global/en/ingredients/powders/instant-milk-powder/fat-filled-milk-powder.html

  7. ka says:

    ජනප්‍රියම

  8. Love nature says:

    රන් කිරි කට ගෑ කටින් ගොන් කිරි බීමට පටන් ගැනීමේ ආදීනව අපි සැවෝම අද වනවිට යහමින් අත් විඳින්නෙමු.

  9. මුදලටම වහලුන් වී ,ඒ පසුපසම හබා යන පරපුරක සාමාජිකයෙකු වුවද ,උඩුගම් බල පීනන අතලොස්සකට අයත් සැබෑ මිනිසෙක් වන ඔබතුමාට හුදී ජන තුති මල්!

  10. sithmal says:

    අපිට කිය කිය ඉන්නෙ ඔය කියන සමාගම් වල නම් ටික වමාරල, දාපිය ඕවට නඩු.

Main News