නවසීලන්තයේ ත‍්‍රස්ත ප‍්‍රහාරයකින් බංග්ලාදේශ ක‍්‍රිකට් පිල අනූ නවයෙන් බේරේ… වෙඩි වැදී 27ක් මරුට..

March 15, 2019 at 8:40 am | lanka C news
නවසීලන්තයේ ත‍්‍රස්ත ප‍්‍රහාරයකින් බංග්ලාදේශ ක‍්‍රිකට් පිල අනූ නවයෙන් බේරේ… වෙඩි වැදී 27ක් මරුට..

නවසීලන්තයේ සංචාරයක යෙදී සිටින බංග්ලාදේශ ක‍්‍රිකට් කණ්ඩායම එරට ක‍්‍රයිස්චර්ච් නගරයේ දේවස්ථානයක සිටියදී වෙඩි ප‍්‍රහාරයක් එල්ල වී තිබේ.

සන්නද්ද පුද්ගලයන් දෙදෙනෙකු විසින් එහි දේවස්ථාව දෙකකට ඇතුළු වී මෙසේ වෙඩි තබා ඇති අතර ඉන් අවම වශයෙන් පුද්ගලයන් 27 දෙනෙකු මිය යන්නට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වෙඩි තැබීම සිදුවන අවස්ථාවේදී බංග්ලාදේශ ක‍්‍රිකට් කණ්ඩායම ආරක්‍ෂිතයව එම ස්ථානයෙන් ඉවත් කරගෙන තිබේ.

හැකිතාක් නිවාසවලට වී සිටින්නැයි පොලීසිය උපදෙස් දී ඇති අතර නගරයේ ආරක්‍ෂාව දැඩි කර ඇත.

සිදුවීම සම්බන්ධයෙන් දැනට පුද්ගලයන් තිදෙනෙකු සැක පිට අත්අඩංගුවට ගෙන ඇත.

175 views
Main News